පරිසරය වනසන සියලු දෙනා තරා තිරම නොබලා නීතිය හමුවට පමුණුවන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අදට (05) යෙදෙන ලෝක පරිසර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියයි.
‘මිනිසා සහ පරිසරය අතර පවත්නා අනනෝන්‍ය සංහිඳියාව සහ සහජීවනය මිහිතලය මත ජීවියාගේ පැවැත්ම ඇරැඹුණු, ඉතිහාසයේ සමාරම්භක අවදිය දක්වා දිව යන අසිරිමත් බැඳීමකි.
1972 පැවති පරිසර සමුළුවේදී ගන්නා ලද තීරණයකට අනුව සෑම වසරකම ජූනි 05 වැනි දා ජගත් පරිසර දිනය ලෙසින් නම් කෙරෙනුයේ පරිසර සංරක්ෂණය කෙරෙහි ලෝක ප්‍රජාවගේ දැඩි අවධානය යොමු කරනු පිණිස ය. මෙවර පරිසර දිනයේ තේමාව වනුයේ “තිරසර භාවිතය – සුරකී මිහිතලය” යන්න ය.
සොබාදහමේ දරුවන් ලෙසින් අද දවසේ අප සතු යුතුකම සහ වගකීම වනුයේ පරිසරයට එරෙහි මානව ක්‍රියාකාරකම් වළකා ස්වාභාවික උරුමයන්ගේ නිරුපද්‍රිත පැවැත්ම උදෙසා ඇප කැපවීමය. එහිලා සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත නොබියව හා පක්ෂග්‍රාහී බවින් තොරව දැඩි ලෙස කි්‍රයාත්මක කිරීමත්, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙර සංකල්පීය අවධියේදීම පාරිසරික බලපෑම් පිළිබඳ මූලික ඇගයීම් වාර්තා ඔස්සේ පරිසර හිතකාමී ව්‍යාපෘති ලෙස ආරම්භ කිරීමත් පරිසරය වෙනුවෙන් ගත හැකි සාධනීය පියවර වේ.
අප රජය වනාන්තර සහ වන ජීවීන්ගේ සුරක්ෂිත පැවැත්ම ආරක්ෂා කරනු උදෙසා වන විනාශය වැළැක්වීම සේම සංවේදී පරිසර පද්ධති සංරක්ෂණය සඳහා ද නව නීතිරීති සම්පාදනයට කටයුතු කරන අතර පරිසරය වනසන බලවේග තරාතිරම නොබලා නීතිය හමුවට පැමිණ වීමට පියවර ගනු ඇත. මේ සියල්ලෙන් අපේක්ෂා කරනුයේ සකල විධ පාරිසරික විනාශකාරී ක්‍රියාවන්ට එරෙහි නීති බලාත්මක කරමින් පරිසරයට, ගහකොළට සේම සතාසිව්පාවාට ආදරය කරනු ලබන පරපුරක් බිහිකිරීම ය.
මෙවර ජගත් පරිසර දිනයේ අප සියල්ලන්ගේ අධිෂ්ඨානය විය යුත්තේ පරිසරයට රැකවරණය සැලසෙන එවන් හෙටක් නිර්මාණය කිරීමය.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ජනපති. ඔබ කාටවත් බිය වියයුතු නැහැ. ඔබ කෙළින් තීරණ ගන්න. ඔබ තවත් නායකයකු නොව තවත් ශ්‍රේෂ්ඨයකු වන්න. එතකොට කවදාහරි මිනිස්සු ඔබ නිවැරදි බව කියාවි. මිනිස්සු හැමදාම ඔබ ළඟ හිඳීවි (නි)
පිවිතුරු යහපාල, ඔයාගේ කලින් ලොක්කා තමන්ගේ බූදලේ වගේ බෙදපු විල්පත්තුව දැන් මෙතුමා ආරක්ෂා කරගන්න යන්නේ. ඒකටත් නිකම් බකට් අදින්නේ නැතුව ඉන්න. (නි)
මේ කතාවට නම් මට හිනා කොච්චරද කියලා කිව්වොත් අර මොනවද කාපු එකාට හිනාව නවත්තාගන්න බැරි විදියට හිනායන්නේ, ඒ වගේ මටත් හිනාව නවතාගන්න බැරුවයි ඉන්නේ .... කාලෙකින් හොඳට හිනා වුණා. ලේ පිරිසිදු වෙනවනේ.නියමයි (නි)
අනුර, ඔබ මොනවද දන්නේ පොළොන්නරුවේ වැලි ගොඩදාන එක ගැන? මෙහෙ සාමාන්‍ය මිනිසුන්ට නම් තහනම්.මේක නැවතිලා නැහැ. හැබැයි ජනාධිපතිතුමනි ඔබ ඇත්තටම මේවා නැවත්තුවොත් ඔබතුමාට මිනිස්සු තවත් ආදරය කරයි.. (නි)
චමත් , මොකක්හරි අසනීපයක් වෙන්න ඇති. හොඳ මානසික දොස්තර කෙනෙක් බලලා බෙහෙත් ගන්න. මෙහෙත් ඉන්නවා ඔය වගේ වහල් මානසික ලෙඩේ හැදිච්ච ටික දෙනෙක්. ඊළඟ ඡන්දෙ ප්‍රතිඵල ආවහම ඒගොල්ලන්ට නම් සනීප වෙනවා.කොහොමත් වහල්ලුන්ගේ ලේ අපිරිසිදු වෙලා තියෙන්නේ මේ දවස්වල, යහපාලනය දිරවා ගන්න බැරුව. (නි)
අරක කරනවා මේක කරනවා. ඔය කතාවල් අහලා ඇති වෙලා. යමක් කරලා ඉවර වෙලා ඒක ගැන කතා කරන්න. (කේ)
පරිසරය විතරක් නොවේ ජනපතිතුමනි, රට ජාතියද ආරක්ෂා කර දෙන්න. වැරදි කරන අයට දඩුවම් දෙන්න අනෙක් අයට පාඩමක් හිටින විදිහට (බ)
ලස්සන වචන දාල මාධ්‍ය ප්‍රකාශ නිකුත් කළාට, එක් දවසක් පරිසර දිනය සමරුවට. පරිසරය ආරක්ෂා වෙන්නේ නැහැ. විල්පත්තුව වන විනාශය නවත්තන්න ජනාධිපතිතුමා දැඩි තීරණයක් ගත්තා. එ්ක අගය කරන්න ඕන. ප්‍රශ්නය තියෙන්නේ එතුමා ගන්න තීරණ රජය ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඇත්තටම ලංකාවේ මේ තරමින්වත් ආරක්ෂා වෙලා තියෙන්නේ ජනමාධ්‍යයට පින් සිද්ධ වෙන්න. (බ)
කොටිවනසලා රට බේරාගත්තු අපේ මහින්ද සෙන්පතියානනුත් ඕකම අපිට පුන පුනා කීවා..? එත් වුනේ අපේ වල් අලි ඇවිත් ගමේ පදිංචි වුනා මිනිස්සු රටක් වටිනා අලි සම්පත නොයෙක් දේවල් කරලා විනාශ කළා, දැන් මෙයත් එනවද බිලීබාල මාළු කන්ටේනරේට දමාගෙන යන්න...? (බ)
රූපවතී, ඔයාගේ ගමේ අලි පදිංචි වෙලා නම් ඔයා එන්න අපේ ගෙදර. (ර)
කනිෂ්ක, ජනාධිපතිතුමාට පුළුවන් අණ පනත් පනවන එක, ඒවා ක්‍රියාත්මක කරන්න ඕන නිලධාරීන්. තව කාලයක් මෙහෙම ගියොත් ඔයා ප්‍රශ්න විසදේවි. (ර)
හැබැයි මේ වගේ දවසක දෙන පොරොන්දු ඉෂ්ටවීමේ ප්‍රවණතාවය වැඩියි (නි)
කොච්චර හොඳද මහත්තයෝ? (නි)
කරලම පෙන්නුවොත් නම් අපි ඔබට දෙවියන්ට වගේ සළකනවා (නි)
අපෝ අනුර මල්ලි, දැන් ඔයා කියන්න යන්නේ මොකක්ද එතකොට?
හැබැයි දඬුවම් දෙන්නේ මහින්ද පාර්ශවයේ අයට විතරක් වුණොත් නම් ඔන්න ප්‍රශ්නයක් (නි)
ඔබතුමා ඔය කියන විදියට කලොත් ඊලග මැතිවරණය ඉතාම විශිෂ්ට ලෙස දිනාදෙන්න අපි වැඩ කරනවා. (ර)
විජයබාහු , ඔය මඩ වලෙන් ගොඩ එන්නේ කවද්ද ? (ර)
පරිසරය කියුවම ගහකොළ, ගගේ වැලි, පමණක් නොවෙයි. අර නගර වල අහස උස කුණු ගොඩවල් අයින් කරලා දෙන්න. නැත්නම් ඒවයෙන් හමන දුගද නිසා ජනතාව රෝගී වෙනවා. (ර)
එසේනම් පොළොන්නරුවේ මහා වැලි ව්‍යාපාරය, ගස් කප කප ඉඩම් එලිකිරීමේ( අරලිය) ව්‍යාපාරය, ඉඩම් ගොඩකිරීමේ( අරලිය) ව්‍යාපාරය? තමන්ගේ අය ගෙන්ම පටන් ගමු. (ස) පටන් ගමු
ජනාධිපතිතුමනි රටේ නීතිය බල්ලට ගිහින් කියල තව දන්නේ නැද්ද ? (බ)
බයිලා ඇති තමන්ගේ ගෙදරින්ම පටන් ගන්න.(නදී)
ජනාධිපති තුමනි ලංකාවේ අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් අනාගත දෙස බලා මෙය අනිවාර්යයෙන්ම කරන්න කිසිම ගසක් කපන්නට ඉඩ තියන්නට එපා නීති ඉක්මණට ගෙන්න නගර මද්‍යයේ ගස් සිටුවීම අනිවාර්ය කරන්න ඔබට සුබ අනාගතයක් (ම)
අනිවාර්යයෙන් ම කරන්න (ම)
කතා වැඩක් නැහැ. තනතුරේ අසීමිත බලය පාවිච්චි කර විනාශය නැවැත්විය යුතුයි.ජාතික සම්පත විනාශ කරන්නෝ ජාතික අපරාධකරුවෝය.අනාගත පරම්පරාවන්ට මෙය රැක දෙන්න. (නි)
කොනක ඉඳලාම පටන්ගන්න. (නි)
ලොකු කතා කිවුවට තවම විල්පත්තුවට හරි තීරණයක් නැහැ. (නි)
මුල ඉඳලම පටන් ගන්න. (නි)
එතකොට දැන් රට ජාතිය වනසන අයට (ම)
හොඳයි අපි බලමුකෝ... (නි)
මෙතුමා කතාව විතරක් නෙමෙයි, ක්‍රියාවෙන්ම තමන් ගැන ඔප්පු කරලා තියෙනවා. පොළොන්නරුවේ වැලි ගොඩදාන එක තහනම් කිරීමෙන් ඒ බව ඔප්පු වෙනවා. තමන්ගේ සහෝදරයට වුණත් නීතිය සමානව කරනවා.අපි නායකයෙකුගෙන් බලාපොරොත්තුවෙන්නේ ඒක. (නි)
විල්පත්තුව ගැන මොකද කියන්නේ? (නි)
විල්පත්තුව ප්‍රශ්නයට ක්‍රියාමාර්ගයක් අරගෙන පෙන්වන්න.තව සාක්ෂි අවශ්‍ය නැහැනේ.ඕනෑවටත් වඩා තියෙන්නේ... (නි)
ඔබ ජනපති. ඔබ කාටවත් බිය වියයුතු නැහැ. ඔබ කෙළින් තීරණ ගන්න. ඔබ තවත් නායකයකු නොව තවත් ශ්‍රේෂ්ඨයකු වන්න. එතකොට කවදාහරි මිනිස්සු ඔබ නිවැරදි බව කියාවි. මිනිස්සු හැමදාම ඔබ ළඟ හිඳීවි. (නි)
අපි බලාපොරොත්තු වෙනවා විල්පත්තුවට හොඳ විසඳුමක් මෛත්‍රී මහතාට දෙන්න පුළුවන් කියලා. බොරුවට ‘විල්පත්තු විල්පත්තු‘ කියලා දේශපාලන වාසි තකා නෙමෙයි (නි)
විල්පත්තුවට මොකුත් කරන එකක් නැහැ. ජාතික සමගියට ප්‍රශ්නයක් වෙන නිසා. (නි)
විල්පත්තුවත් මෙම නීතියට යටත් ඇති යැයි අපි සිතමු (නි)
ගරු ජනාධිපති තුමනි.ඔබතුමාගේ උත්සාහයට දහස් වරක් පින්. (ම)
අපේ බලාෙපාෙරාත්තුව විල්පත්තුවත් ඇතුළුව ... මෙය සිදුවීම වේ ......(ම)
ශබ්ද දූෂණයත් පරිසර විනාශයක් (නි)