ගාල්ල මහමෝදර රෝහලේ අධ්‍යක්ෂ ධූරයට එහි හිටපු අධ්‍යක්ෂිකා වෛද්‍ය පි‍්‍රයානි සේනාධීර අඟහරුවාදා සිට පත්කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ද්‍යෛ පී.ජී.මහීපාල කියයි. එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන පසුගිය දිනවල වැඩබලන අධ්‍යක්ෂවරයා විය. මහමෝදර රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ විෂ බීජයක් පැතිර යාමෙන් උද්ගතවූ තත්ත්වය හෝ ඔහු විසින් මාධ්‍යවෙත ප‍්‍රකාශ නිකුත් කිරීම හෝ ඊට හේතු නොවූ බවත් මෙම පත්වීම වාර්ෂික ස්ථානමාරු යටතේ සිදුකිරීමට නියමිතව තිබූ බවත් වෛද්‍ය මහීපාල පවසයි. වෛද්‍ය පි‍්‍රයානි සේනාධීර මහමෝදර රෝහලට මාරු කිරීමට පෙර ඇය කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරියයි. කරාපිටිය ශික්ෂණ රෝහලේ පුරප්පාඩු වන අධ්‍යක්ෂ ධූරය සඳහා එහි හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා පත්ව එන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ඇත්ත එළි කළ නිසාද මේ දඩුවම්?
ඇත්ත කිව්වහම ඔහොම තමයි..
අද ඇත්ත කියන අයට කිසිම තැනක් නෑ..