ශ්‍රී ලංකාවේ 64 වැනි නිදහස් දිනය සැමරීමේ උත්සවයක් ප‍්‍රංශයේ වෙසෙන සිංහල, දෙමළ මුස්ලිම් සහ බර්ගර් ජාතික විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගිය 4 වැනිදා ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි.
ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝනායක පරවාහැර චන්ද්‍රරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති මෙම උත්සවයේ විශේෂත්වයක් වූයේ රට ත‍්‍රස්තවාදයෙන් මුදා ගැනීම සඳහා ජීවිත පූජාකළ රණවිරුවන්ට පින් අනුමෝදන් කරමින් ආගමික වතාවත් පැවැත්වීමයි.
දේශාභිමානි ගී ප‍්‍රසංගයකින් උත්සවයේ වැඩ කටයුතු ආරම්භ වූ අතර ප‍්‍රංශයේ ධම්මචක්ක විහාරාධිපති කෝ. ආනන්ද ජේතවන විහාරාධිපති මුරුංගාගස්යායේ ඥනිස්සර, ශ්‍රී ලංකාවෙන් වැඩම කළ මීමනපලානේ පක්‍ද්ක්‍දාතිස්ස යන හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයද උත්සවයට සහභාගිවූ පිරිස අතර වූහ. ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නියෝජනය කරමින් උත්සවයට සහභාගිවූයේ එහි දෙවැනි ලේකම් ජෝර්ජ් කුක් මහතාය. ජාතික කොඩිය ඔසවා චාරිත‍්‍රානුකූලව පොල්තෙල් පහන දල්වනු ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාවේ නිදහස් දිනය නිමිත්තෙන් විවිධ සංවිධානවලින් එවා තිබූ පණිවුඩ කියවන ලදී.
ප‍්‍රංශයේ මේ දිනවල පවතින අධික සීතලද නොතකා විශාල පිරිසක් මේ උත්සවයට සහභාගි වූහ.







1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම උදාරයි. ශ්‍රී ලංකා රජය නියෝජනය කරන අය තමන්ගෙ වගකීම් පැහැර හැර අත්තනෝමතික අදහස් ක්‍රියාත්මක කිරීම නිසා අපේ ගරුතර සංඝරත්නයට තනිවම මේ වගේ සාර්ථක ජාතික උපහාර උත්සව පැවැත්වීමට ධෛර්යය ලැබීම අපේ වාසනාවක්.