පරිසර හිතකාමීව රට සංවර්ධනය කළ හැකි අධිෂ්ඨානශීලී දේශපාලන නායකත්වයක් බිහිකරගැනීමට රටේ ජනතාව සිතිය යුතු කාලය එළැඹ ඇතැයි පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාව අද (5) සංවිධානය කළ ලෝක පරිසර දින සැමරුමට එක්වෙමින් එහි සභාපති අතුරලියේ රතන හිමියෝ කීහ.
මත් ද්‍රව්‍ය හා කෘෂි රසායනික විස වර්ග තහනම් කිරීමේ සම්මුතියක් ලෝක මට්ටමින් සම්මත කරගැනීමට ශ්‍රී ලංකාව ප්‍රමුඛත්වය ගත යුතු බවද රතන හිමියෝ පැවසූහ.
පසුගිය රජය අධිවේග මාර්ග හැදූ මුදල්වලින් දුම්රිය මාර්ග හැදුවේ නම් රටේ පොදු ජනතාවගේ ප්‍රවාහන ප්‍රශ්නය සෑහෙන දුරට විසඳෙනු ඇති බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිවේගී මාර්ග හදපු නායකයාම වසර තිහක් වැසී තිබුණු උතුරු දුම්රිය මාර්ගයත් හැදුව බව ඔබ වහන්සේට අමතක උනාද? අනෙක අධිවේගී මාර්ග වලින් රටට සෙතක් උනේම නැද්ද අපේ හාමුදුරුවනේ? (කේ)
විල්පත්තුව එලි කරගෙන යනවා. මෙවුන් කතා පවත්වනවා.(කේ)
අපිට නම් දැන් කතා අහලම එපාවෙලා (නි)
මේ වසරේ අපි ඔබ වහන්සේගේ කතාව අහන්නේ සුබ වාදී බලාපොරොත්තු ඇතුව. අපේ බලාපොරොත්තු සුන් නොවේවා. මෙතෙක් මේ කතා ඇහුවට ක්‍රියාත්මක වෙනවා දැක්කේ නැහැ. යහපාලනයට ජය වේවා.! (ර)
මේ කාව ගෙනෙන්න හදන කොන්තරාත්තුවක්ද? අපිට හිතාගන්න පුළුවනි. පරිසරේ රකින්න ඕනි රජයේ නිලධාරීන් සහ ජනතාව. මේකටම නායකයෙක් මොකටද? (ස)
පළමු පේලියේ 4 වන එක්කෙනයි , දෙවන පේළියේ 1වන එක්කෙනයි නිදි. ඔබ වහන්සේගේ කතාවෙන් සත්‍යාවබෝධ වෙලා .... (බ)
පරිසර හිතකාමීව රට සංවර්ධනය කළ හැකි අධිෂ්ඨානශීලී දේශපාලන නායකත්වයක් බිහිකරගැනීමට රටේ ජනතාව සිතිය යුතු කාලය එළැඹ ඇතැයි" එතකොට හාමුදුරුවනේ පහුගියකාලේ බිහිකරගත්තේ රූකඩයක්ද (ම)
වැලි ගොඩදාන ඒවා. කැලේ කපන එක නවත්වල හොරෙන් ගල් කඩන එක නවත්වල. වැව රක්ෂිතවල හෝටල් වහල පටන් ගත්තොත් හොදයි නේද ? (ර)
කෝලිතගේ කතාව මමත් අනුමත කරනවා. (ම)
ඔබ වහන්සේට ඕක තේරුම් ගන්න ගොඩක් කල් ගියාට, අපිට නම් ඕක තේරිලා ගොඩක් කල්. (ර)
එක එක වැඩේට වෙන වෙන නායකයන් (ම)
කාටද කියන්නේ කියලා නම්, ගම් සහිතව කිව්වොත් නේද හොඳ? ඉස්සර පරිසරය වැනසුවේ හොරෙන්, දැන් එළිපිට අක්කර ගානක්. ඒවා නවත්තලා ඒ අයට දඬුවම් දුන්නොත් එහෙම නේද හොඳ? ජාතිය ආගම බලන්නේ නැතුව. (නි)
අර ජනපති තහනම් කළ කෘමිනාශක කන්ටේනර් එක නිදහස් කලාලු නේද? (නදී)
ඔබ වහන්සේගේ කතා අහන්න මහා සෙනගක් එනවා වගේ දැන් (නදී)
අනේ අපිට දැන් මේ කතා අහලම එපා වෙලා තව කොච්චර කල් මේ කතා අහන්නද කටින් බතල හිටවනවා ඇති තරම්. අනේ මෙහෙම පිරිසක් කතාව නවතා රට ගැන හිතා වැඩ කරලා පෙන්නුවොතින් කොතරම් වටිනවද ? (නදී)
මේගොල්ලෝ කියවනවා, අපි හැමදාම අහනවා. ඒත් වෙන වැඩකුත් නැහැ. මහජනතාව කියන දේ අහන්න කවුරුත් නැහැ. (නි)
හාමුදුරුවනේ, ඔය කතා නවතා ශාසනයට යමක් කරනවා නම් හොඳයි. (නි)
ඔබ වහන්සේ ඔය දඟලන්නේ කාව පත්කරන්නද? (නි)
කෝලිත, අපේ හාමුදුරුවෝ ඔබ කියන දේ දන්නවා. ඒකනේ උන්නාන්සේ කියන්නේ අධිෂ්ඨානශීලි දේශපාලන නායකත්වයක් උවමනාය කියලා. (නි)
විල්පත්තුව පරිසරය නොවෙයිද? ඒවා පෙනෙන්නේ නැද්ද? (නි)