ප්රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානයේ 2015 මහ සභාව හා නිලවරනය 11 වන ඉරිදාා පැරීසියේදි පැවැත්වුනි.
රංජිත් කුලතුංග මහතා, හේමමාලි මහවාසල මහත්මිය, අරුන ශාන්ත මහතා හා ඩොමිනික් මහතා සභාපති, ලේකම්, භාන්ඩාගාරික, ප‍්‍රධාන සංවිධායක යන තනතුරු සදහා අනුපිලිවෙලින් තේරී පත්වු බව ඉහත සංවිධානයේ තෙවරක් සභාපති තනතුර දැරූ නව සභාපති රංජිත් කුලතුංග මහතා එසැණට පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානයේ 2015 මහ සභාව හා නිලවරනය 11 වන ඉරිදාා පැරීසියේදි පැවැත්වුනි. රංජිත් කුලතුංග මහතා, හේමමාලි මහවාසල මහත්මිය, අරුන ශාන්ත මහතා හා ඩොමිනික් මහතාගේ පත්වීම පිළිබඳව මගේ උපරිම සහය පලකරන අතර මගේ උණුසුම් සුභපැතුම් ! (නදී)
ප්රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානයේ 2015 මහ සභාව හා නිලවරනය 11 වන ඉරිදා පැරීසියේදි පැවැත්වුනි. එහි නිළදාරින් මඩුල්ල හොඳයි හැබැයි ටිකයි. (නදී)
ප්රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානයේ 2015 මහ සභාවට මමත් ගිය. අවුරුදු 35ක් පරණයි, කියන්න ලැජ්ජයි, ඇවිල්ල හිටියේ 11යි. (නදී)
මේ සංවිධානය තවම පන පිටින් තියෙනවද? (නදී)
මෛත්‍රී පාලනයක් වේවා (නදී)
කවුද කියන්නේ මේක අවුරුදු 35ක් පරණයි කියලා. පැරිසියේ 1982 මුලින්ම පටන් ගත්තේ බෞද්ධ සංගමය නිලවීර විසින්. ඊට පස්සේ දෙමල කලබල වලින් පස්සේ තමයි අනිත් සේරම සංගම් හැදුනේ. (නදී)
මරු කට්ටියක්නේ පත්වෙලා ඉන්නේ. සංවිදානය හොඳට තියෙයි. පැරිසියේ වෙන කවුරුවත් හිටියේ නැද්ද ? (නදී)
දැන් මහ ගෙදර අබලන් වෙලා ඉවරයි. ඕකේ දැන් ඇති දෙයක් නැහැ. අනිච්චාවත සංඛාරා කියල පාංශු කුලයත් දීල ඉවරයි. මල කුණ තමයි දැන් ඔසවා ගෙන යන්නේ. මහා ගෙදරට බුදුසරණයි (නදී)
පැරිසියේ ශ්‍රී ලාංකිකයෝ ඉන්නේ 11 දෙනයි වෙන්න ඇති. කෝ අර රට ජාතියට ආදරය කරපු කට්ටිය ? සභාපති තුමාට මේවා හොඳ පාඩම්. (නදී)
ප්රංශයේ තියෙන මීගමු සංවිධානය හා සුබ සාදක සංවිධානය හැරුනහම අනෙක් ඔක්කොම පැරීසියේ සංවිදාන 15 ට අඩු සංවිධාන තමයි තියෙන්නේ. සුරිය උදාව පවුල් සංවිධාන ,සංස්කෘතික,අධ්‍යාපන කේන්ද්‍ර ආදී මෙකි නොකී බොහෝ සංවිධාන වල 10 ක් වත් නැහැ. මමත් මෙම සිංහල සංවිදානයේ ඉස්සර හිටපු කෙනෙක්. අජිත් රණසිංහ සබාපති කාලේ මට මතකයි මහා සබාවට 102 ක් ඇවිත් හිටියා. අද 11 දෙනයි කියන්නේ හිතා ගන්න පුළුවන්නේ සංවිදානයට වෙලා තියෙන දේ. නිලදාරීන් පත් කරගන්නත් සංවිධානයට සාමාජිකයෝ නැහැ. ඇත්තටම ලැජ්ජයි. කරපු දේවල් වල පල විපාක තමයි දැන් විදින්නේ. ඕකට කියන්නේ " දිට්ට දම්ම වේදනීය කර්මය කියලයි ". (නදී)
රන්ජිත් මිගමු ඔබ හරි, ලොවෙත් නැති, ලොවි ගහෙත් නැති හිතුමතේට සභාපතිගෙන් පලිගන්න හදපු අන්තර් පාලන සභාවක් ඇතිකළ සභාපති, ලේකම් ඇතුලු පිරිස මේ විනාශයට වගකියන්න ඕනේ. (නදී)
ප්රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානයේ 2015 මහ සභාව හා නිලවරනය 11 වන ඉරිදා පැරීසියේදි පැවැත්වුනි. මේ සංවිධානය කලක් කටයුතු කලේ නිල නොලත් මහින්ද රාජපක්ෂ සංවිධානය හැටියටයි. ආනන්ද දොඩම්, දයා ලියන, වත්තගනේ, දඬුනන්දේ, පීරිස් මහේ, බණ්ඩා රන්ජන්, චොක අයියා, සුවර්ණා, කොට්ට ආච්චි, මාකේ, රුවන්සිරි යන අය නිලවීර ඇතුළු සංවිධානයේ මුල් ආරම්බකරුවන්ගෙන් සමාව ගන්න ඕනේ. අවුරුදු 35ක් පරණ පැරිසියේ තියන එකම සංවිධානයට කරපු නස්පැත්තියට. (නදී)
මේ සංවිධාන තියෙන්නේ ඒගොල්ලන්ට වැඩක් කර ගන්න මිස සිංහලයන්ට වැඩක් කරන්න නෙමෙයි. සුසිලා අක්ක කියනව වගේ 11 ත් ලොකු දෙයක්. අපේ අය එතරම් එකමුතුයි. අපි ඉතින් දැක්කනේ ඒ කාලේ ජාති ආලය කොහොමද කියලා. කියන්න ලැජ්ජයි (නදී)
රන්ජිත් කුලතුංග සභාපති තුමා, තනතුරු වලින් වැඩක් නෑ මිනිස්සු අතරට යන්න බැරිනම්. ඔබ ගැන අවුලක් නැතත් ඉදිරියට වැඩ කරගෙන යන්න නම් හොඳ නිලදාරී මඩුල්ලක් අත්‍යවශයි? චොර වේචච චරිත අරගෙන වටිනා සංගමයක් විනාශ කරන්න එපා. (නදී)
මෙහෙම සංංවිධාන(ඩයස්පෝරාව) වලට සෙනඟ නැති නිසා තමයි ද්‍රවිධ සංවිධාන (ඩයස්පෝරා) ඉස්මතු වෙන්නේ. (නදී)
මේ සංවිධානය විනාශ කරපු අයට දැන් නින්ද යනවා ඇති. ඔය දැන් ඉන්න කට්ටිය දේශපාලනේ එහෙමත් කරනවලු නේද ? අපි දැක්ක පින්තුර එහෙම දාල තිබුන මහින්දට කඩේ ගිය හැටි. මෛත්‍රී මහත්තයට මඩ ගහලා කැත කතා කියපු කට්ටියගේ පින්තුර අපි ආරක්ෂක අංශ වලට දන්වලා තියෙන්නේ ජාතිවාදීන් හැටියට (නදී)