IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පර්වේස් මුෂාරෆ් උසාවියෙන් ලිස්සා යයි

පකිස්ථානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී ස්ලාමාබාද් මහාධිකරණ භූමියෙන් ලිස්සා ගියේය.

ඔහුට එරෙහිව ශ්‍රේෂාඨාධිකරණ විනිසුරු සවුකත් අසීස් සිද්ධික් විසින් පැවරුණු නඩුවෙන් ඔහුගේ ඇප අවලංගු කළ වහාම ඔහු සිය ආරක්ෂකයන් සමග වෙඩි නොවදින මොටර්රථයෙන් පලා ගියේය.

2009දී ඔහු අගවිනිසුරු ඉෆ්තිකාර් මහමුද් චවුද්‍රි ඇතුළු විනිසුරුවරුන් හැට දෙනකු පමණ  රඳවා ගත්තැයි කියන සිද්ධිය පිළිබඳ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ ඔහුගේ ඇප අවංගු කැරිණි.

පකිස්තාන පොලීසිය පැවසුවේ හිටපු ජනරාල් ඔහුගේ ගොවිපළට ගොස් සිටි බවයි.

පොලීසිය එහි ගොස් ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක් නිකුත් කළැයි මේ අතර ඉස්ලාමාබාද් මහාධිකරණය කියයි.

වසර හතරක් රටින් පිටුවහල්ව සිටි මුෂාරෆ් ගියාමාසයේ පකිස්ථානයට පැමිණියේ මැයි 11 වැනිදා මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහාය. එහ්‍තේ ආසන හතරකින්ම ඔහු විසින් ඉදිරිපත් කැරුණු අයදුම්පත් මැතිවරණ කොමිසම විසින් ඉවත දැමිණි.



අදහස් (0)

පර්වේස් මුෂාරෆ් උසාවියෙන් ලිස්සා යයි

රකිත් Friday, 19 April 2013 06:28 AM

අපේ රටේ නම් අයෙක් පැවසු පරිදි "ගැහැනියක් පිරිමියෙක් කරන්නයි, පිරිමියෙක් ගැහැනියක්" කරන්න විතරයි බැරි අනිත් ඕනෑ දෙයක් කරන්න පුළුවන්. (නි)

:       0       0

හේරත් Thursday, 18 April 2013 06:35 PM

ඔන්න තවත් භුමිකම්පාවක්... (නි)

:       0       0

ජීවන්ත Thursday, 18 April 2013 01:41 PM

මතකද අපේ එක්කෙනෙක් හෙලිකොප්ටරෙන් උසාවි ආවා? (නි)

:       0       0

උපාලි Thursday, 18 April 2013 01:54 PM

පාකිස්තානේ මොන තරම් පිස්සු වැඩ කළත් අර ප්‍රජාතන්ත්‍රවාදයේ කණු තුන (විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය) හොඳට හිටවලා තියෙනවා කියලයි මට හිතෙන්නේ. අපේ රටත් එක්ක බලනකොට නම් නිසැකවම එහෙමයි. (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 18 April 2013 01:55 PM

එහෙ පොලිසියත් අයිති අපේ පොලිසි‍යටමද? (නි)

:       0       0

හේරත් Thursday, 18 April 2013 07:16 PM

හමුදා නායකයෝ ලිස්සා යන්නේ /ලෙඩ වෙන්නේ මෙහෙ වගේම තමයි එහෙත්.(නදී)

:       0       0

එක්ස්ටීම් Thursday, 18 April 2013 02:19 PM

අපොයි ඔව් උපාලි. ඔය කනු තුනම හිටවලා තියෙනවා අපූරුවට, පාකිස්තාන් හමුදා බුද්ධි අංශයෙ (නි)

:       0       0

හේරත් Thursday, 18 April 2013 02:34 PM

"ප්‍රජාතන්ත්‍රවාදයේ කණු තුන හොඳට හිටවලා තියෙනවා" අම්මපා හැබෑව. අල්ලපු ගෙදර කුකුලගේ කරමලේත් රතු පාටලු. (නි)

:       0       0

සුමි Thursday, 18 April 2013 02:53 PM

ඒ කවුද ? (නි)

:       0       0

වරුණ Thursday, 18 April 2013 02:53 PM

කර්මය පස්සෙන් එලවන බව අපේ කට්ටිය තේරුම් ගන්න ඕන මේවා බලල. බලය නැති කාලෙක අවලංගු කාසියක් වගේ ඔය දර්මය කාටත් පොදුයි...(ස)

:       0       0

ශාන්ත ලාල් Thursday, 18 April 2013 08:36 PM

පකිස්ථානය පාලනයට දැං අවශ්‍ය වෙන්නේ පර්වේස් වගේ එඩිතර නායකයෙක්.. ඔහුට පුළුවං පකිස්ථානය ගොඩ ගන්න.. සත්‍යය ඒකයි..!(නු)

:       0       0

සමන් Thursday, 18 April 2013 02:58 PM

අපේ දේශපාලකයොත් කවදා හරි ඔය වගේ උසාවි යවන්න ‍වේවි දැන් මේ කරන වැරදි වලට (නි)

:       0       0

සංජු Thursday, 18 April 2013 08:42 PM

මොනවාද වෙලා තියෙන්නේ..?(නු)

:       0       0

සුජානි Thursday, 18 April 2013 08:43 PM

කකුලවත් කඩාගත්තද දන්නෙ නැහැ.(නු)

:       0       0

ලකී Thursday, 18 April 2013 03:05 PM

බලේ නැති වුණාම ඔය කණු තුනම හොදයි උපාලි. (නි)

:       0       0

අමිල Thursday, 18 April 2013 09:27 PM

පොලිසිය අල්ලයිද? ඔහු හා එක්වෙයිද?(නදී)

:       0       0

පෙ‍රේරා Thursday, 18 April 2013 05:22 PM

වරුණ සමග මා එකගයි ,යථාර්තය එයයි. (නි)

:       0       0

වින්ත් Friday, 19 April 2013 04:14 AM

අමතක කරන්න එපා අපිට යුද්දේ කාලේදී මෙතුමා මල්ටි බැරල් දුන්නා කියලා. හැමෝම අහක බලද්දී චෙක් ජනරජයි පකිස්තානයයි යුධ අධාර දුන්නේ. දැන් ඔය මුස්ලිම් මිනිසුන්ට කටින් ගහන අපේ අයට අමතක වුණාට අපේ ගුවන් හමුදාවට නියමුවන් පුහුණු කරන්න උදව් වුණේ මෙතුමාගේ එඩිතරකම හින්දා. එතකොට වෙන කවුරුත් හිටියේ නැහැ. (නි)

:       0       0

කීර්ති Thursday, 18 April 2013 05:34 PM

පකිස්තාන් ජනතාව බුද්ධිමත්ව රට ගැන හිතලා නැවත පර්වේස්ව පත් කරගන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site