නව මැතිවරණ ක්‍රමයක් ඇතිකරන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් පසු පවතින සමානුපාතික ක්‍රමය යටතේම හැකි ඉක්මනින් ඉදිරි මහ මැතිවරණය පැවැත්වීමට දිනයක් යොදාගන්නා බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද (9) සිරිකොතේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ බහුතර බලය අත්කරගන්නා බවද ඔහු කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමනි, තව ටිකක් ඉවසන්න . අපි නේ ඡන්දය දෙන්නේ (ම)
පික්පොකට් ගහලා වෙන්න ඇති (බ)
ඔයාගේ මනාපය රනිල්ට කියල මුළු ලංකාවම දන්නවා රජෝ (ම)
ලබන ඡන්දෙදි ඔය හොරු ටික ගෙදරම යවන්න ඕනා. (නදී)
"පිටබැද්දර ජයා;" කියපුකතාව හරියට හරි. කටේ මසුරන් දාන්න වටිනවා. එම කමිටුවේ නායකයා ලෙස "වීදෙස්ගත ඩුබායි තිලක් උන්නැහේ" පත්කරමු. මන්ද විදේශගතව සිටියදී යහපාලනය වෙනුවෙන් වැඩියෙන්ම කඩේ ගියා. එහෙත් අවුරුදු ගානකින් ශ්‍රී ලංකාවට ඇවිත් ඡන්දයක් නොදාපු එකම පුද්ගලයා මොහු හැර වෙන කිසිවෙක් නොවෙන නිසාමයි. " අකිල උන්නේහෙට පුරුවේ කල පිනකට ඇමති කමක් ලැබුනට ලබන ඡන්දෙදි අපිට පෙනෙයි මිනිහගේ පම්පෝරිය (නදී)
තරුණ පරපුර නොදැන හිටි යුඑන්පියේ වගතුග මේ ටිකට දැනගත්තා. ඒ නිසා හම්බුවෙයි ... බලාගෙන ඉන්න (නි)
ඔබතුමා අමාත්‍යංශය කරගෙන යන හැටියට නම් ඉන්න ප්‍රමාණයත් අඩු වේවි. කරුණාකරලා ඔබතුමාගේ අමාත්‍යංශයේ නිලධාරීන්ට මිනිස්සුන්ට කතා කරන හැටි උගන්වන්න. ඔබතුමාගේ ලේකම් තුමා වගේ අයනම් අපිට ජීවිතේට එපා. (බ)
මොකොද ඒ අලුත් එකෙන් යන්න බයද? (බ)
අපරාදේ කියලා හිතෙනවා මගේ චන්දත් ඔබට (ම)
මේ දින 100 වින්නැහිය හොඳටම ඇති කරුණාකරල ගෙදර ඉදන් අර අල්ලගත්ත අලි ටික බලන්න (ම)
ඔය එන්නේ 13 දෙන්න. අපි ප්‍රවේශමෙන් ඉන්න ඕනෑ. (නි)
කෝ විප්ලවීය වෙනස .(හේ)
මෙයත් දවල් හීන දකින්නෙක් .(හේ)
මොකද ඉතින් කේවල ක්‍රමයට බය...මොකෙන් (ම)
ඔයා මහින්ද මහත්තය කරවපු විද්‍යාගාර නම ගලවල විවෘත කලාට ඔයා හිතුවද මහින්ද මහත්තයාගේ නම එහෙම ලේසියෙන් සිංහල කාලගුණ දත් ජනතාවගෙන් ගලවන්න පුළුවන් වේවි කියල.(ම)
හිටපු ජනපති තුමා සිතුවා සරත් ෆොන්සේකා නම මකන්න නමුත් බැරි වුණා.දැන් අගමැති තුමා සිතනවා මහින්ද රාජපක්ෂ නම මකන්න එකත් බැරිවෙනවා.(ම)
ජනතාවගේ මුදල් වලින් හදන ගොඩනැගිලි, පාරවල්, ක්‍රීඩාංගන වලට එක එක්කෙනාගේ නම් යොදා ගැනීම සදාචාරාත්මක නැහැ.නම උවමනා නැහැ වැඩ තමයි කෙරෙන්න උවමනා. හැබැයි ඇමතිතුමා හිතන විදියට ඊළඟ ඡන්දෙන් වැඩි බහුතරයක් ගන්න එක ලෙහෙසි නැහැ. මොකද දන්නවද? දැනට තමුන්නාන්සේලාගේ පක්ෂයේ ඉන්න ඇමතිවරුන්ගෙන් බොහෝ දෙනෙක් ජනතාව අතර නැහැ. මේ ගැන වැඩියෙන් හොයා බලලා පිළියමක් යෙදුවොත්, ඔබේ අදහස ටිකක් සාර්ථක වෙයි. (නි)
ජයවේවා! (නි)
යූඑන්පී එක 8 ට බහිනවා කොට්ඨාශ ක්‍රමයට ඡන්ද තිබ්බොත්. මේ අය ගෙදර යැවිය යුතුයි. (නි)
කුමාර හරියට හරි (නි)
නිමලරත්න,මකන්න ඕනෑ නැහැ. ඔහොම යනකොට මැකිලා යයි ...!!! (නි)
එයාලා බහුතරයක් ගන්නවලු? තාම ඡන්දේ තිබ්බෙත් නැහැ.මිනිස්සු ඡන්දෙ දැම්මෙත් නැහැ. මේක මාර වැඩක්නේ! මේවා නම් බලාඉන්න හොඳ නැහැ. මේ පිළිබඳව සොයා බැලීමට ත්‍රී පුද්ගල කමිටුවක් පත්කරන්න වටිනවා වගේම මම යෝජනා කරනවා අතිපණ්ඩිත පිවිතුරු යහපාල උන්නැහේ, විදෙස්ගත ඩුබායි තිලක් උන්නැහේ සහ චන්ද්‍රා වීරසිංහ උන්නැහේව ඒකට දමන්න (නි)
ඔව්. ඔව්. කොහොමහරි බහුතර බලය ගන්න. එතකොට අර විරවංශ මහත්තයා කියන්නා වාගේ අපේ රටෙත් සංස්කෘතියට අලුත් පිටුවක් එකතු කළ හැකියි. (හේ)
එන්න. ආයෙත් එන්න. අපේ රටේ සංස්කෘතිය වෙනස් කරන්න එන්නම ඕනෑ. (නි)
ඇමතිතුමනි,අපේ රටේ පාසල්වල ගුරුවරුන් කෙසේවෙතත් ගුරුවරියන්ට නම් දරු සෙනෙහස, කරුණාව සහ ගැහැණු දැරියකට කතාකරන සංවර භාෂාව නම් වැඩමුළු පවත්වා කියා දියයුතුමයි. (නි)