ප්‍රවීන මාධ්‍යවේදී ආරියදාස පීරිස් මහතා අභාවප්‍රාප්ත විය.
වෙළෙඳ සේවයේ පළමු නිවේදකයා ලෙස සැලකෙන්නේ ද ආරියදාස පීරිස් මහතා ය. වෙළෙඳ සේවයේ 1951 සැප්තැම්බර් දෙවැනි දා ඇරැඹි ‘ආධුනික පැය‘ නම් වැඩසටහන මුලින්ම ඉදිරිපත් කිරීමේ භාග්‍ය ලැබුණේ ඔහුටය.
පීරිස් මහතා සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලින් ද වැඩසටහන් මෙහෙයවීය.
කුරුලු බැද්ද චිත්‍රපටයේ වෛද්‍යවරයාගේ චරිතයට පණ පෙවූ ආරියදාස පීරිස් මහතා සිය දක්ෂතා නිවේදකයකුගේ භූමිකාවෙන් එහාටද ඇති බව පෙන්නුම් කළේය.
චරිතා ප්‍රියදර්ශනී පීරිස් මහත්මියගේ පියාණන් වන පීරිස් මහතා සිය දියණියට ගුවන්විදුලි මාධ්‍යයට පමණක් නොව සංගීත ලෝකයේ සැරි සරන්නටද මඟ හසර හෙළි පෙහෙළි කර දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ප්‍රවීණයෙකුගේ සමුගැනීම! ඔබට මගේ ආචාරය! නමුත් කණගාටුව ඒක නෙමෙයි. මෙතුමන් වගේ අය එළිකළ පාර දිගේ නොයා අද ඉන්න ඊනියා නිවේදකයෝ උන්මත්තකයෝ වගේ දොඩවන එකයි (නි)
ඔබට නිවන් සුව !! (නි)
නිවන් සුව අත්වේවා! (නි)
මැතිදුනි, භවගමන ඉතාමත් කෙටිවෙවා!! අජරාමර නිවන අවබෝධ වේවා!!! (නි)
නිවන් සැප ලැබේවා! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
දුක්ඛිත පුවතක් (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ගුවන් විදුලි නිවේදකයෙක් කියලා කට පුරා කියන්න පුළුවන් මහත්මයෙක්. ඔබතුමාට නිවන් සුව! (නි)
ඔබතුමාට නිවන් සැප ලැබේවා!! (නි)
ආරියදාස පිරිස් මැතිඳුන්ට නිවන් සුව පතමු! (නි)
අගනා මාධ්‍යවේදියකු දැයට අහිමිවිය. එතුමාට නිවන් සුව පතමි. (නි)
ඔබට නිවන්සුව අත්වේවා! (අ)
අපගේ බලවත් ශෝකය එතුමා වෙනුවෙන් පළකරමු. අමාමහ නිවන් සුව ලැබේවා..! (නි)
මැතිදුනි, ඔබට නිවන් සුව ලැබේවා! (නි)