(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරක පිරිසක් ඉන්දියාවෙන් එන මොහොතකදී ඉන්දියාව සමග ඉතිහාසයේ තිබෙන සම්බන්ධතා සමඟ බලා මතයක් ඉදිරිපත් කරන විට ඒවා පට්ට ගහන්නට හදන අමු ගවයෙක් පාර්ලිමේන්තුවේ සිටින බව සංචාරක ඉඩම් සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඒ සම්බන්ධයෙන් කණගාටු වෙන බව කී අමාත්‍යවරයා ඔහුගේ ඔහු රටට මහතීර් මොහොමඩ්ලා,ලීක්වාන් යූ ලා,ගෙනැවිත් ලංකාව වට්ටපු වැටිල්ල ගැන හොඳට මතක බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ හරින් ප්‍රනාන්දු මහතා:-
ඉන්දියාවේදී මා කළ ප්‍රකාශයක් පිළිබඳව ආන්දෝලනයක් ඇතිකර තිබෙනවා.විනාඩි පහක කතාවක් කලාම දාන්නේ විනාඩි දෙකක කොටසක් පමණයි.විවිධ නාලිකා තමන්ගේ දේශපාලන මතයට ගැලපෙන අයුරින් කතා කෑලි කෑලි වලට කපා විකෘති කර තිබෙන අයුරු අප දුටුවා.
එතුමා තුංමුල්ලට ගිහිල්ලා ලෙමන් පෆ් කා එකපාරට පණ ඇවිල්ලා ඇවිදගෙන ආපු හැටි අපට හොඳට මතකයි.
තුංමුල්ලේ දී පොලිසියේ නිලධාරීන්ගේ ඩී.අයි ජී.ලාගේ තොප්පි ගලවපු හැටි අපට හොඳට මතකයි. මේ කරන්නේ කුහක කමක්.
ඉන්දියාවෙන් වැඩිම සංචාරකයින් එන වෙලාවේ මා දඩමීමා කරගෙන දේශපාලන වශයෙන් වාසියක් ගන්න කරන මහා පහත් ක්‍රියාවක් හැටියට මෙය අප දකිනවා.
අපිට උදව් කරන කොට ඉන්දියාව හොඳයි.අමාරු වෙලාවේ බෙහෙත් දෙනකොට ඉන්දියාව හොඳයි. එහි සංචාරකයන් මෙහේ එනකොට ඉන්දියාව හොඳයි යනුවෙන්ද හරීන් ප්‍රනාන්දු මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝම්බ ගහන බව දැනගෙන නොකියා හිටපු එකත් හොඳයි...
ගවයින් කතා කරයි...
හරින් ඇමැතිවරයාගේ කතාව හරි. කොහොමටත් රටේ දියුණුවට අකුල්හෙලන අමු ගවයෙක් තමා. කුහකකම ඉහවහා ගිහින්. රටට ඔයතරම් ආදරේ නම්, විවෙචනය කරන එක නවත්තලා, රජයට එකතුවෙලා රට දියුණු කරන එකනේ හොඳ..!
ඇයි අමු ගවයෙක්, රටම හිතන්නේ ඔක්කොම කියලයි...
ඔය බව අපිනම් දන්නේ සෑහෙන කලක සිට. ප්‍රශ්නයකට තියෙන්නේ එකම ගවරැළ නැවත නැවතත් රටේ ආර්ථිකය කියන කුඹුර මඩකරන එක මිස අස්වද්ද උනන්දු නොව එක තමයි.
ලංකාවට පීනාගෙන ආපු අයගේ පරම්පරාවෙන් පැවත එන ශෝ කාරයෙකුත් ඉන්නවා.
ඇයි හොඳ ගවයෙක් කොහොමද ඇමැතිකම කරන්නේ...?
එක ගවයෙක්ද ඉන්නේ? අපිට නම් පේන්නේ ගව රැලක් වගෙයි.
එක ගවයෙක් නොවෙයි ගව රංචුවක් ඉන්නවා.
ගවයින් ගැන නම් දන්නේ නෑ. හැබැයි ඉන්දියාවෙන් ලංකාවට එන්නේ වැඩිහරියක් සංචාරකයෝ නොවේ. සංචාරක වීසා මත ජොබ් වලට...
කියන කෙනත් ඉන්නේ අර ගවපට්ටියේ තමයි...