(දයාසීලි ලියනගේ)
හෘදරෝග,අංශ භාගය ප්‍රතිශක්තී කරණය වැඩිකිරීම ස්නායු පද්ධතිය හම, දත්, හා නිය ආරක්ෂා කිරීමට පිරිසිදු කලවම් නොකළ පොල්තෙල් ඔෂධීය ආහාරයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.
ලෝකයේ සුපිරි ආහාරයක් ලෙසට ඉතා පිරිසිදු පොල් තෙල් හදුන්වනු ලබන අතර නෙදර්ලන්තය ජර්මනිය වැනි රටවල් වැඩි වශයෙන් පොල්තෙල් පරිභෝජනය කරනු ලබන බවද වෛද්‍ය පාදෙණිය මහතා පවසයි.
පාරම්පරික සිංහල හාලේ බත පොල් සම්බෝලය හා කතුරුමුරුංගා කිරිහොද්ද ඉතා අඩු මිලකට පිළියෙල කර ගත හැකි ඉතාම සමබර ආහාරයක් බවද ඒ මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පූර්ණ ඇත්ත... අපේ අම්මාට 85 අදටත් පැනඩෝල් පෙත්තක්වත් බොන්නේ නැහැ. ඇඳුම් මහන්නේ තනියම... මොන තරම් කෑම තිබ්බත් එයාට ඕනේ ඔය කියන කෑම... පොළොස් අනිවාර්යයෙන් සතියකට සැරයක් ඕනේ...
වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට පොල්තෙල් ගැන කතාකරන්න තිබ්බේ මීට පෙර. අනෙක මේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නැගිටින්නේ කවුරුන් හෝ ඔවුන්ව අවදි කළපසුව වේ. අවදිවීමෙන් පසු අවතාරයකට බියවූවන් මෙන් දිනපතා වොයිස්කට් දීම ඔවුන්ගේ සිරිත වේ. අනුන්ගේ ප්රශ්නය ඔවුන්ගේ කරගැනීමට ගොස් ඔවුන් අමාරුවේ වටෙන අවස්ථාද නැතුවාම නොවේ..
එතුමා හරියටම හරි... ඇමරිකාවේ සුපර්මාකට් වල පොල් තෙල්, පොල්කිරි ටින්, පොල්කිරි පැකට්, බොන පොල් කිරි පැකට්. කුරුම්බා වතුර පැකට් සහ බෝතල්, කුරුම්බා ගෙඩි, වේලිච්ච පොල් ගෙඩි, ගොඩගහලා තියෙන හැටි දැක්කාම ලංකාවට වඩා ඇමරිකානුවන් පොල් පාවිච්චි කරනවා කියල හිතෙනවා. අනික මිල අධික රූපලාවන්‍ය ද්‍රව්‍ය වල ලොකුවට ගහලා තියෙන්නේ පොල් තෙල් අඩංගු බවයි. ඇමරිකානුවා මේ දේ කරන්න ඔවුන් දන්නවා පොල්වල වටිනාකම. ඒ වගේම දැන් සුපර් මාකට්වල වරකා ගෙඩි පිටින් විකුණනවා. ළගදී ඉඳලා කොස් ගෙඩිත් එන්න පටං අරං. ඊට අමතරව ටින් කරපු පොලොස් ,වරකා පමණක් නොවෙයි ශීත කරපු කොස් ඇටත් විකුණන්න තියෙනවා. කරුමේ කියන්නේ මෝඩ ශ්‍රී ලාංකිකයා මේ වටිනා කප් රුක් දෙකම කපලා විනාශ කරලා පිටරටින් කන්න එනකං බලා ඉන්නවා. බඩු ගිනි ගණන් කියලා ආණ්ඩුවට බනිනවා. මොලයක් ඇති මිනිස්සුන්ට කියන්නේ කොස්ගහක් පොල් ගහක් තියෙනවා නං ඇස් දෙකක් වගේ පරිස්සමින් බලාගන්න. බඩගින්නෙ මැරෙන්න වෙන්නේ නෑ. අනික මස් වලට 100 ට 100ක්ම ගැලපෙන ආදේශකය කොස් කියලා හොයාගෙන තියෙනවා. කොස්වලින් සාදන ආහාර පමණක් විකුණන ආපනශාලාවකුත් ළඟදී නිව්යෝර්ක් නුවර විවෘත කළා.
ගෙදර පොල් තෙල් හින්දා ගන්න පොල් ලාබෙට දෙන්න ඕනෑ..