IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පුරාවස්තු අනතුරේ

ශී‍්‍ර මහා බෝධිය අසළ පිහිටි පුරාවිද්‍යා නිල නිවාස ඉවත් කොට එම ස්ථානය සංවර්ධනය කිරීමටයැයි කියමින් ඩොසර් යොදවා පස් ඉවත් කිරීම නීති විරෝධී කාර්යයක් යැයි ශී‍්‍ර ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ ලේකම් මහාචාර්ය ගාමිණී අධිකාරී  පවසයි. ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ උඩමළුව භාර හිමියන්ගේ ඉල්ලීම මත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු ගොඩනැගිලි ඉවත් කිරීමේදී ඔවුන්ගේ ඉදිරි සැළසුම පිළිබඳ සිතා බැලීමට තිබූ බවත් මෙම නීති විරෝධී කාර්යය වහාම නැවැත්වීම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය වහාම මැදිහත්විය යුතු බවත් එවැනි ස්ථානයන්හි පස් ඉවත් කිරීමට හෝ සමතලා කිරීමට පුරාවිද්‍යාඥයන් හැර වෙනත් කිසිම අයකුට අවසර ලබා නොදිය යුතු බවත් මහාචාර්ය අධිකාරී මහතා කියා සිටියේය. එහි පොකුණක් කැපීමට බැකෝවක් ගෙනවුත් ඇත. සිවිල් ආරක්‍ෂක බළකාය එම පොකුණ කැපීමට එහි පැමිණ සිටිතියි උඩමළුව පොලිසිය පවසයි. ඒ මහතා මෙසේ ද කීවේය. ශී‍්‍ර මහා බෝධිය සහ රුවන්වැලි සෑය, ලෝවා මහාපාය එකිනෙක ආසන්නයේ පිහිටා තිබෙනවා. මේවා මහා විහාරයට අයත් ගොඩනැගිලි සහ ස්මාරක. කි‍්‍රස්තු පූර්ව යුගයේ ගොඩනැගුණු මේ ගොඩනැගිලි සහ ස්මාරක අතර තවත්  ඕනෑ තරම් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත දේ තිබෙනවා. ඒවා ඇතැම් විට තවමත් විධිමත් ආකාරයෙන් ගවේෂණය කර නැහැ. ඉතින් එවැනි ස්ථාන ඩෝසර් යන්ත‍්‍ර යොදා හාරා පොකුණුවලට වතුර පුරවන්න හෝ රථ ගාල් සාදන්නට හෝ කිසිසේත්ම ඉඩදිය නොහැකියි. පැමිණෙන සංචාරකයන්ට රථ ගාල් හදනාවනම් ඒවා තිබිය යුත්තේ ස්මාරක ඇති භූමියෙන් පිටත. ඒ වගේම පොකුණු හාරනවානම් ඒ කාර්යය කරන්න  ඕනෑ ග‍්‍රාමාරක්ෂක හෝ සිවිල් ආරක්ෂක නිලධාරීන් නොවේ පුහුණුවක් ලැබූ පුරාවිද්‍යාඥයන් විසින්. ඒ නිසා අපි මේ සිදුවීම තරයේ හෙලා දකිනවා. ඒ වගේම මේ ස්ථාන රැකබලා ගන්නා ඇතැම් පිරිස් විසින්ම අන්තනෝමතික ලෙස මේවා විනාශ කැර දැමීමට හිතාමතා හෝ නොදැනුවත් කම නිසා කටයුතු කරනවානම් එය වහාම වැළැක්විය යුතුයි.



අදහස් (0)

පුරාවස්තු අනතුරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site