පාර්ලිමේන්තුව දවසකින් දෙකකින් විසුරුවතියි දේශපාලන ආරංචි කියයි.
නව මැතිවරණ ක්‍රමය සඳහා වන 20 වැනි සංශෝධනය ඉදිරිපත් නොකරම පාර්ලිමේන්තුව විසිරැවෙන ලකුණු බොහෝ දුරට ඇතැයි දේශපාලන ආරංචි සඳහන් කරයි.
මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (19) රාත්‍රී වන තුරුම ජනපති ලේකම් කාර්යාලයයේ රැඳී සිටියේය.
පාර්ලිමේන්තුව විසිරැවීමෙන් පසුව මහ මැතිවරණය පැරණි ක්‍රමයටම පැවැත්වෙනු ඇත.
ජනවාරි අට වැනි දා ජනපතිවරණයෙන් ඡන්ද හැට දෙලක්ෂයක් ලබා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති පදවියට පත් කැරිණි.
ඔහු විසින් දෙන ලද මැතිවරණ පොරොන්දුවක් අනුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති පදවියට පත් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් පිරිසකට ද ඇමැතිකම් පිරිනමා නව රජය පිහිටවීය. එහෙත් අගමැතිට ඇත්තේ සුළුතර බලයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පත් වන්නි , ලැබුණු යහපාලනය සම්පුර්ණයෙන්ම නැතත් යම්තාක් දුරට හරි පොරොන්දු වුණ දේවල් කරලා තියෙනවා (නි)
දැන් ඒ හැර වෙන කුමක් කරන්නද? (නි)
අනේ අපේ පාර්ලිමේන්තුවට ගිය කලක්...? (නි)
අපිත් සතුටුයි එහෙම වෙනවා නම් (නි)
දින සීයට අල්ලපු දුෂණ හෝ වංචා එකක්වත් පෙන්නුවද? (නි)
පාර්ලිමේන්තුව විසිරැවෙනවා නම් හොඳයි. ඒත් එක්කම හොරුන්ට නාමයෝජනා දෙන්න එපා කියා යෝජනකරනවා (නි)
මෙදා පාර රනිල් උඩින්ම දිනනවා. අනෙක් අයට දුවන්න පාර හොයාගන්න බැරිවෙනවා (නි)
ලොකු දෙයක්! (නි)
යූ. එන්. පී එකට ඕනෑකරලා තියෙන්නෙ ඉක්මනටම විසුරුවාගන්නද? (නි)
පාර්ලිමේන්තුව ඉක්මනට විසුරුවනවද පහුවෙලා විසුරුවනවද කියන එක අදාළ වෙන්නේ තනිවම බලයට එන්න පොරකන බල කෑදර පිරිසකට. මහජනතාවට අවශ්‍යය කුඩු හා එතනෝල්කාරයින්ගෙන්, රට උගස්තියන දුරාචාරයේ යෙදෙන පව්කාරයින්ගෙන් තොර අලුත් ආණ්ඩුවක්. එජාපය මොනවා හිතාගෙන හිටියත් කමක් නැහැ. අඩුතරමෙන් ශ්‍රී ල නි පක්ෂයේ අපේක්ෂකයින්ට නාම යෝජනා දීමේදී මේ සම්බන්ධයෙන් ඉතා දැඩි පියවරක් ගන්න මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිට හැකි වුවහොත් යහපාලනයක සොඳුරු සෙවණැලි අපට දැකගන්න හැකි වේවි. (නි)
ජයවේවා! (නි)
විරාජ් හරි (නි)
අමිත්, ඔව් එහෙමම කරන්නම්. නමුත් දන්නා එක් කෙනෙක්වත් නැතිවෙනවා (නි)
ඔව් ඉතින් ඉක්මනට විසුරුවන්න එපායැ (නි)
නටපු තොවිලයකුත් නැත බෙරේ පලුවකුත් නැත (නි)
ඔය හොරකම් වලට විභාග වංචාත් ඇතුළත් කරගන්න. පොදු විභාග සහ උසස් අධ්‍යයන කටයුතු වලදී අදාළ සාමාන්‍ය විභාග නීති සහ ක්‍රියා පටිපාටියෙන් බැහැරව ඒවායේ යෙදුන කිසිම කෙනකුට නාම යෝජනා දෙන්න නරකයි. (නි)
ජනවරම අනුව 2016 දක්වා මෙම පාර්ලිමේන්තුව පවත්වාගෙන යාහැකිය.වසර 6ක කාලයකට මැතිවරණ වියදම් බෙදෙනු ඇත. ඊට පෙර විසුරුවහොත් තවත් වියදම් දැරීමට සිදුවන්නේද අපටය. බලලෝබි හා දේශපාලන අනාථයන් වෙනුවෙන් අප තවත් අනවශ්‍ය ලෙස වියදම් දැරිය යුතුද? එසේනම් එම වියදම් කාලවකවානු අනුව ඔවුන්ගෙන් අයකර ගැනීමට ක්‍රමවේදයක් නිර්මාණය කර ගතයුතුව ඇත. (නි)
යහපාලනේ තියෙද්දි කොහොමද කෝටි 4000 ක මූල්‍ය වංචා සිද්ධ වෙන්නේ? (ස)
බණ්ඩාර ඔව් ඉතින් රනිල් දිනන්න කලින් මෙහෙම නම් දිනුවාම කොහොමත් දුවන්න වෙනවා. (ස)
නටපු තොයිලයකුත් නැත බෙරේ පලුවකුත් නැත. (ස)
කෝ අපේ මාදුළුවාවේ හාමුදුරුවෝ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වුනෙත් නෑ. ඊටත් වඩා මේ රටට නොගැලපෙන හා එකම පක්ෂය අතර පවා ගහ මරාගන්නා ඡන්ද ක්‍රමය වෙනස් වුනෙත් නෑ. ඒකද ඔබවහන්සේ බලාපොරොත්තු වුණ යහපාලනය. මේවා කිසිදිනක සිදු නොවන බව අපිනම් කල්තියාම දැනහිටියා. මෙය වෙනස් වීමටනම් පාර්ලිමේන්තුවේ බලය නොලද කණ්ඩායමකට බලය දෙන්න වෙනවා. එහෙම නැතිව උන්වත් මුන්වත් මේක කරන්නේ නෑ. (බ)
අනේ හොදයි ජනවරම ලැබණු අය පැත්තක පරාදිතයෝයි බලපැම් කරන්නේ (බ)
අනේ හොඳයි. (බ)
මේ පාර ජනතාව වෙනදාට වඩා කල්පනාකාරීව නාමයෝජනා ලැබී ඇති ලිස්ට් එක පළමුවෙන්ම අධ්‍යයනය කරලා හොරු තක්කඩි නැවතත් පාර්ලිමේන්තු නොයැවීමට වග බලාගන්න. පොදු ප්‍රශ්න වලදී පක්ෂ තීරණ අභිබවා අවංකව ඉදිරියට එන උගත් තරුණ අයට තැනක් දෙමු. නැත්නම් අවසානයේ කළකිරීමක් විතරයි. පල්වුණ දේශපාලකයන්ට විශ්‍රාම දෙමු. (නි)