ප්‍රසාද දීමනා නොගෙවීයැයි ලංකා බැංකු සේවකයෝ අද කළු පටි පැළඳ වැඩට පැමිණ පෙරවරු 10.30ට වැඩ හමාර කළහ.
සවස 3.00 වන තෙක් ඔවුන් වැඩ කිරීමට නියමිතව තිබිණි.
සෙනසුරාදා ද බැංකු විවෘත්ත නොකරන බවත්, බැංකුව ලැබූ රුපියල් කෝටි 2000ක් ලබා ගෙන රුපියල් කෝටි 300ක් ප්‍රසාද දීමනා සදහා ඉල්ලුවත් ශ්‍රී ලංකා මහ බැංකුව එය අනුමත කර නැතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධික ඔයා කියන කථාව හරි. නමුත් මේ සිංහල අවුරුද්ද සමයේ මේ ලෙස මහජනතාව අමාරුවේ දමන ඒක වැරදියි.(නදී)
හිතන්නත් අමාරුයි. (නි)
බෝනස් එකක් වුණත් ලබාගන්නා ක්‍රමයක් තියෙනවා (නි)
ප්‍රසාද දීමනා අනිවාර්ය නම් වැඩේ හොඳයි. එහෙම නැත්නම් කරන වැඩේ ඒ තරම් හරි නැහැ. හරි නැතත් ඇතත් ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
එයාලා හිතන්නේ 3 ට කවුන්ටර් වැහුවම ඔක්කොම ඉවරයි කියලා. (නි)
ලැජ්ජයි අවුරුද්දකට වරක් ගෙවන බෝනස් එකවත් සේවකයන්ට නොදෙන එක. (නි)
මෙයාලට දීමනා දුන්නොත් ගුවන්තොටුපොළ හදන්න සල්ලි දෙන්නේ කවුද?(නදී)
අපේ රටේ අය වැඩකරන්නෙ පැය 8 වුණාට ඉල්ලීම් ඉල්ලන්න නම් දන්නවා. කුලී වැඩ කරන අහිංසක මිනිස්සු මොනවද ඉල්ලන්නේ? (නි)
මම දන්නා කියන බැංකු සේවකයෝ නම් දන්නා කාලේ ඉඳල අතිකාල සේවය කරනවා. ඉස්සරනම් එහෙම කලේ පරිගණකගත කරලා තිබුනේ නැති නිසා. නමුත් දැන් කාලෙත් එහෙම කරන්නේ ඇයි කියන එක ගැටළුවක්. (නි)
අර අලුතෙන් බන්දගත්තු කට්ටියට පින් පඩි ගෙවන්න තියෙද්දී කොහොමද බෝනුස් ගෙවන්නේ?(නදී)
බුද්දික, ඔයා කියන කතාව හරි. නමුත් රජයේ සේවකයින්ට මේවා දෙන්න වටින්නේ නැහැ.ඔයාම කියන්න මොන රජයේ සේකයෙක්ද වෙලාවට සේවා කරන්නේ? (නි)
කුලී වැඩ කරන මනුස්සයා සහ බැංකු වැනි රජයේ සේවකයින් එකම මිනුමෙන් මනින්න එපා. රාජ්‍ය සේවකයෙක් කියන්නේ යම්කිසි අධ්‍යාපන මට්ටමක් සම්පුර්ර්ණ කළ කොට්ඨාශයක්. එවැනි සුදුසුකමක් නැති උදවිය ඉබේම කුලියක් හොයා රස්සාවකට ඇදෙනවා. ඒක ඔහුගේම අඩුපාඩුවක් නිසා ඇදවැටුණු තත්වයක් මිස කවුරුන් හෝ විසින් බලෙන් පැවරු රාජකාරියක් නොවනු ඇත. කෙසේ නමුත් රාජ්‍ය සේවකයෙකුට ලැබිය යුතු දීමනාවක් නොලැබීම බලවත් අසාධාරනයක් වන අතර ඒ සදහා ඉල්ලුම් කිරීමට අයිතියක්ද ඇත. (නි)
ආශ්චර්යයද? (නි)
බුද්දික ඔයාගෙ වාසගම "ම" යන්නෙන්ද පටන්ගන්නෙ .කතරගම ඩිපෝවෙ මිනිස්සු මාස 3ක් වෑඩකෙරුව පඩි නෑතුව අඬල තමයි පඩිය ගත්තෙ. මේ නිලධාරි කියන අයට බෝනස් දෙන්නෙ දහක් දෙදහක් නෙමෙ ලක්ෂ ගනන් වලින්. රණවිරුවෙක්ට ගෙයක් හදාදෙන්න රු.100ක් එකතු කෙරුවත් පාරට බහින ජාතියක් මේ අය.(නදී)
ආශ්චර්යය ආශ්චර්යය... (නි)
මිනිස්සු මේ හැම දේම කරන්නේ සල්ලි නිසා (දී)
ජාතියේ මහා පහන් ටැඹ නිසා අපිත් විස්වාස කරලා ගිණුම් පවත්වන්නේ මේකේ තමා. ඒත් වැඩ නම් හරිම හිමින්. මිට වඩා සේවයක් මේ බැංකු තුලින් සේවකයන්ට වගේම පාරිභෝගිකයන්ටත් දිය යුතුයි. (නි)
මේ රටේ ඉහලම වැටුප් ලබන අයට තණ්හාවේ සීමාවක් නැහැ දම්මික. (නි)
ඒකත් පුද්ගලීකකරණය කරලා දැම්මා නං ඉවරයි. (නි)
මොකද්ද මේ වැඩ වල තේරුම (දී)