හැත්තෑව දශකයේ පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ගණිතය ඉගැන් වූ දැන් පැරීසියේ ජීවත්වන ඒ.පී. පෙරේරා මහතාට උපහාර පිදීමේ සුහද හමුවක් මහනුවර ගැටඹේ දී පැවැත්විණි.
ඔහුගෙන් උගත් ආදි සිසුහු මෙය සංවිධාන කළහ. ඒ.පී. පෙරේරා මහතා පොරමඩුල්ලේ ආදි සිසුන් හමුවූයේ දශක හතරකට පසුවය. පැරීසියේ ජීවත්වන ලාංකික දරුවනට ඔහු නොමිලේ ගණිතය උගන්වයි. දහම් අධ්‍යාපනය ලබාදෙයි. යුරෝපයේ පාසල් නිවාඩුව බැවින් ඔහු ආදි සිසුන් සොයා ලංකාවට ආවේය. ඔහුගෙන් උගත්තෝ අද විවිධ ක්‍ෂේත‍්‍රවල ඉහළම පුටුවල හිදිති.
පොරමඩුල්ල විදුහලේදී 1967-68 සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ දක්‍ෂමතම නිලිය වූ පුෂ්පා කුමාරි මංගලිකා ගැටඹට ආ ආදි ගුරුතුමන් මල් කළඹක් දී පිළිගත්තාය.
එල්.ආර්.බී. දිසානායක, ටෙක්ලා ජයකොඩි එහිදී දෙසුම් පැවැත් වූහ. ආදි ගුරුතුමියන් හට එහිදී සිහිවටනයක්ද පිරිනැමිණි.
ඒ.පී. පෙරේරා මහතා මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ සිට පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයට ආවේ පළමු පත්වීම ලබාගනෙය. අනතුරුව ඔහු කොළඹ නාලන්දා විදුහලේද සේවය කළේය.
උත්සවය අවසානයේදී අපට අතීතයේ කතාවක් මතක්විය.
”සාමාන්‍ය පෙළ විභාගයේදී ඇතැමුන් බුද්ධ ධර්මය විෂය අසමත්ය. නමුත් ගණිතය සමත්ය. ඒ ගණිත පාඩම ඉගැන්වූයේ ඒ.පී. පෙරේරා ගුරුතුමාය.”
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිදියයුත්තන්ට පිදිය යුතුයි (නි)
කළ ගුණ දන්න හොද යහපත් දරුවන් ටිකක්. වාසනාවන්ත ගුරු පියෙක්. ඔබට දිගාසිරි පතමි. (නි)
මෙවැනි උතුමන් වර්තමානයේ දුලබයි..(ස)
එතුමා කොතරම් නීහතමානි ආදර්ශවත් ගුණවත් පුද්ගලයෙකුද කියනවා නම් පැරිසියේ ඉන්න දු පුතුන්ගේ අධ්‍යාපනය සඳහාත් හොඳ උපදෙස් ලබාදෙමින් විශාල සේවාවාක් නිහඞව කරගෙන යනවා. ඔබට දිගාසිරි පතමි. (නි)
ඔහු ගම්පහදි පෙරේරා සර් දුන් දෙය සැමදා සුවදයි. මමත් ඔහුගේ ගෝලයෙකු බැවින් අපේ ගුරුතුමාට ජයසිරි.(නදී)
ගුරුතුමාගේ මේ තරුණ පෙනුමේ රහස කුමක්ද? (නි)
හොද දේ කරපු අයට හැමදාම ලැබෙන්නේ හොදම තමයි. (නි)