ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කඩ කිරිම හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන මහත්වරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීම සති හතරක සහ සති දෙකක වශයෙන් අත්හිටුවන ලදී.
ප්‍රසන්න රණවීර මහතාට සති හතරක් ද විමල් වීරවංශ මහතාට සති දෙකක් ද වශයෙන් එම යෝජනාව සභා සම්මත කෙරිණි.
ප්‍රසන්න රණවීර මහතාගේ යෝජනාවට පක්ෂව ඡන්ද 41 විපක්ෂව ඡන්ද 21 ක් ද , විමල් වීරවංශ මහතාගේ යෝජනාවට පක්ෂව ඡන්ද 29 ක් විපක්ෂව ඡන්ද 21 ක් ද ලැබිණි.
ඒ අනුව මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාට අද (20) සිට පාර්ලිමේන්තුවේ කිසිදු කටයුත්තකට සහභාගී වීමට අවසර නොලැබේ.
ප්‍රසන්න රණවීර මහතා ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයා වන අතර විමල් වීරවංශ මහතා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.