ලන්ඩන් නුවරදී දැන් පැවැත්වෙන 14 වැනි පැරලිම්පික් කී‍්‍රඩා උළෙල නැරඹීම සඳහා කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා දැන් ලන්ඩන් නුවරට පැමිණ සිටියි. පැරලිම්පික් උළෙල පැවැත්වෙන ”ලන්ඩන්” ප‍්‍රධාන ඔලිම්පික් ක‍්‍රීඩාංගනයට පෙරේදා (03) පැමිණි කී‍්‍රඩා ඇමැති අලූත්ගමගේ මහතා ශ්‍රී ලංකා කී‍්‍රඩක ලෙස්ලි කුමාර උස පැනීමේ ඉසව්වට තරග වදින අයුරු නැරඹීය. එහිදී ඔහු ”ලන්ඩන්’’ නුවරට පැමිණ සිටින ශ්‍රී ලංකා පැරලිම්පික් කණ්ඩායමේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හා නිලධාරින්ද මුණ ගැසුණි. ඔලිම්පික් කී‍්‍රඩාංගනයේදී ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ට අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවැසීය. ”පැරලිම්පික් උළෙලේදී අපේ කී‍්‍රඩකයන් පැරදුණා. එකෙන් කියන්නෙ අපිට අලූතින් යමක් සිතන්න සිදුවෙන බවයි. මෙතනට ආවම පේනවා අපි ඉන්නෙ කොතැනද කියලා” යයි කී‍්‍රඩා ඇමැතිවරයා පැවැසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ කී‍්‍රඩා ඇමැතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආබාධිතයන් සඳහා වන කී‍්‍රඩා ඉසව් යුද්ධයෙන් ආබාධිත තත්ත්වයට පත්වූ හමුදාවේ අයට සීමාවි තිබෙන තත්ත්වයක් පෙනෙන බවත් එහෙත් එය මුළු රටේම ආබාධිතයන් සඳහා පුළුල් කළ යුතු බවට තමන් විශ්වාස කරන බවත්ය. එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජිකයන් අතර දක්ෂයන් ඉන්න බව මා දැක්කා. ඔවුන්ටත් මේ සඳහා ඉදිරියේ අවස්ථාව ලබාදිය යුතුයි” යයි ද ඇමැතිවරයා පැවැසීය. මේ අතර ඇමැතිවරයා පැවසුවේ ”ලන්ඩන්” පැරලිම්පික් උළෙල සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ට හා නිලධාරීන්ට ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර සහ නිල ඇඳුම් ලබා දීමෙන් කී‍්‍රඩා අමාත්‍යංශය අනුග‍්‍රහය දැක් වූ බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා! (නි)
මුදල් අපේ. සහභාගි වෙන්නේ නිළධාරීන් (නි)
මෙච්චර නිළධාරීන් ගොඩක් මොකටද? (නි)
හැම මාසයකම ඔලිම්පික් තියෙනවානම් කොච්චර ශෝක්ද නේද (ස)
ඇමතිතුමාගේ මුහුණ දකිනකොට අපිට අමුතු ශක්තියක් එනවා. (නි)
මුළු ක්‍රීඩා සංහතියම නැතිවෙලයි තියෙන්නේ. ඕවා බලන්න ගිහින් වැඩක් නැහැ. (නි)
මෙම ඔලිම්පික් උළෙලේ ඇමතිවරුන්ටත් ඉසවුවක් වෙන් වුණා නම් කොපමණ ෂෝක්ද? (නි)
නිලධාරීන් යන්නේ නැද්ද? (නි)
නියම ප්‍රවෘත්තියක්. මම හත් වතාවක් කියෙවුවා. තවත් කියවන්න ආසයි. (නි)
මේක ඉන්දියාවේ හරි ආසියාවේ වෙන රටක හරි තිබුණා නම් කවුරුත් නැතිවෙයි (නි)
ඇයි ඒ එයා ගියේ? (නි)
අපේ දේශපාලනයෙන් බිහිවෙන පැරා කට්ටිය මේ තරග වලට සහභාගි කරවන්න අදහසක් නැද්ද? (නි)
පැරා ඔලිම්පික් ,ඔලිම්පික් කොමිටි එකෙන් යම්කිසි මුදලක් ඒ ඒ රටවලට දෙනවා . (නි)
තමන්ගේ පුද්ගලික වියදමින් ගියාද යන්න දැන ගැනීමට අවශ්‍යයි. (නි)
ඔලිම්පික් උළෙලේ ක්‍රීඩකයන්ට වඩා එහි ගිය නිලධාරීන් ප්‍රමාණය වැඩියි. (නි)
අපරාදෙ රටේ සල්ලි...!!(නු)
ඇමතිතුමාට මේ දවස් වල බරටම වියදම් නේද? (නි)
ඔලිම්පික් බලන්නත් ගියානේ (නි)
ලංකාවේ අතපය හතර හොඳට තිබුන අයත් ඔලිම්පික් ගිහින් පච වෙලා ආවනම් මේ ක්‍රීඩකයන් ගැන මොන කතාද ?..... ලංකාවේ ආබාදිතයෙක් කියන්නේ රටේ කිසි තැනකට තනිව ගමනක් යන්න , තනිව කිසිදෙයක් කරගන්න බැරි කෙනෙක් .... ඒ තත්වය ඇතිකරලා තියෙන්නේ අපේ බලධාරීන්මයි.... දියුණු රටවල නම් ආබාදිතයෙකුට වාහනයක් පැදවීමේ සිට සියලු දේ තනිව කළහැකි වෙන ලෙස වැඩ සලස්වල තියෙනවා ...කොහොම හරි ලංකාව ඉන්නේ මොන තත්වේද කියල ඇමති තුමාටම තේරුන එක ලොකු දෙයක් ....(ස)
අයියෝ සල්ලි...(ස)
අනේ ඇමතිතුමා තමන්ගේ අතින්ම වියදම් කරගෙන වෙන්න ඇති ගියේ, නේද? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
හැමෝම ඇයි මේ නිළධාරීන්ට බණින්නේ? (නි)
ඇමතිතුමා තනියමද ගිහින් තියෙන්නෙ? (නි)
මේවා ඉතින් අපේම සල්ලිනේ (නි)
ඕක දැනගන්න ඔතනටම යන්න ඕනද ???? (ස)
දිනුවත් පැරදුනත් අපි අපේ වැඩ ටික කොහොමහරි කරගන්නවා (ස)
වෙන වැඩ නැතුවට...(ස)
මෙම තරඟ සඳහා මීට වඩා හොඳ පුහුණුවක් ලබාදිය යුතුයි..(ස)
ක්රීඩා ඇමතිතුමාව හුග කාලෙකට පස්සෙනේ මතක්වුණේ (නි)
යමක් කළයුතු බව හැගුනත් කළයුත්තේ කුමක්දැයි නොතේරේ (නි)
තනියමද ගිහිල්ලා තියෙන්නේ? (නි)
මගේ ප්‍රාර්ථනාව තමයි ලංකාවේ ඉපදිලා ඇමතිකෙනෙක් වෙන එක..(ස)
ගිය මාසෙත් ඔබතුමා ගියා. මේ මාසෙත් ඔබ තුමා ගියා. ලබන මාසෙත් යමු. ජය වේවා....(ස)
ක්රීඩා අමාත්‍යාංශයම ආබාධිත වෙලයි තියෙන්නේ දැන්..(ස)