(හර්ෂණ තුෂාර සිල්වා, රන්ජන් කටුගම්පොළ සහ මනෝප්රිය ගුණසේකර)
බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද (20) පෙනි සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම විසින් අසනු ලැබූ සියලු ප්‍රශ්නවලට සවිස්තරාත්මකව පිළිතුරු දුන්නේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේ පෙනි සිටියේ එම කොමිසම කරන ලද ඉල්ලීමකට අනුවය. මෙරට ඉතිහාසයේ ජනාධිපති විමර්ශන කොමිසමක් ඉදිරියේ පෙනි සිටි පළමු අග්‍රාමාත්‍යවරයා වන්නේ ද රනිල් වික්‍රමසිංහ මහතාය.
මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් සම්බන්ධයෙන් පත් කර තිබෙන ජනාධිපති විමර්ශන කොමිසම ප්‍රශ්න 48කින් සමන්විත ප්‍රශ්නාවලියක් සහ තවත් ප්‍රශ්න කිහිපයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවා තැබූ අතර ඒ සියල්ලට අග්‍රාමාත්‍යවරයා සවිස්තරාත්මකව පිළිතුරු එවා තිබිණි.
එම ප්රශ්නවලිවල ඇතැම් පිළිතුරු සම්බන්ධයෙන් කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පැහැදිලි කිරීම් සටහන් කරගන්නා ලදි. ඉන් අනතුරුව නීතිපති ජයන්ත ජයසූරිය මහතා අග්‍රාමාත්‍යවරයාට තවත් ප්‍රශ්න කිහිපයක් යොමු කළ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ප්‍රශ්න සියල්ලට ද පිළිතුරු දුන්නේය.
අග්‍රාමාත්‍යවරයාගෙන් කොමිසම ලිඛිත පිළිතුරු සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් ලබාගැනීම සහ නීතිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට ප්‍රශ්න යොමු කිරීම සහ අග්‍රාමාත්‍යවරයා එම ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම පැයකට ආසන්න කාලයකට සීමා විය.
අග්‍රාමාත්‍යවරයා පෙරවරු 9.50ට පමණ කොමිසම වෙත පැමිණි අතර වැඩි කල් නොයවා නියමිත කටයුතු අවසන් කළ යුතු බව ද එහිදි කොමිසමේ සභාපතිවරයා කීය.
කොමිසමට පැමිණි අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතාට කොමිසමේ සභාපති විනිසිරු කේ.ටී චිත්රසිරි මහතා විශේෂ ස්තූතියක් ද පිරිනැමුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහිදී වැදගත් වනුයේ තමන්ගේ නිර්දෝෂී හෝ වැරදිභාවය අධිකරණයට තීරණය කිරීමට ඉඩදී ප්‍රශ්න, ගැටළු වලට නිසිලෙස පිළිතුරු දුන්නාද යන්න පමණකි.
ගිය ආණ්ඩුව කාලේ ඔය වගේ ලොක්කෙක්ට එන්න කිව්ව නං එයිද? ඔන්න ඕකට තමයි වෙනස කියන්නේ.
මගේ පුතා හපනා. මම දන්නවා විභාගේ ඉහළින්ම සමත් වෙනවා කියලා. (හැබැයි ඉතින් අපේ අභාග්‍යය තමා)
අපට අහිමි වූ බිලියන 59 අපට ආපසු ලැබුණොත් මේ බදු අඩුවේවි. එහෙම වෙයිද මහත්තයෝ...?
අපි හිතුවා මෙතන හොඳ දෙයක් වෙයි කියලා. එ්ත් අනික් අය අැවිත් දවස් ගණන් සාක්ෂි දුන්නා. එ් මෙතන තියන ගැටළුවේ සංකීර්ණ භාවය වැඩි නිසා. අගමැතිට ගියේ පැයයි. මේක මෙගා රඟපෑමක්. ඔබතුමන්ලාගේ විසිල් වලින් වැඩක් නෑ. අපට වැදගත් ඔබතුමන්ලාට බල්ටි ගහන්න පුළුවන්ද කියන එකයි. අපි බලමු අවසානේ කී දෙනෙක් මේ වංචාවට හිරේ යයිද? බිලියන කීයක් අපේ මුදල් අාපහු භාණ්ඩාගරයට එයිද කියලා. එ්කයි අපිට වැදගත්. එදාට අපි ඔබලගේ පිරිසිදු බව පිළිගනනම්.
ඒ ඇසූ ප්‍රශ්න හා ඒවාට දුන් පිළිතුරු අපටත් දැනගන්න පත්තරේ දාන්නකෝ. ඊට පස්සේ අප තීරණය කරන්නම් පුංචි ඡන්දේදී කාටද කතිරේ ගහන්න ඕන කියලා.
ප්‍රශ්නවලට උත්තර දෙන්නට, කොමිසම කතානායකතුමාගේ නිල නිවසට ගෙන්වා ගත්තේ නැහැ නේද?
සරල ප්රශ්නය- මහබැංකුවේ වංචාවක් සිදු වී නැති බවත්, මහබැංකු අධිපති නිවැරදි බවත්, තමා ඒ පිළිබඳව සියලු වගකීම ගන්නා බවත් පාර්ලිමේන්තුවේදී පැවසුවේ කවර පදනමකින් ද?
අපිට ඔබතුමා කොමිසමට ගියත් එකයි නැතත් එකයි, මේ ජනතාවගෙන් මංකොල්ල කා ගත්ත සල්ලි ටික ආපහු ගන්න ක්‍රමයක් තමයි අපිට ඕනෑ....
එහෙනම් කලින් ප්‍රශ්න පත්තරේ පිටවෙන්ට ඇති.
මොනා කිව්වත් එක්සත් ජාතික පක්ෂයට නම් ආයිත් ඡන්දේ දෙන්නේ නෑ.............ඔය පොහොට්ටු හොරු නිදහස් පක්ෂේ අවස්ථාවාදියන්ටත් දෙන්නේ නෑ.............ජවිපෙ ට දිලා බලනවා.....උලත් එකයි පිළත් එකයි කියලා........
බටලන්දෙනුත් ලිස්සු ආඳට මේක මොන කජ්ජක්ද?
ඔහු ප්‍රශ්න පත්ටරේට ලකුණු 100 යෙන් 100 යේම ගන්න ඇතිද ? නීතිපති ගෙන් කොපි කලාද?
මේ වගේ ඩ්‍රාමා බළලා බළලා අපිට දැන් ඇතිවෙලා තියෙන්නේ තවත් විහිලුනම් එපා..................
අන්තිමට පරාද, අන්තිමට හිරේට යන්න ඕන මහජනතාව.
100% අරන්ද ඒ කියන්නේ ????
මෙතන තියෙන ප්‍රශ්නේ බය නැති අගමැති කම නෙමෙයි ගත්ත සල්ලි නැවත ගන්නේ කොහොමද කියන එකයි . ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන ගොනෙකුට පුළුවන් . අන්තිමට ජනතාවගේ බදු සල්ලි හොරකම් කරලා ඒ සල්ලි පියවන්න නැවත ජනතාවට බදු බර තව වැඩි කරනවා
ඉස්සර මේ රටේ සොකරි, නාඩගම් වගේ දේවල් තිබුණත් දැන් ඒ දේවල් නැත්තට නැතිවෙලා. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ අඩුම ගානේ මාසයකට එක බැගින් වත් මේවගේ කොමිෂන් පත් කරන්න, ප්ලීස්..
මෙයා දුන්න උත්තර මොනවද කියල අපි දන්නේ නැහැනේ.
අපි T V එකේ දැක්ක , හරියට ජාත්‍යන්තර සම්මානයක් ගන්න අවා වගේනේ රඟපෑවේ .
අනුමානයක් නැහැ, ප්‍රශ්ණ පත්තරය කලින් පිටවෙලා නැතිනම් අර රසායන විද්‍යාව ප්‍රශ්ණ පත්‍රය වගේ වැඩක් වෙන්න ඇති!