IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පැරිස් ගිය ගුරු පියාට පොරමඩුලූ ආදි සිසු උපහාර

හැත්තෑව දශකයේ පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ගණිතය ඉගැන් වූ දැන් පැරීසියේ ජීවත්වන ඒ.පී. පෙරේරා මහතාට උපහාර පිදීමේ සුහද හමුවක් මහනුවර ගැටඹේ දී පැවැත්විණි. ඔහුගෙන් උගත් ආදි සිසුහු මෙය සංවිධාන කළහ. ඒ.පී. පෙරේරා මහතා පොරමඩුල්ලේ ආදි සිසුන් හමුවූයේ දශක හතරකට පසුවය. පැරීසියේ ජීවත්වන ලාංකික දරුවනට ඔහු නොමිලේ ගණිතය උගන්වයි. දහම් අධ්‍යාපනය ලබාදෙයි. යුරෝපයේ පාසල් නිවාඩුව බැවින් ඔහු ආදි සිසුන් සොයා ලංකාවට ආවේය. ඔහුගෙන් උගත්තෝ අද විවිධ ක්‍ෂේත‍්‍රවල ඉහළම පුටුවල හිදිති. පොරමඩුල්ල විදුහලේදී 1967-68 සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ දක්‍ෂමතම නිලිය වූ පුෂ්පා කුමාරි මංගලිකා ගැටඹට ආ ආදි ගුරුතුමන් මල් කළඹක් දී පිළිගත්තාය. එල්.ආර්.බී. දිසානායක, ටෙක්ලා ජයකොඩි එහිදී දෙසුම් පැවැත් වූහ. ආදි ගුරුතුමියන් හට එහිදී සිහිවටනයක්ද පිරිනැමිණි. ඒ.පී. පෙරේරා මහතා මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ සිට පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයට ආවේ පළමු පත්වීම ලබාගනෙය. අනතුරුව ඔහු කොළඹ නාලන්දා විදුහලේද සේවය කළේය. උත්සවය අවසානයේදී අපට අතීතයේ කතාවක් මතක්විය. ”සාමාන්‍ය පෙළ විභාගයේදී ඇතැමුන් බුද්ධ ධර්මය විෂය අසමත්ය. නමුත් ගණිතය සමත්ය. ඒ ගණිත පාඩම ඉගැන්වූයේ ඒ.පී. පෙරේරා ගුරුතුමාය.”



අදහස් (0)

පැරිස් ගිය ගුරු පියාට පොරමඩුලූ ආදි සිසු උපහාර

දයා, සෞදි Monday, 24 September 2012 12:45 PM

පිදියයුත්තන්ට පිදිය යුතුයි (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Monday, 24 September 2012 12:54 PM

කළ ගුණ දන්න හොද යහපත් දරුවන් ටිකක්. වාසනාවන්ත ගුරු පියෙක්. ඔබට දිගාසිරි පතමි. (නි)

:       0       0

සේනානායක Monday, 24 September 2012 03:55 PM

මෙවැනි උතුමන් වර්තමානයේ දුලබයි..(ස)

:       0       0

රංජිත් Monday, 24 September 2012 09:22 PM

එතුමා කොතරම් නීහතමානි ආදර්ශවත් ගුණවත් පුද්ගලයෙකුද කියනවා නම් පැරිසියේ ඉන්න දු පුතුන්ගේ අධ්‍යාපනය සඳහාත් හොඳ උපදෙස් ලබාදෙමින් විශාල සේවාවාක් නිහඞව කරගෙන යනවා. ඔබට දිගාසිරි පතමි. (නි)

:       0       0

සිල්වා පැරිස් Monday, 24 September 2012 02:28 PM

ඔහු ගම්පහදි පෙරේරා සර් දුන් දෙය සැමදා සුවදයි. මමත් ඔහුගේ ගෝලයෙකු බැවින් අපේ ගුරුතුමාට ජයසිරි.(නදී)

:       0       0

ගයාන් Tuesday, 25 September 2012 02:54 AM

ගුරුතුමාගේ මේ තරුණ පෙනුමේ රහස කුමක්ද? (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 24 September 2012 12:15 PM

හොද දේ කරපු අයට හැමදාම ලැබෙන්නේ හොදම තමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 758 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site