නව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකාවාසි සියලූ දෙනාටම සෙත් පැතීමේ පිංකමක් පැරිස් බෞද්ධ විහාරස්ථානයේදි 11 වැනි ඉරුදින සවස පැවැත් වුයේය.
ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝ නායක පරවාහැර චන්ද්‍රරතන හිමි හා විහාරාධිපති කෝ ආනන්ද හිමියන්ගේ සහභාගිත්වයෙන් මෙම පිංකම පැවැත් විණි.
විදේශ රටවල ශ්‍රීලාංකිකයන් අතරින් මෛත‍්‍රී වෙනසක් සදහා ප‍්‍රථමයෙන් පෙරමුණ ගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහ පාලනය සදහා පැරීසියේ ශ්‍රීලාංකික එකමුතුව මෙම පිංකම සංවිධානය කළ අතර ඒ සදහා විශාල පිරිසක් සහභාගි වුවෝය.
ඉන් අනතුරුව ගිහි පැවිදි දේශන වලින් පසු පිංකම අවසන් වුයේය. මෛත‍්‍රී වෙනසක් සඳහා එකට අත් වැල් බැඳගත් පැරීසියේ සියලූම ශ්‍රී ලාංකිකයන්ට හා ඒ වෙනුවෙන් පෙරමුණ ගත් විදේශ රටවල ශ්‍රී ලාංකිකයන්ටද ස්තුතිය පුද කරන බවත් එකමුතුවේ ක‍්‍රියාකාරීහු කීහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්ම දෙමළ ඩයස් පෝරාවෙන් හරි ඇමෙරිකවෙන් හරි මුල්‍ය අනුග්‍රහය ලැබෙන්න ඇති (බ)
කාර්යය ඉතා උතුම්! ඔබ සියලුදෙනා එකමුතුවී නව ජනපතිතුමාටත් රටවැසි සියළු දෙනාටත් ආශිර්වාද පින්කමක් පැවැත්වීම මහාත් අශිර්වාදයක්මය (නි)
ඉතාමත්ම හොඳ කාර්යයක් (නි)
ඉක්මනට ඉවර කරලද ? (බ)
ජිනීවා ගිය බස් වලට නම් මහින්ද සල්ලි එවුවා .ඒවා බාර ගත්තු අය දොඩන්ගොඩ බදා ගත්තා වගේ එකෙනුත් ගැහැවුවා .පිංකමට අපේ පොකට් මනි තමයි පිහිට වුනේ (බ)