ලොව පුරා විසිර පැතිර සිටින ආබාධිතයන්ගේ ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන පැරලිම්පික් කී‍්‍රඩා උළෙල අද (29) එංගලන්තයේ ”ලන්ඩන්” නුවරදී ආරම්භවේ. බි‍්‍රතාන්‍යයේ වේලාවෙන් අද රාත‍්‍රී 8.00 ට සමාරම්භක උත්සවය පැවැත්වෙන අතර එය ශ්‍රී ලංකාවේ වේලාවෙන් යෙදී ඇත්තේ 30 වැනිදා අලූයම 1.30 ටය. බි‍්‍රතාන්‍යයේ එළිසබෙත් මහ රැජින විසින්ම පැරලිම්පික් කී‍්‍රඩා උළෙලද විවෘත කරනු ලැබීමට නියමිතය. මෙවර පැරලිමිපික් උළෙලට රටවල් 165 කින් විවිධ ආබාධ සහිත ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 4321 ක් සහභාගි වෙති. ඊට එක්ව සිටින නිලධාරීන් ගණන 2405 කි. ශ්‍රී ලංකාව මෙතෙක් පැරලිම්පික් පදක්කමක් දිනා ගෙන නොතිබුණත් මෙවරත් ක‍්‍රීඩකයෝ 6 දෙනකක් සහ කී‍්‍රඩිකාවක් පැරලිම්පික් උළෙලට සහභාගි වීම සඳහා ලන්ඩන් ගොස් සිටිති. යුද්ධයේදී ජොනී බට්ටකු පෑගීමෙන් පාදයක් අහිමිවූ ටෙනිස් ක‍්‍රීඩක උපාලි රාජකරුණා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර ඔහු මෙන්ම ගාමිණී දිසානායකත් 2008 දී බීජිං පැරලිම්පික් උළෙලටත් සහභාගි වූ ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ වෙති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව ඇතුලු ලොව පුරා සිටින ආබාධිත ක්‍රීඩකයන් සැමට මගේ ප්‍රණාමය....(ස)
මේකෙන්වත් බලමු...(ස)