නව පරපුර අතර ජනප්‍රිය යොවුන් ගායකයෙකු වන ප්‍රවීන් සුරංග, සිය අලුත්ම ගීතය හා රූප රචනාව ‘අවසරයි සමුගන්න’ පසුගියදා එළිදැක්වීය. මීට පෙර ගීත කිහිපයක්ම එළිදක්වා ඇති ප්‍රවීන් සිය අලුත්ම ගීතයට හා රූප රචනාවට පිළිබඳව ‘සාරවිට’ අපට මෙසේ පැවැසීය.
මුලින්ම අලුත් ගීතය ගැන කතා කරමු?
‘අවසරයි සමුගන්න’ තමයි මගේ අලුත්ම ගීතය හා රූප රචනාව. මේ ගීතය ලිව්වේ රොෂාන් පතිරණ. සංගීතවත් කළේ ප්‍රගීත් පතිරණ. මේ ගීතය මගේ සිවුවැනි ගීතය. ඒ වගේම දෙවැනි ගීත රූප රචනාව. මෙහි රූප රචනාව නිර්මාණය කළේ තරිඳු ඒ විමලවීර. මා සමගින් මෙහි චාමර බණ්ඩාරනායක හා ශෂි ඇන්ජලීනා රංගනයෙන් දායක වෙනවා. මෙහි නිෂ්පාදන බරපැන දැරුවේ අභිසංක පෙරමුණ.
රසික, රසිකාවියන්ට මේ ගීතය රසවිඳින්න තියෙන අවස්ථාව කොහොමද?
දැනට මේ ගීතය රූපවාහිනි හා එෆ්.එම්. නාළිකාවල අහන්නටත්, දකින්නට ලැබෙනවා. ඒ වගේම අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයකම මේ ගීතය භාගත කර රසවිඳීමේ හැකියාව තියෙනවා.
සංගීතය ක්ෂේත්‍රයට පිවිසුණේ?
පාසල් යන අවධියේ සිටම සංගීතයට ඇලුම් කළ කෙනෙක් මම. පාසල් අධ්‍යාපනය නිමාවත් එක්ක මම සංගීත නිර්මාණ කටයුතුවල නිරතවුණා. රසික චාමර ලියපු, චමින්ද සමරනායක සංගීතවත් කළ ‘ඇහෙනවා නම් දුක් මගේ’ ගීතය තමයි මගේ පළමු ගීතය. ඊට පස්සේ රසික චාමර පද රචනා කර, චමින්ද සමරනායක විසින් සංගීතවත් කළ ‘මුණ ගැහුණදා’ නමින් තවත් මම ගීතයක් එළිදැක්වුවා. මගේ පළමු මියුසික් වීඩියෝව ඇතුළත් ගීතය තමයි ‘මතක පෙරදා’ කියන්නේ. එයද ගී පද රචනා කළේ ‘අවසරයි සමුගන්න’ ගීතය ලියූ රොෂාන් පතිරණයි. එය සංගීතවත් කර තිබුණේ කසුන් පොල්ගම්පොළ විසිනි.
පාසල් යන කාලේ ඔබ ගායකයෙක් විදිහට ජයග්‍රහණත් අත්කරගත්ත කෙනෙක්?
මම ගොඩක් සංගීත තරගවලට සහභාගි වෙලා අවසන් තරග වටවලට ඇවිල්ලා තියෙනවා. ඒ හින්දම තමයි හිතුණේ මට මේ ක්ෂේත්‍රය තුළින් ලොකු ගමනක් යන්න පුළුවන් කියලා. ක්ෂේත්‍රයට ඇවිල්ලා තවම මම කෙටි කාලයයි. ඉතින් මේ කෙටි කාලය තුළ මම යම් දුරක් මේ ක්ෂේත්‍රය තුළ ඇවිල්ලා තියෙනවා කියලා හිතනවා.
අලුත් ගීතයෙන් පස්සේ?
‘අවසරයි සමුගන්න’ ගීතයෙන් පස්සේ තවත් අලුත් වැඩ කිහිපයකටම මේ දවස්වල හිත යොමු කරලා තියෙනවා. නමුත්, මම බලාපොරොත්තු වෙනවා තව ටික කාලයක් මේ ගීතය මගේ ආදරණීය රසික, රසිකාවියන්ට රසවිඳින්න අවස්ථාව ලබාදෙන්න.
කට්ටියට ස්තුති කරමු?
‘අවසරයි සමුගන්න’ ගීතය නිෂ්පාදන දායකත්වය සැපයුවේ අභිසංක පෙරමුණ, ඒ වගේම අජිත් හේරත් ගුරුතුමාට මෙන්ම ‘අවසරයි සමුගන්න’ ගීතයට නන් අයුරින් දායකත්වය සැපයු රොෂාන්, ප්‍රගීත්, චාමර, ශෂි හා තරිඳු ඇතුළු පිරිසට මුලින්ම ස්තුති කරන්න ඕනා. එමෙන්ම නිරන්තරයෙන්ම මාව දිරිමත් කරන පවුලේ සියලුම දෙනාවත් මේ වෙලාවේදී මතක් කරන්න අවශ්‍යයි.
0711516769
බුද්ධික සේනාධීර



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd