ප‍්‍රංශයේ පැරිස් බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත ශ්‍රී ලංකා අධ්‍යාපන, සංස්කෘතික සහ සුබසාධන සංවිධානය (සෙක්සා පදනම) මගින් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි වසරක් පාසා පවත්වනු ලබන බක් මහ උළෙල අපේ‍්‍රල් මස 07 වැනිදා දවස පුරා බුර්ශේ නගරයේදී පැවැත්විණි.
වසර 18ක් තිස්සේ නොකඩවා පවත්වන මෙම බක් මහ උළෙල මෙවර ප‍්‍රංශයේ ශ්‍රී ලාංකිකයින්ගේ උනන්දුව සහ උද්යෝගය මත උත්කර්ෂවත් ලෙස සංවිධානය කර තිබිණි.
පරවාහැර චන්දරතන නාහිමියෝ ජාතික කොඩිය එසවූහ. ධම්මචක්ක බෞද්ධ විහාරයේ දහම් පාසලේ සිසු සිසුවියෝ ජාතික ගීය ගායනා කළහ. මාපලගම ජිනානන්ද හිමියෝ පිරිස් පංචශීලයේ පිහිටැවූහ. සාහිත සමරසූරිය අවුරුදු පණිවිඩය කියවීමෙන් පසු ගීත ගායනයක්ද කෙරිණි. බුලත් හුරුළු පිළිගන්වා භික්ෂුන් වහන්සේලා සහ මාපියන්ට වැඳ නමස්කාර කිරීම සහ හිස තෙල් ගෑම වැනි ජාතික සිරිත් සඳහා ද මෙම බක්මහ උළෙලේදී ප‍්‍රමුඛස්ථානයක් දී තිබිණි.
ශ්‍රීලංකාවේ සිට වැඩම කළ මාලඹේ විජිතාරාමාධිපති මීවැල්ලාවේ ප‍්‍රඥාතිස්ස හිමි සහ ගැල්වාන පුරාන විහාරාධිපති ජිනරතන හිමි ඇතුළු භික්ෂුන් වහන්සේට දානය පිළිගැන්වීමෙන් පසුව පැමිණ සිටි සියල්ලෝම ආහාර අනුභව කළහ. මෙවරත් අවුරුදු ආහාර මේසය පිළියෙළ කර තිබුණේ සමරක්කොඩි යුවළ සහ මනික්පුර යුවලගේ පරිත්‍යාගයෙනි. අනතුරුව ආරම්භ වූ ජාතික ක‍්‍රීඩා එදින සවස් වන තුරුම පැවැත්විණි.
ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දායක දායිකාවන් පිළියෙළ කළ ආපන ශාලාව මෙවර ද සකස් කර තිබිණි. ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ගොඩනංවන බුද්ධ මන්දිරය සහිත ගොඩනැගිල්ල වෙනුවෙන් මුදල් ආධාර ලබාගැනීමේ අරමුණ ඇතිව මෙවර ආපන ශාලාව පැවැත්විණි.
මෙම ආපන ශාලාව කැවුම්, කොකිස්, කිරිබත් ආදී සියලූ අවුරුදු කෑමවලින් සමන්විත විය. ප‍්‍රංශයේ සහ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිවලින් උත්සව භූමිය සරසා තිබිණි. අජිත් ගමආරච්චි මහතා උත්සවයේ පසුබිම සකසා තිබිණි. මහින්ද හේරත් මහතා ශාලාව සැරසීමේ භාණ්ඩ සැපයීය.
මහා සංඝරත්නය සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති ස්වර්ණා පෙරේරා මහත්මිය සහ කිසාගෝතමී සරච්චන්ද්‍ර මහත්මිය පැමිණීමෙන් අනතුරුව දෙරටේම ජාතික ධජ එසැවූ අතර ආරාධිතයෝ පොල්තෙල් පහන දැල්වූහ.
බක් මහ උළෙල අවසානයේ ද මිත‍්‍රා පීරිස් මහත්මියගේ සංවිධායකත්වයෙන් පවත්වන ලද සංස්කෘතික සංදර්ශනය සහ ලහිරු ප‍්‍රභාශ්වර ඉදිරිපත් කළ වෙස් නැටුම් සියල්ලෝම ප‍්‍රශංසා කළහ.
මෙවර අවුරුදු උළෙලේදී පරවාහැර චන්දරතන හිමිපාණන්ගේ සංකල්පනාවක් අනුව ප‍්‍රංශයේ ධම්මචක්ක බෞද්ධ විහාරාධිපති කොන්ගස්දෙනියේ ආනන්ද මාහිමියන්ට සහ ප‍්‍රංශයේ ජේතවන විහාරාධිපති මුරුන්ගස්‍යයේ ඥානිස්සර නාහිමියන්ට සෙක්සා පදනමමගින් විශේෂ සම්මාන දෙකක් ප‍්‍රදානය කළ අතර ප‍්‍රංශයේ වාසය කරමින් ශ්‍රී ලංකා සංස්කෘතියට සහ කලාවට සේවය කරන රුවන්සිරි විතානගේ මහතාට සහ දමිත‍්‍රී පීරිස් මහත්මිය ද සම්මාන පිරිනැමිණි.
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පැරිස් බහක්මහ උළෙල
ජගත් වන්නිආරච්චි පැරිසිය Thursday, 18 April 2013 03:01 PM
අවශ්‍ය නම් මෙම මධ්‍යස්ථානය හා පුද්ගලයින් ගැන මට කරුණු ගෙනහැර දැක්විය හැක. (නි)