IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘පරිසර හිතකාමීව රට හදන නායකයෙක් ඕනෑ‘

පරිසර හිතකාමීව රට සංවර්ධනය කළ හැකි අධිෂ්ඨානශීලී දේශපාලන නායකත්වයක් බිහිකරගැනීමට රටේ ජනතාව සිතිය යුතු කාලය එළැඹ ඇතැයි පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාව අද (5) සංවිධානය කළ ලෝක පරිසර දින සැමරුමට එක්වෙමින් එහි සභාපති අතුරලියේ රතන හිමියෝ කීහ.

මත් ද්‍රව්‍ය හා කෘෂි රසායනික විස වර්ග තහනම් කිරීමේ සම්මුතියක් ලෝක මට්ටමින් සම්මත කරගැනීමට ශ්‍රී ලංකාව ප්‍රමුඛත්වය ගත යුතු බවද රතන හිමියෝ පැවසූහ.

පසුගිය රජය අධිවේග මාර්ග හැදූ මුදල්වලින් දුම්රිය මාර්ග හැදුවේ නම් රටේ පොදු ජනතාවගේ ප්‍රවාහන ප්‍රශ්නය සෑහෙන දුරට විසඳෙනු ඇති බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

DSC_9226 DSC_9228 DSC_9235

DSC_9250

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක



අදහස් (0)

‘පරිසර හිතකාමීව රට හදන නායකයෙක් ඕනෑ‘

සෙනරත් Friday, 05 June 2015 03:24 PM

අධිවේගී මාර්ග හදපු නායකයාම වසර තිහක් වැසී තිබුණු උතුරු දුම්රිය මාර්ගයත් හැදුව බව ඔබ වහන්සේට අමතක උනාද? අනෙක අධිවේගී මාර්ග වලින් රටට සෙතක් උනේම නැද්ද අපේ හාමුදුරුවනේ? (කේ)

:       0       0

දිල්ශාන් Friday, 05 June 2015 03:28 PM

විල්පත්තුව එලි කරගෙන යනවා. මෙවුන් කතා පවත්වනවා.(කේ)

:       0       0

සුසීමා Friday, 05 June 2015 07:39 AM

අපිට නම් දැන් කතා අහලම එපාවෙලා (නි)

:       0       0

මොහාන් Friday, 05 June 2015 07:57 AM

මේ වසරේ අපි ඔබ වහන්සේගේ කතාව අහන්නේ සුබ වාදී බලාපොරොත්තු ඇතුව. අපේ බලාපොරොත්තු සුන් නොවේවා. මෙතෙක් මේ කතා ඇහුවට ක්‍රියාත්මක වෙනවා දැක්කේ නැහැ. යහපාලනයට ජය වේවා.! (ර)

:       0       0

සුනිල් Friday, 05 June 2015 08:12 AM

මේ කාව ගෙනෙන්න හදන කොන්තරාත්තුවක්ද? අපිට හිතාගන්න පුළුවනි. පරිසරේ රකින්න ඕනි රජයේ නිලධාරීන් සහ ජනතාව. මේකටම නායකයෙක් මොකටද? (ස)

:       0       0

ජනිත් Friday, 05 June 2015 08:27 AM

පළමු පේලියේ 4 වන එක්කෙනයි , දෙවන පේළියේ 1වන එක්කෙනයි නිදි. ඔබ වහන්සේගේ කතාවෙන් සත්‍යාවබෝධ වෙලා .... (බ)

:       0       0

සුරන් Friday, 05 June 2015 08:49 AM

පරිසර හිතකාමීව රට සංවර්ධනය කළ හැකි අධිෂ්ඨානශීලී දේශපාලන නායකත්වයක් බිහිකරගැනීමට රටේ ජනතාව සිතිය යුතු කාලය එළැඹ ඇතැයි" එතකොට හාමුදුරුවනේ පහුගියකාලේ බිහිකරගත්තේ රූකඩයක්ද (ම)

:       0       0

කෝලිත Friday, 05 June 2015 09:02 AM

වැලි ගොඩදාන ඒවා. කැලේ කපන එක නවත්වල හොරෙන් ගල් කඩන එක නවත්වල. වැව රක්ෂිතවල හෝටල් වහල පටන් ගත්තොත් හොදයි නේද ? (ර)

:       0       0

සුනිල් Friday, 05 June 2015 09:35 AM

කෝලිතගේ කතාව මමත් අනුමත කරනවා. (ම)

:       0       0

මංජු Friday, 05 June 2015 09:57 AM

ඔබ වහන්සේට ඕක තේරුම් ගන්න ගොඩක් කල් ගියාට, අපිට නම් ඕක තේරිලා ගොඩක් කල්. (ර)

:       0       0

දුමින්ද Friday, 05 June 2015 10:27 AM

එක එක වැඩේට වෙන වෙන නායකයන් (ම)

:       0       0

චාන්දි Friday, 05 June 2015 10:35 AM

කාටද කියන්නේ කියලා නම්, ගම් සහිතව කිව්වොත් නේද හොඳ? ඉස්සර පරිසරය වැනසුවේ හොරෙන්, දැන් එළිපිට අක්කර ගානක්. ඒවා නවත්තලා ඒ අයට දඬුවම් දුන්නොත් එහෙම නේද හොඳ? ජාතිය ආගම බලන්නේ නැතුව. (නි)

:       0       0

මිහිදු Friday, 05 June 2015 10:50 AM

අර ජනපති තහනම් කළ කෘමිනාශක කන්ටේනර් එක නිදහස් කලාලු නේද? (නදී)

:       0       0

විජයබාහු Friday, 05 June 2015 10:52 AM

ඔබ වහන්සේගේ කතා අහන්න මහා සෙනගක් එනවා වගේ දැන් (නදී)

:       0       0

රේණුකා Friday, 05 June 2015 11:00 AM

අනේ අපිට දැන් මේ කතා අහලම එපා වෙලා තව කොච්චර කල් මේ කතා අහන්නද කටින් බතල හිටවනවා ඇති තරම්. අනේ මෙහෙම පිරිසක් කතාව නවතා රට ගැන හිතා වැඩ කරලා පෙන්නුවොතින් කොතරම් වටිනවද ? (නදී)

:       0       0

ජනක Friday, 05 June 2015 11:05 AM

මේගොල්ලෝ කියවනවා, අපි හැමදාම අහනවා. ඒත් වෙන වැඩකුත් නැහැ. මහජනතාව කියන දේ අහන්න කවුරුත් නැහැ. (නි)

:       0       0

ප්‍රකාශ් Friday, 05 June 2015 11:09 AM

හාමුදුරුවනේ, ඔය කතා නවතා ශාසනයට යමක් කරනවා නම් හොඳයි. (නි)

:       0       0

ලියොන් Friday, 05 June 2015 11:56 AM

ඔබ වහන්සේ ඔය දඟලන්නේ කාව පත්කරන්නද? (නි)

:       0       0

සාගල Friday, 05 June 2015 12:03 PM

කෝලිත, අපේ හාමුදුරුවෝ ඔබ කියන දේ දන්නවා. ඒකනේ උන්නාන්සේ කියන්නේ අධිෂ්ඨානශීලි දේශපාලන නායකත්වයක් උවමනාය කියලා. (නි)

:       0       0

සිංහ Friday, 05 June 2015 12:46 PM

විල්පත්තුව පරිසරය නොවෙයිද? ඒවා පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site