(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට විශේෂ පොලිස් ආරක්ෂාව දෙන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලංකාදීපය ට පැවැසීය.
අමතර භට කණ්ඩායම් කිහිපයක් දැනටමත් ඒ සඳහා සූදානම් කර ඇතැයිද පොලිස්පතිවරයා කියයි.
පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට අදාළ විශේෂ පෙරහුරුවක් ඊයේ සාර්ථකව පැවැත් වූ බව එහි බලධාරීහු පැවැසූහ.
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කෙරෙන්නේ ලබන අඟහරුවාදා (08 දා) පස්වරු 2.15 ටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එච්චර බයෙන්ද එකත් කොරන්නේ. අනේ අපොයි.
මට දැනෙන විදිහට අට වැනිදා ආණ්ඩු පෙරළියකට අර අඳින ලක්ෂණ තමයි මේ ඕනෑවට වඩා පොලිස් ආරක්ෂාව සුදානම් කරන එක. කවුද දන්නේ මහින්ද මහත්තයා දැනටමත් පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි 113 ට වැඩි කරගෙනද කියලා... කොහොම වුනත් 2019 දෙසැම්බර්වලදී ජනාධිපතිවරණය පවත්වලා ජනාධිපති කෙනෙක් පත්කර ගන්න ඕනේ. ඊට පස්සේ තමයි මහා මැතිවරණය තියන්න වෙන්නේ...
මේවා දැකලා අහලා රට්ටු හිනාවෙනවා..
අපි තවත් ඔය පාර්ලිමේන්තුවේ වෙන දේවල් සහ ඒ ගොල්ලන්ගේ කතා අහල වේලාව නාස්ති කර ගන්නේ නැහැ. ඔය එක්කෙනෙක්ගේ වත් මරණයකට වත් සහභාගි වෙන්නේ වත් නැහැ. ඒ තරමටම ඔය ඉන්න තුන් හතර ගොල්ලන්ගේ කතා සහ වැඩ එපාවටම එපා වෙලයි තියෙන්නේ...
හවස 2.15 කියන්නේ, ඒක නැකතකටද කරන්නේ? අර විද්‍යාත්මක ඇමැති මණ්ඩලය පත් කළා වගේ නේද?
දන්නා හැටියට නම් හැමෝම හොඳ චන්ඩි... ඒ නිසා දැඩි ආරක්ෂාවක් ඕනෙද?
සංහිඳියාව දෝරේ ගලන එකේ දැන් මොකටද විශේෂ ආරක්ෂාවක්...? වෙන්න පුළුවන් එකම දේ හොරට ආවඩන දේශපාලකයන්ට මිනිස්සු කුණු බිත්තර ගහන එක තමයි.
පාර්ලිමේන්තු නව සැසිවාරයට පාතාලයින් පහර දෙන්න හදනවා කියලා ආරංචි වෙලාවත්ද?