තරිඳු ජයවර්ධන
පාර්ලිමේන්තුවේ බහුතර මතයට කන් දී අප දේශය මෙම ව්‍යසනයෙන් මුදවා ගැනීමට වහාම ක්‍රියාකරන ලෙස සියලු පුරවැසියන් වෙනුවෙන් හා නූපන් අනාගත පුරපුර වෙනුවෙන් ගෞරවයෙන් ආයාචනා කරන බව කතානායක කරු ජයසූරිය මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.
කතානායකවරයා මෙම ලිපිය යොමු කර ඇත්තේ කතානායකවරයා විවේචනය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ යොමු කරන ලද ලිපියට පිළිතුරු වශයෙනි.
තමන්ට බහුතරයක් පෙන්වීමේ ශඛ්‍යතාවක් නොමැති බව අවබෝධ කරගත් නව රජයේ මැති ඇමැතිවරුන් ප්රජාතන්ත්රවාදී, පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට නිගරු කරමින්, ස්ථාවර නියෝග පසෙකලා ක්‍රියා කළ ආකාරය ද, සභා ගර්භය මැදට පැමිණ සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ කරමින් ඉතාමත් අශිෂ්ඨ පහත් වචන පාවිච්චි කරමින් හැසිරුණු ආකාරය ද ගරු මන්ත්‍රීතුමා යන ආමන්ත්රණයට කිසි ලෙසකින්වත් සුදුදු නොවන බව ද කතානායකවරයා සඳහන් කර තිබේ.
‘‘ඔවුන් මෙම අශෝබන ක්‍රියාකලාපය තුලින් ස්ථාවර නියෝග අනුව ඡන්ද විමසීමක් පැවැත්වීමට හිතාමතාම බාධා කළ ආකාරය පාර්ලිමේන්තුවේ පටිගත කරන ලද සංයුක්ත තැටි නැරඹීමෙන් ඔබතුමාට අවබෝධ කර ගත හැකිය.‘‘ යනුවෙන් ද කතානායකවරයා ජනාධිපතිට යැවූ ලිපියේ දැක්වේ.
එම සම්පූර්ණ ලිපිය පහතිනි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඇතුලේ ඉන්න කට්ටියට වගේම තමයි එළියේ ඉන්න ලොක්කන්ටත් ඔය කියන ස්ථාවර නියෝගවලින් ඇති වැඩක් නෑ. මොනවා හරි කරලා බලයේ ඉන්න විතරයි හැම එකාටම ඕන.
කතානායකතුමනි අපගේ දේශය මේ පල් හොරුන්ගෙන් ගැලව ගත මැනව මහජන ඡන්දයෙන් පත් වුණු රජය පෙරලීමට ඉඩ නදුනු මැනව.....
නැහැ, මහජනතාව වන අපගේ කැමැත්තට කන් දෙන්න ජනාධිපතිතුමනි. අපිට මැතිවරණයක් ලබාදෙන්න. අපි තීරණය කරන්නම්.
බහුතරය ඉන්නේ රටේ. රටේ ජනතාවට ඉඩ දෙන්න බහුතරය පෙන්වන්න .
ඔය බහුතරයක් තියනවා කියන පිරිස මොනවද කරේ ?ජනතාවට මොනවද දුන්නේ, හැම තැනම හොරකම මේ අයට නැගී සිටින්න අපේ මනාපයත් දුන්නා. හොරු පන්නා පිරිසිදු පිරිසක් පත් කර ගනිමු .
මහා මැතිවරණයකට යන්නකෝ ...බහුතර මහජනතාව නියමෙට දෙයි උත්තරේ...
මෙතන කතානායකට කොරන්න පුළුවන් මගුලක් නැත එයත් හිතුමතේ ක්‍රීය කරනවා. මහජන ඡන්දෙකට යන්න. ජනතාව තෝරයි සුදුස්සන්ව.
මහ ඡන්දයක් තියල අවුරුදු 3 කින් ආයේ මැතිවරණ තියෙන්නේ අහවල් කෙන්ගෙඩියටද ? ජනතාව කියල කියන්නේ අර පට්ට හොරු රැලේ වහල්ලුන්ට නොවේ ! පාර්ලිමේන්තුවේ බහුතරයට ඉඩ දෙනවා හැරෙන්න ජනපතිට ඕන කට්ටිය බලයට එනකම් ඡන්ද තියන එක මොන විහිලුවක්ද ?
මේ ලියුම වැරදියි. මොකද නොවෙම්බර් 26 තාම ඇවිල්ලත් නෑ.
මේ පල් හොරු කීවට තාම අල්ලපු හොරකමක් නැත එජාපෙ කට්ටිය කරපු හොරකම් නිසා ආර්ථිකය කඩාවටුනා වැටුනා පමණක් නොව ආයෝජකයෝ රටට එන්නෙත් නැත. දැන් කව්ද පල්හොරු?
බමුණු ආරච්චි උන්නැහේ, ජනතාව කියන්නේ ඔබත් ඇතුළු පොහොට්ටුවන්ට විතරද? අපිත්ම මේ රටේ `වලංගු` හා ජනතාව තමයි. ඉන්දියාවෙන් ආපු බමුණෝ නෙවෙයි!හොර තක්කඩි ආණ්ඩුවක් යටතේ මැතිවරණයක් පවත්වන්න බැහැ! එන මගේ කට! "ජනතාව තොරයි සුදුස්සන්ව" තෝරන විදිහ අපි දන්නවා!