ලොව පුරා විසිර පැතිර සිටින ආබාධිතයන්ගේ ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන පැරලිම්පික් කී‍්‍රඩා උළෙල අද (29) එංගලන්තයේ ”ලන්ඩන්” නුවරදී ආරම්භවේ. බි‍්‍රතාන්‍යයේ වේලාවෙන් අද රාත‍්‍රී 8.00 ට සමාරම්භක උත්සවය පැවැත්වෙන අතර එය ශ්‍රී ලංකාවේ වේලාවෙන් යෙදී ඇත්තේ 30 වැනිදා අලූයම 1.30 ටය. බි‍්‍රතාන්‍යයේ එළිසබෙත් මහ රැජින විසින්ම පැරලිම්පික් කී‍්‍රඩා උළෙලද විවෘත කරනු ලැබීමට නියමිතය. මෙවර පැරලිමිපික් උළෙලට රටවල් 165 කින් විවිධ ආබාධ සහිත ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 4321 ක් සහභාගි වෙති. ඊට එක්ව සිටින නිලධාරීන් ගණන 2405 කි. ශ්‍රී ලංකාව මෙතෙක් පැරලිම්පික් පදක්කමක් දිනා ගෙන නොතිබුණත් මෙවරත් ක‍්‍රීඩකයෝ 6 දෙනකක් සහ කී‍්‍රඩිකාවක් පැරලිම්පික් උළෙලට සහභාගි වීම සඳහා ලන්ඩන් ගොස් සිටිති. යුද්ධයේදී ජොනී බට්ටකු පෑගීමෙන් පාදයක් අහිමිවූ ටෙනිස් ක‍්‍රීඩක උපාලි රාජකරුණා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර ඔහු මෙන්ම ගාමිණී දිසානායකත් 2008 දී බීජිං පැරලිම්පික් උළෙලටත් සහභාගි වූ ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ වෙති.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පැරලිම්පික් උළෙල අද ඇරඹෙයි
චන්දුසිරි Wednesday, 29 August 2012 01:12 PM
ලංකාව ඇතුලු ලොව පුරා සිටින ආබාධිත ක්‍රීඩකයන් සැමට මගේ ප්‍රණාමය....(ස)
අමිල කටුනායක Wednesday, 29 August 2012 10:52 AM
මේකෙන්වත් බලමු...(ස)