ප්‍රංශයේ සිංහල සංස්කෘතික සංවිධානයේ අතුරු මහා සභා රැස්වීමක් 2013ක් වූ ජුනි මස 30 වෙනි ඉරුදින පස්වරු 02 සිට පැවැත්වේ.
ශ්‍රී ලාංකික අනන්‍යතාවයට ප්‍රමුඛත්වය දෙමින් නව සමාඡිකයන් බඳවා ගැනීම එදිනට සිදුවන අතර ‘අපි එක්වෙමු, සමගිය බලයවේ‘ යන උදාර තේමාව යටතේ සිංහල, දෙමල, මුස්ලිම් සහජීවනය වර්ධනය කිරීම ප්‍රධාන අරමුණ බවත් ඒ සදහා සියලූම සමාඡික සමාඡිකාවන්ට සහභාගි වන ලෙස ඇරයුම් කරන බව සංවිධානයේ නව සභාපති (ප්‍රංශයේ ට්‍රයිකෝ අධ්‍යක්ෂක) රංජිත් කුලතුංග මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සංගමය මොනවාද කරන්නේ? ප්‍රංශයේ ඉන්න මිනිස්සුන්ට සංගීත තරඟ අවුරුදු උත්සව පවත්වන එක විතරද දැන් අඩු?? (නි)
බොන වෙලාව දාලා නැහැනේ. අපි නොදන්නා සමීති පැරිස් වල.(නදී)
ගොරවන තරමට වහින්නේ නැත. ගරු සභාපතිතුමනි, අපි ඔබ සමගයි. කලබල නොවී ඔහොමයන්, ඔහොමයන්. (නි)
සමගිය බලය වේ අපි එක් වෙමු. කොහොමද ඒක වෙන්නේ? මම යෝජනා කරනවා මේ මහා සභාවට, තහනම් කරපු සියලු දෙනාගේ සමාජිකත්ව තහනම මේ මොහොතේ සිට ඉවත් කරන ලෙසට. (නි)
ගරු සභපති තුමා ඇතුලු සභවෙන්අවසරයි. ශාන්ත මහතාගේ යෝජනාව මම ඉස්තිර කරමි (අ)
සමිතියේ ඉන්න ඔක්කොම ?? (අ)
පරණ ක්‍රියාකාරී අවංක සාමාජිකන් නෙරපා හැර තමන්ට හිතවත් තමන්ට කඩේ යන සාමාජික පිරිසක් සහ නිලදාරීන් සමග ඔබගේ ට්‍රිකෝ ව්‍යාපාරයත් අනික් නිලදාරින්ට අවශ්‍ය ජනප්‍රිය බාවයත් ලබා ගෙන තවත් කලක් පැරිසියේ ඉසුරු සොයමින් වෙජබෙවා. කුලතුංග මහත්තයෝ මම ඔයාගේ මිතුරෙක්. එහෙත් ඔයාගේ ක්‍රියා පිළිවෙත් හොඳයි කියන්නේ නැහැ. මේ සංවිධානයේ නම වෙනස් කර ඔය ව්‍යාපාරය කරා නම් හොඳය කියා සිතමි. ප්‍රන්සයේ සිංහල සංකෘතික සංවිධානය නම වෙනස් කර ක්‍රීඩා සමාජය හෝ එවැනි නමක් දා ගන්න. අපේ සංකෘතිය නැති වන්නේ ඔබ වාගේ අයගෙනි. ඔබම සිතා බලන්න පැරිසිය තුල පමණක් සිංහල සංවිධාන කීයක් තිබේද කියා. මේවා බිහි වුයේ සිංහලයන් සඳහාද ? මේවා බිහිවන්ට පෙර සිංහලයන් අතර එක මුතුවක් සමගියක් තිබුනා. මේ සංවිධාන බිහි වුවාට පසු සිංහයන් අතර සමගිය එක මුතුව නැතුව ගියා. කි වරක් සිංහල අවුරුදු උත්සවයට පසු පැරිස් පොලිසි වලින් ඇවිත් කි දෙනෙක් අරන් ගියාද. උත්සව වලට ලැබුන ක්‍රීඩා පිටි සිංහල සංවිධාන වලට තහනම් කරාද? නිහඩව සිංහල කමත් සංස්කෘතියත් රැක ගෙන සිටින සිංහලයන් අප්‍රමාණව ප්‍රන්සයේ සිටිති. ඔවුන් ඔය කිසිම සංවිධානයක සාමාජිකයන් නොවේ . සංකෘතිය සිංහල කම ආගම මුලින්ම තිබිය යුත්තේ තමන්ගේ ගෙදරය. පසුව එය අන් අය අතරේ බෙදිය යුතුය. ගෙදර නොමෙති සන්ස්කෘතියත් සිංහල කමත් වෙන අයට බලෙන් දීමෙන් වලකින්න.(නදී)
මිලානෝ පිටිගල මහත්තයෝ, ඔයාට වැරදිලා. සුන්දර පැරිසිය මාලිගාවත්ත වගේ නෙවෙයි, ඇවිත් බලන්න. කුරුදු වත්ත මොකද්ද කියලා ඔයාට හිතෙයි. අපේ පැරිසිය ලෝකයේ සුන්දරම නගරය බව අමතකද ? (නි)
දැන් හිතා ගන්න පුළුවන් ප්‍රතිචාර දක්වන අයගේ කෙරුවාව. සංවිධාන වලත් මේ වගේම ඇති. බංකොලොත් කරාවි ගිය තැන. කඩ කරාද ? කඩේ යනවද වෙන අයට ?(නදී)
ගරු මර්සි ලංකා මැතිනියනි, අපි කඩේ යන්නම්, රෙදි සොදන්නම් . ඔබ තුමිය පන්සල් ගොස් පන්සිල්, අටසිල්, දසසිල් රැකගෙන බන භාවනා කරලා රහත් වෙන්න පසුව නිවන් යන්න. සාදු........, සාදු........, සාදු...................... !!!!! (නදී)
සිංහලයන් අතරේ සමගිය නැහැ කියන එකම මේ ප්‍රතිචාර වලින් පේනවා. සංවිධාන වල සිටින තනතුරු දරන අය මිට වඩා දැනුම්වත් කමින් ප්‍රතිචාර දැක් විය යුතුය . තමන්ගේ සහෝදර සිංහල ජාතිය එකමුතු කිරීමක් අවශ්‍යයි සංවිදාන වලින් නැතිව කල්ලි ගැසිමක් හෝ තව කෙනෙකුට අපහාස කිරීමක් නොවේ. බුද්ධිමත් විදියට කටයුතු නොකලොත් ලංකාවේ මෙන්ම මෙම රටේද සිංහලයන් බෙදී ගොස් එකී නෙකා ඇන කොටා ගන්නා දිනයක් උදාවේ. සංවිධාන වල සිටින උදවිය අනික් අයගේ විරුද්ධ ප්‍රතිචාර වලට කලබල විය යුතු නැත. කල යුත්තේ වැරදී සදා ගැනීම සහ නිවැරදි මාවතකට පිවිසීමය. මා නැවත මේ සඳහා ලියන්නේ නැත. සිංහලයන්ගේ එක මුතුව එක සිතින් පතමි. වරදක් සිදුවී ඇත්නම් සමාව අයදිමි.(නදී)
රොහාන්, කළුපහන, රාමනායක, මම කියන්නේ කාගෙවත් පැත්තක් අරන් නෙමෙයි. අපි කවුරුත් පිටරටක ජීවත්වෙන ලංකාවේ මිනිස්සු. අපේ රටේ සංවිදානයක සබාපති වියයුත්තේ වන්නේ වැදගත් මනුස්සයෙක්. වරදවා තේරුම් ගන්න එපා. ඇත්ත ඇති සැටියෙන් බලන්න. හැම දෙනාම එකතු වෙලා වැදගත් යමක් කෙරනවා නම් අපේ දරුවන්ට තමා හොඳ. අපිට අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය තියනවා. තර්ජනය කරන්න එපා. එකමුතු කමක් නැති බව මේ ප්‍රතිචාර වෙලින්ම පේනවා. හැමදෙනාටම ඕනෑ කැපිලා පෙන්න.සංවිධාන වල සිටින උදවිය අනික් අයගේ විරුද්ධ ප්‍රතිචාර වලට කලබල විය යුතු නැත. කළ යුත්තේ වැරදී සාදා ගැනීම සහ නිවැරදි මාවතකට පිවිසීමය.(රාමනායකගේ අදහසට මමද එකග වෙමි.) (නි)
සදුන් ගසේ හැම පැත්තම සුවඳ හමනවා, හොද වැඩ කරන ඇත්තන්ගේ නම් බැබලෙනවා , ඉරිසියා කරන්නෝ ලේ විස වී ලෙඩ වෙනවා. (නදී)
සිංහලයන් වෙනුවෙන් නිහඩව සේවය කරපු කිහිප දෙනෙක් ඉන්නවා ප්‍රන්සයේ. මේ වෙලේ ඔවුන්ව සිහිපත් කිරීම වටිනවා. ඔවුන් මේ සංවිධාන කිසිවක් බිහිවන්නට පෙර සිංහලයන් වෙනුවෙන් නැගී සිටි කිහිප දෙනෙක්. අජිත් ( දිස්ප්රින් අජිත් ) මොහු දෙන්ට ජිවිතුන් අතර නැත. පැරිසියේදී මොහු සිය දිවි නසාගත්තා. ලකී දොඩන්ගොඩ නිහඬව සිංහලයන් වෙනුවෙන් අති විශාල මෙහෙයක් අජිත් සමග කරා . 1983 දමිළයන් විසින් සිංහලුන් පන්න පන්නා පැරිසියේදී ගසන කාලයේ. අනික් අය මාක්ස් දොර්මුවේ සිටි චන්ද්‍රා. නිලවීර සහෝදරයා. මොහුත් දැනට ජිවතුන් අතර නැත. අනික් කෙනා සරත් කරුණාරත්න (මිකනික් කරු ) මොවුන් සිය හදවතින් ජීවිතය පරදුවට තබා 1983 පැරිසියේ සිංහලන්යට දමිළයන් පන්න පන්නා ගසන කාලයේ නිහඬව ලොකු සේවයක් කළ අය. තව මේ අය සමග බොහෝ දෙනෙකු පසු පස සිටියා. නමුත් අපට මෙම නම් සඳහන් අයව කිසිසේත් අමතක කළ නොහැක. සංවිධාන බිහි වුයේ පසුවය. හතු මල් පිපෙන්නා සේ එක එක නම් වලින් සිංහල සංවිධාන බිහි වුනා. මම හිතන්නේ දැනට මෙම සංවිදාන වල සිටින අය මෙම පැරණි සිංහලයන් වෙනුවෙන් සටන් කරපු සිංහලන්ගේ නමවත් දන්නේ නැත. මගේ ප්‍රණාමය 1983 කාලයේ නිහඬව සහ හඬ නගමින් සිංහලයන්ගේ පැවතීමට පැරිසියේ සටන් කල සිංහල ජාති ප්‍රේමින්ට.(නදී)
අනේ බුදු මර්සි නෝනෝ 1970 ගණන්වල ඉඳන් තමයි අපි ප්‍රංශයේ ඉන්නේ. මට කඩයක් තියනවා, ඉතින් මොකටද මං කඩේ යන්නේ ? අල්ලපු ලොන්ඩරියාත් මගේ, මගේ මැෂින් වලින් හොඳට පිරිසිදුවට රෙදි හොදනත් පුළුවන්. අර දෙමල සිංහල කිවූවේ විජේ කුමරු කුවේණිගේ කතාව වෙන්න ඇති. මට පෙන විදියට, ඔබ තුමියට ඉතිහාසය ගැන හොඳට දන්නවා වගේ. (අ)
කළුපහන සර්, ඔබතුමාගේ ස්වාධීනතත්වය, එඩිතරකම හා අදහස් ගැන හිතනකොට ඔබතුමා දොළොස් මහේ පහනක් වගේ. ඔබතුමාගේ ලියපු ප්‍රතිචාර කියවනකොට ඇහැලේපොල නිලමේගේ කතා, වීර පුරන්අප්පුගේ කතා, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි මතක් වෙනවා, හරි සතුටුයි. (නි)
පළමුව සිංහලකම ගෙදරින් පටන් ගන්න. ගෙදර ළමයින් සමග සිංහලෙන් කතා කරන්න. සිංහල කාන්තාවන් විවාහ කරගන්න. පිලිපින කාන්තාවන් විවාහ කරගෙන ගෙදර සිංහලවත් කතා නොකරන සිංහල සංස්කෘතිය කුමක්ද ? මේවා තිත්තය. නමුත් ඇත්තය (නි)
රොහාන්, මම කැමතියි ඔබගේ කඩයට පැමිනම කතා කරන්න. පුළුවන් නම් ඔබගේ කඩය තිබෙන තැන මෙහි සඳහන් කරන්න. ඔබගේ කඩයේ ලිපිනය පළකරන මෙන් කරුණවෙන් ඉල්ලා සිටිමි (නි)
කළුපහන මහත්තයෝ, ලංකාදීප පුවත් පත සියලු දෙනා වෙනුවෙන් දොර ඇර තිබෙන්නේ. එනිසා ඔබටත් අනික් අයටත් මෙහි අදහස්, නිවේදන, වැඩ සටහන්, පින්තුර නොමිලේ පලකරවා ගන්න පුළුවන්. එමෙන්ම අනික අයට ප්‍රතිචාර දැමීමටත් පුළුවන්. රාමනායක මහතාගෙන් අසා දඅන ගන්න මම කවුද කියලා. මට මෙහි පල කරනට අවශ්‍ය වුනේ මේ හතු පිපෙන්නා සේ ඇතිවූ සිංහල සංවිධාන වලින් සිංහල සමගිය එකමුතුව නැතිවී නොයෙක් කණ්ඩායම් බිහිවූ වග පෙන්නා දීමය. මේවා බිහිවූ පසු අප අතරේ තිබු සමගිය එකමුතුව නැතිවී කණ්ඩායම් බිහි වුනා. එකිනෙකා තම තමන්ගේ වාසිය තකා වැඩ කරන්න ගත්තා. මෙම ප්‍රතිචාර වලින්ම පේනවා සිංහලයන්ගේ එකමුතුවක් නොමැතිකමම (නි)
සිංහල සිංහල අයත් රණ්ඩු වෙනවා වගේ, සමිති සංවිදාන වලට. රට ගියේ මුදල් සොයාගන්න අපිට අපේ රටේ ජිවත් වෙන්න අදායමක් නැති නිසා. එහෙම රට ගිහින් මොන එකකට රණ්ඩු වෙනවාද මේ සමිති සංවිදාන වලට? ඇර කතාවක් තියෙනවනේ මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමේ කියලා. ඉතින් කවුරු හෝ මොනවා හරි කරලා සමිති දාලා හරි හැදෙනවා නම් ඒකට අනික් අය බනින්න එපා . අපි කවුරුත් රට ගියේ මුදල් සොයන්න (නි)
ආධුනික ගී තරඟය සදහා කාව හරි ගෙනෙන ගමන් තම පවුලේ කෙනෙක්ව ඇතුල් කර ගෙන්න ගන්න. වෙනදා කරන විදියටම. සභාපති ගෙදර කතාකරන්නේ සිංහල නෙමේ. අඩුම ගානේ සිංහල කාන්තාවක් සමග විවාහ වෙලත් නැහැ. තමන්ගේ වෙළඳ ව්‍යාපාරය සිංහල සංස්කෘතිය මුවාවෙන් කර ගන්නවා. කොහොමත් ප්‍රන්සයේ ජාතිය ආගම මුවාවෙන් බොහෝ වෙළද ව්‍යාපාර බහුලව සිදුවෙනවා. පළමුව සිංහල සංකෘතිය පටන් ගත යුත්තේ තම නිවසින්. දෙයියොත් සාක්කිලු මේ හතර හිනා වැඩ වලට.(නදී)
මිය ගිය සමන්ත වීරසිංහ දෙමල කොටි හිතවාදීන් වාදීන් ඔහු සිටි කාමරයට ගොස් ජනේලයෙන් එලියට තල්ලු කර මරා දැමුවා. ඔහුව දන්නා අය දැන් මේ සංවිධානයේ නැත . ඔහුගේ නම විකුනන් කන්න එපා . මුදල් ගසා කන්න, පුවත් පත් වල නම ගම දාගන්න පින්තුර පල කර ගන්න එකද මේ කරන්න හදන්නේ. එහෙත් මේ මියගිය අයගේ නමින් ඒවා කරන්න එපා. මම ඔහුගේ පවුලේ සාමාජිකයකු නිසා මෙසේ ඉල්ලමි.(නදී)
මමත් දකින්නේ පැරිසියේ සිංහල සංවිදාන ගොඩක් ඇති වීමෙන් . සිංහලයන් මෙමෙ සංවිධාන අතෙරේ බෙදී ගොස් අසමගියක් ඇති වුනා කියල . මොකද පැරිස් වල ඉන්න සිංහල ප්‍රමාණය ගොඩක් නෙමේ . මේ ටික එක මුතු වෙලා එක සංවිධානයක් කර සමගියෙන් ඉන්නවා නම් හොඳය . සමහර සංවිධාන චන්ඩි ඉන්න ඒවා . සමහර ඒවා උගත් අය කියල ඉන්න ඒවා . තව බොහොමයක් . මේ සේරම මේකේ ලිව්වොත් ෆ්‍රාන්ස් වල ජිවත් වන මටත් ලැජ්ජාවක් ඉන්නේ ප්‍රන්සේ කියන්න . දවල් මිගෙල් රේ දනියෙල් ලා ගොඩක් ඉන්නේ . පන්සල් වලත් ගුටි කෙල ගන සිංහල අය මෙහෙ ඉන්නේ . මොනවා නමුත් ඔබලාගේ ව්‍යාපාර දියුණු වේවා පතමි . කොහොම මුදල් හෙව්වත් සිංහල අයමනේ (අ)
ප්‍රන්සයේ සිංහල සංස්කෘතික සංවිදානයේ සභාපති විය යුත්තේ වැදගත් මිනිසෙක්. නමුත් මේ අය කිසිම වැදගත් කමක් නැති සිංහලවත් හරියට කතා නොකරන චන්ඩියෙක්. මිනිසුන්ට තර්ජනය කෙරනවා, මඩ ගහනවා. ඔය වගේම උදවිය තමා වට කෙරගෙන ඉන්නේ. සංස්කෘතියට බුදු සරනයි.(නදී)
මේ ලියන ඔකොමගේ බොරු නම් ටික ඉල්ලගෙන අපි ඔයාලට පිළිතුරු දෙන්නම් පොඩ්ඩක් ඉවසන්න බොරුවට ආයුස අඩුබව දැනගන්න (අ)
සේරම්, ඔයා අනුන්ගේ ඕපාදුප හොය හොයා ඉන්න එකේ වෙන වැඩක් කරනවා නම් හොදයි. (නි)
රොහාන්, පිළිතුරු දෙන්න කලින් 1980 කාලයේ සිට අද වනතුරු ප්‍රංශයේ සිදුවූ දේවල් අධ්‍යයනය කරන්න. කඩේ යන්න වුවමන බඩු මුට්ටු ගැන කොලයක ලියා ගන්න. එපමණක් නොව කඩේ යාමට අතේ සල්ලි තිබෙනවද බලන්න. ණයට කඩේ යන්න එපා. අප ඉවසීමෙන් බලා සිටින්නෙමු. ඔබලාගේ පිළිතුරු වලට, සිංහලයන් දෙමල නම් වලින් ඉන්න අයත් අපි හෙළිදරව් කරන්නෙමු ඉදිරියට. (නි)
අන්තවාදීයෝ, ජාතිවාදියෝ, රණවිරුවාදියෝ ටික එලියට දැම්මා නම් නව සබාපතිට පැරිසියේ හොඳ වැඩ ටිකක් කරන්න පුළුවන් . (නි)
දම්මික පෙරේරා මහත්තයෝ, සංස්කෘතිය කියන්නේ ආගමික හා ජාතික පෞරණිකත්වයයි. අපි කුවේනිගෙන් හා ඉන්දියාවෙන් පැමිනි විජය කුමරුගෙන් පැවැතෙන ආර්යවංශිකයෝ කියායි කියන්නේ.එහෙමනම් අපි කොහොමද ජාතිවාදය ගැන කතා කරන්නේ? අනික අපි ඉන්නේ උතුම් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන ප්‍රංශය වැනි උතුම් රටකය. ඕනැම මිනිසෙකුට කතකට තමන්ට කැමති ආගමක්, තමන්ට කැමති බාෂාවක්, තමන්ට කැමති විවාහයක් කරගැනීමේ අයිතියක් ඇත. (නි)
සේරම් ඔයගොල්ලෝ කරපුව තම කියන්නේ දැන් ඉන්නේ හොරු නෙමේ බයින්නකොට එව කල බව පැරිස් ඔක්කොමල දන්නවා එකී නිසා ඕගොල්ලන්ට දැන් බේරෙයන්ඩ බැරිවෙලා තියෙන්නේ හැගිල ඉදගන බියිලගහනවා අපි නොදන්නා සේරම් (අ)
පැරිසියත් නිකන් මාලිගාවත්ත වගේනෙ බලාගෙන යනකොට. (අ)
සේරම්,කුමාරි ,අජිත් ,ධම්මික, සරෝජ්,මර්සි ලංකා වැනි නම් වලින් අදහස් ප්‍රකාශ කර ඇති උදවියට,කියන්න තියෙන්නේ නව සභාපති ඇතුළු නිලධාරී හා සාමාජික,සාමාජිකාවන්ට සංවිධානයේ වර්තමාන ක්‍රියාකාරිත්වය ගැන ගැටළුවක් නැති අතර අප මේ සංවිධාන ,රාමනායක මහතා වැනි නිහතමානිව අදහස් ප්‍රකාශ කර ඇති හා පැරණි සිංහලයන් මේ සංවිධානය වසර 30 ක් රැකගෙන ආකාරයටම පවත්වාගෙන යන්නෙමු.ඒ වගේම නව සභාපතිගේ පුද්ගලිත්වය කතා නොකර එතුමා වසර 10 ක් 15 ක් මේ සංවිධානයට කළ සේවය කතාකරන්න.ඒ වගේම සිංහල සංවිධානයට ශක්තියක් වන්න. තවද අපි ඉදිරියේදීත් ඔබලාගේ අදහස් ප්‍රකාශ කරන්නට,සංවිධානයේ නිවේදනයන් හා වැඩසටහන් මෙහි පල කරමු. (නි)
මර්සි ලංකා යන නමින් අදහස් ප්‍රකාශ කර අයට කරන ඉල්ලීමකි. සමන්ත වීරසිංහ ගේ නම විකුණලා මුදල් කොහෙවත් එකතු කර නැත.ඔබට එය ප්‍රශ්නයක් නම් ලිඛිතව සංවිධානයට දන්වන්න.අප එම නම ඉවත්කරමු. (නි)
කළුපහන කලු පහනක් වගේ කෙනෙක්. පැරිස් වල ගෙවල් සෝදන කෙනෙක් වගේ. දුප්පත් උනත් ලංකාවේ අපි වැදගත් විදියට ඉන්නවා. මේකේ තියෙන ඒවා කියෙව්වම මට තේරුනේ දැන් රට යන මිනිස්සු ගැන. ප්‍රංස ජිවිත ගැන ලැජ්ජයි.(නදී)
මට පේන විදියට සමහර අයට ගොඩක් රිදිලා වාගේ. පැරිසියේ සංවිධාන වල නියම තත්වය හෙළි වුනාම. මේ සභාපති මහත්තයා චන්ඩියෙක් කරාටේ කාරයෙක් කියා අහිංසකයන්ට චන්ඩි කම් දාපු කෙනෙක්. අනික් කරුණ සිංහල කම සිංහල ජාතික කැක්කුම පළමුව තම ගෙදරින් පටන් ගත යුතු දෙයක්. මම අහන්න කැමතියි මේ අලුත් සබාපති මහතාගේ විවාහක නෝනා සිංහල කතා කරනවද? අඩුම ගන්නේ ඔබගේ ළමයින් සිංහල කතා කරනවද? ඔබගේ ගෙදර සිංහල සංස්කෘතිය තිබෙනවද? මේවා හුදෙක් ජනප්‍රිය වීමත් තමන්ගේ වෙළඳ ව්‍යාපාරයට ජනප්‍රියත්වයක් ලබා දීමේ හුදු චේතනාවෙන් කරන සංවිධාන. අපිට මතනයි ඔය සේරම් සබාපති කාලයේත් කුසුම්සිරි සමග මෙම සංවිධානය තමන්ගේ පෞද්ගලික සංවිධානයක් හැටියට ක්‍රියා කළේ. පසුව ඔවුන්ව පන්නා දැමුවා. දෙන පිට සිට අනික් අයව විවේචනය කරනවා. මේවා ඔක්කොම මල විකාර. රටත් විකුණලා ජාතියත් විකුණන ආගමත් විකුණන සංවිධාන.(නදී)
"අපි එක්වෙමු" සමගිය බලය වේ" එය අකුරු වැලට සීමා නොකොට ක්‍රියාත්මක කරන්න. එයි අර්ථය ක්‍රියාවට නන්වන්න. නව ගරු සභාපති රන්ජිත් කුලතුංග මහත ඇතුලු සංවිධානයට අපි අත්වැලක් වෙමු. සුභ අනාගතයක් ! (නි)
පිලිප් පැරිස්, පැරිසිය ලස්සනයි කියල ඔයා මට උගන්වන්න ඕනේ නැහැ. පැරිසියේ 'ගම්බෙතා' උමං දුම්රිය පොළ අසල තමයි මම නිතර පැරිසියට යන එන ගමන් නවතින්නේ. මම අදහස් කලේ පැරිසියේ ඉන්න සිංහල කියාගන්නා 'සමිති කාරයෝ' ගැන. (නදී)
දයාදර මහතා, ඔබතුමා හරියට හරි. සංවිධානයේ සභාපති රන්ජිත් මහතාගේ නව පත්වීම ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ශක්තියකි පිබිදීමකි. ජයවේවා !!! (නි)
මර්සි නෝනේ තිබුණු තැන දන්නේ නැතුව වගේ බොරුවට අහනවා නේද? ඔයාල නයට බඩු අරගෙන නය ගෙවන්නේ නැතුව කැඩෙ බංකොලොත් උනා. ඒකත් ඔයා දන්නේ නැතුව වගේ ඔයා අහන ලස්සන. බංකොලොත් උනාම කොහෙද කඩ ඉතුරු වෙන්නේ.(නදී)