පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව වැඩි නොකළ යුතු බව දකුණු පළාත් සභා එජාප මන්ත්‍රී අශෝක ධනවංශ මහතා ඉරිදා බලපිටිය, කන්දෙගොඩ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

කැබිනට් ඇමැතිවරයකුට සමාන බලතල ඇති මහ ඇමැතිවරු 9ක් සිටින බවත් පළාත් සභා මන්ත්‍රීවරු 450කට වැඩි සංඛ්‍යාවක් සිටින යුගයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැඩි කිරීම නිශ්ඵල බවද ඔහු පැවසීය.

මෙසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැඩි කිරීමට එරෙහිව ජනතාව සමග එක්වී මාරාන්තික උපවාසයකට වුවද තමා සූදානම් බවත් ධනවංශ මහතා කීවේය.