හම්බන්තොට කච්චේරියට පරෙවියන් ඇතුළුවීම වැලැක්වීම සදහා රුපියල් අනු ලක්ෂයක පමණ වියදමින් දැල් ගැසීමට යයි. මේ සදහා ටෙන්ඩර් කැදවන බව හම්බන්තොට දිසාපති ආර්.සී ද සොයිසා මහතා කියයි.
පරෙවියන්ගෙන් ද, පරවි බෙටි වලින් ද විවිධ ලෙඩ රෝග පැතිරෙතියි කියති.
ලන්දේසි යුගයේ සිට මෙරට බොහෝ තැන් හි පරවියන් සදහා වෙනම ‘‘කූඩු‘‘ ඉදිකළ බව පැරැන්නෝ කියති.
එහෙත් දැන් එම කූඩු දක්නට ඇත්තේ කලාතුරකිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි යනවා තමයි. ඒත් මෙච්චර (දී)
බුදු අම්මෝ! ගෙවල් කීයක් හදන්න පුලුවන් සල්ලියක්ද? (නි)
තට්ටු 25 ක් නෙවෙයි.. මට හිතෙන විදිහට ගොඩනැඟිල්ලෙ බිත්ති ඇත්තෙම නැතුව ඇති. නිකං මඩුවක් වෙන්න ඇති. (අ)
කුරුල්ලෝ ජරා කලාම විදින දුක දැක්කාම ලක්ෂ 90 කමක් නැහැ කියලත් හිතෙනවා (දී)
අලුත් තාක්ෂණය භාවිතා කරනවා නම් ඕක ඔයිට වැඩිය අඩු මුදලකින් කරන්න පුළුවන්. (නි)
ඇඩු වියදමකින් වෙන විකල්පයක් ඇත්තෙම නැද්ද? (නි)
මිට අඩුවෙන් කරන්න බැරිද (දී)
පරෙවියෝ අල්ලනවට වැඩිය නරකද වෙන ඵලදායී වැඩක් කළා නම්? (නි)
පරෙවියන්ටත් දැන් හිතෙනවා ඇති පදිංචිය මාරුකරන්න. (නි)
ගොඩනැගිල්ල තට්ටු විසිපහක්වත් ඇති මගෙ හිතේ.(නදී)
කාගෙද සල්ලි, දිසාපතිගේ, මහජන මුදල්ද?(නදී)
මතක තියා ගන්න මේ වැඩෙන් දෙගොල්ලන්ටම අගතියක් වෙන්න බැහැ (දී)
මේ ලක්ෂ 90 න් ලක්ෂ කීයක් වියදම් වෙයිද? කීයක් සාක්කුවට යයිද? දුප්පත් අපි හැමදාම බඩගින්නේ. (නදී)
මේ වියදම් කරන හැටියට සුළු මුදලක්නේ. ඔන්න ඔය කොන්ත්‍රාත්තුව දීලා දාන්න.(නදී)
පරෙවියන්ට අපි කූඩු හදමුකෝ. එතකොට ඔච්චර වියදමක් යන එකක් නැහැ. (නි)
මිනිස්සුන්ව වගේම අපි සත්තුන්වත් රක ගන්න ඕනේ (දී)
එච්චරයි අඩු. මේ වගේ දේවල් වලට මහා පරිමාණයෙන් මුදල් වියදම් කරන නිසා තමයි ලංකාව තවමත් දියුණු වෙන්නෙ නැත්තෙ. (නි)
අයියෝ සල්ලි! (නි)
ලොකු වහලයක් ගහන්නකෝ (දී)
අයියෝ සල්ලි (දී)
ඊට අඩුවෙන් බැරි වෙයිද (දී)
මෙන්න තවත් උතුම් ගණුදෙනුවක්. (නි)