
ප්‍රංශයේ පැරිස් අගනුවර සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි තැබීම කළේ 69 හැවිරිදි අයෙකි.
ඔහු ගිනි අවියක් අතැතිව, පැරිස් අගනුවර කුර්දි සංස්කෘතික මධ්‍යස්ථානයකටත්, කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථානයකටත් බලහත්කාරයෙන් ඇතුළු වී වෙඩි තැබීම් කර තිබේ.
වෙඩි ප්‍රහාරවලට හසුවී තවත් තිදෙනකු තුවාල ලැබූ බවත් ඔවුන් කඩිනමින් රෝහල්ගත කළ බවත් පැවැසෙයි. වෙඩි ප්‍රහාරයට ලක්වූවන් පැරිස් නුවර සංක්‍රමණික සේවකයන් බව ද පැවැසෙයි.
වෙඩි තැබීම් කළ තැනැත්තා පොලිස් අත්අඩංගුවට ගැණුනි. වර්ගවාදී අදහස් ඇති අයකු ලෙස පොලිසිය ඔහු මීට පෙර ද අත්අඩංගුවට ගෙන ඇතැයි ප්‍රංශ මාධ්‍ය වාර්තා කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd