( තිලකරත්න දිසානායක, මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ උපාලි රණවීර)
මැතිවරණ ප්‍රතිඵලයත් සමග ජනමතයේ වෙනසක් ඇතිවී තිබෙන නිසා කළ යුත්තේ කුමක්දැයි ජනාධිපතිවරයා කල්පනා කළ යුතු බවත් අගමැතිවරයා ඉවත් කර ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
“එහෙම නැත්නම් අපි ආරම්භ කළ සටන ජනාධිපතිවරණය ජයග්‍රහණය කර මහින්ද මහත්තයා අගමැති කර රටේ නායකත්වයට ගෙනෙන සටනට පෙල ගැහිලා අවශ්‍ය කටයුතු ඉදිරි කාලයේදී කරනවා.“ යැයි ඒ මහතා කියයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කෙරෙන පත්තලගෙදර විද්‍යා පීඨයේදී අද (11) මාධ්‍ය අමතමිනි.
ඒ මහතා මෙසේද කීය.
“පසුගිය ක්‍රමයට මේ මැතිවරණය තිබුනානම් තුනෙන් දෙකේ ජයග්‍රහණයක් වෙනවා. දැන් ආණ්ඩුවට මේ පිලිබදව කල්පනා කරන්න වෙනවා. ජනාධිපති කෙනකුට මම කියන්න හොද නැහැනේ. එතුමා තේරුම් අරගෙන කළ යුතුයි.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මිනිස්සු ඉන්නේ මහින්ද මහත්තයාත් එක්ක නම් තමන් මොන තනතුරක හිටියත් කළ යුත්තේ පක්ෂයේ සභාපතිකම මහින්ද මහත්තයාට දෙන එකයි.මමනම් කරන්නේ එහෙමයි.මේ ආණ්ඩුව පටන් ගත් දා ඉදන්ම විකෘති ආණ්ඩුවක්. බලහත්කාරයෙන් ගැට ගහපු එකක්.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ එතකොට මිනිසුන්ට තර්ජනය කරලා කප්පම් ගන්න එක... කෝටි ගණන් රටේ සල්ලි හොරකම් කරපු එක හරිද දන්නෑ නේද?
ප්‍රසන්න මැතිතුමා උගත්, බුද්ධිමත් දේශපාලන නායකයෙක්. එවැනි උගතුන්ගේ මතයට හිස නැමීම රටේ සැමගේම යුතුකමක්...
ප්‍රසන්න මහත්තයා එහෙම කිව්වට, මම නම් හිතන්නේ මේ වෙලාවේ මහින්ද මහත්තයා ගන්න ඕනේ විපක්ෂ නායකකම. එහෙම නොකර මේ කුජීත ආණ්ඩුවේ අගමැතිකම ගත්තොත්, මේ රජය කරපු ඔක්කොම දූෂිත වැඩවලට මහින්ද මහත්තයත් කොටස්කාරයෙක් වෙනවා. විපක්ෂයේ ඉඳගෙන මේ රජය කරන වැරදි පාලනය කරලා 2020දී අලුත් ජනවරමකින් අලුත් රජයක් පිහිටුවන එක හොඳයි කියලා හිතනවා. අනෙක අලුත් පක්ෂයක් හදලා මේ තරම් ජනතා බලයක් ගනිපු එකේ.. චන්ද්‍රිකා මහත්මියගේ බූදලේ (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) එයාටම දීලා අලුත් පක්ෂේ ඉදිරියට ගෙනියන එක හොඳයි කියලත් හිතෙනවා. වැදගත්ම දේ කුජීත වෙලා ඉන්න පිනුම් අප්පුලා පළාතකවත් ගන්න හොඳ නැහැ. නාවික යාත්‍රා හිමි හොරු, මිහින්ලංකා කාපු අය, අප්පච්චි මලෝලා, සහ තවත් දේශපාලකයෝෙ එන්න දැනටමත් හිතලා ඇති.
මිනිස්සු ඉන්නේ මහින්ද මහත්තයත් එක්ක දැන්.. ඒක නිසා ඔය මොන කතාවකින්වත් වැඩක් නෑ දැන්..
මෙම ඡන්දය ආණ්ඩු පත් කරන එකක් නෙවේ. නමුත් රටතුල ඇතිවී තිබෙන්නේ එවැනි මානසිකත්වයක්. එම වාසිදායක තත්වය ප්‍රයෝජනයට ගනිමින් මහින්ද කරන්න යන්නේ අගමැතිකම ලබාගෙන ඉන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ලබා ගැනීමයි. ගම් මට්ටමෙන් පක්ෂයේ බලය මහින්දට ඇතිබව මෙම මැතිවරණයෙන් පෙනී යනවා. පක්ෂයේ බලය ගත්තොත් දැන් සිරිසේන සමඟ ඉන්න සියලුම ශ්‍රී ලංකා පාක්ෂික මන්ත්‍රීවරු කිසිදු පැකිලීමක්, ලැජ්ජාවක් හෝ ප්‍රමාදයක් නැතුව දණගාගෙන තමයි මහින්ද ලඟට එන්නේ. එහෙම වුණුදාට බලාගන්න පුළුවන් " ඒකාධිපති" කියන්නේ කවුද? මොකද්ද? කොහොමද? කියලා...
මෙයත් තවත් කෙනෙක් තමයි ගම්පහ...
පසුගිය පළාත් පාලන චන්දයේ ප්‍රතිපලත් , මෙවර පළාත් පාලන චන්දයේ ප්‍රතිපලත් සංසන්දනය කලොත්, මෙවර මහිද මහත්තයට වැඩි වෙලාද ? අඩු වෙලාද ? අනෙක් පක්ෂ වලට වැඩි වෙලාද ? අඩු වෙලාද ? ඔය පණ්ඩිතයෝ කව්රු කව්රුත් තේරුම් ගන්න ඕන කරනවා , තමන් කල කියූ දේවල් අනුව තමා ජනමතය වෙනස් වෙන්නේ කියලා.
ඔය ගොල්ලන්ට ඕනෑ කරන්නේ කරපු හොරකම් ටික කොහොම හරි වහගන්නනේ !!!
2015 දී මෛත්‍රීපාල මැතිතුමා ජයගත්තෙ ශ්‍රීලනිප හෝ එජනිස අපේක්ෂකයෙක් ලෙස නොවෙයි. පොදු අපේක්ෂකයෙක් ලෙස එජාප, ජවිපෙ, සුළු පක්ෂ සියල්ල ඒකාබද්ධ කරගෙන බහුතර ලෝකයේම ජනමතයක් එක්ක. මේ මැතිවරණයෙන් පොහොට්ටුව දිනුවට පොහොට්ටු විරෝධී කඳවුරේ ඡන්ද ප්‍රමාණය පොහොට්ටුවේ ඡන්ද ඉක්මවල තියනවා. අනික 19 වන ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක මහින්ද මහත්තයට නැවත ඉදිරිපත් වෙන්න බැහැ.
හිතනවා වැඩියි වගේ... මේක වරාය නෙමෙයි, ලංකාව!