ප්‍රවීණ මාධ්‍යවේදියකු , කවියකු හා ලංකාදීප පත්‍රයේ සම කර්තෘවරයකු වූ ප්‍රේමතිලක සමරවීර මහතා (67) අභවප්‍රාප්ත විය.
මාතර පස්ගොඩ ඉපැදී හක්මන හිටපු මන්ත්‍රීවරයකු වන රෝයි රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයකු ලෙස වෘත්තීය ජීවිතය අරඹා පසුව ලේක්හවුස් ආයතනයේ දිනමිණ මාධ්‍යවේදියකු වූ සමරවීර මහතා 1985දී විජය පුවත්පත් සමාගමේ ලංකාදීප පුවත්පතට එක් විය.
ප්‍රාදේශීය කර්තෘ, ප්‍රධාන උප කර්තෘ හා සම කර්තෘ වශයෙන් සේවය කළ ඔහු වසර කිහිපයකට පෙර විශ්‍රාම ගියේය.
දේහය බත්තරමුල්ලේ රිචඩ් සිල්වා මාධ්‍ය ගම්මානයේ අංක 06 නිවසේ තැන්පත් කර ඇත.
අවසන් කටයුතු බදාදා පස්වරු 4ට තලාහේන සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමරවීර මහතාණෙනි, අපි නැවත හමුවෙමු. (නි)
ජේෂ්ඨ මාධ්‍ය සගය.ඔබ කළ සේවය උතුම්ය.ඔබ තුමන්ට නිවන් සුව.(නදී)
සමරවීර කතෘ තුමනි ඔබතුමා දුන් ගුරු හරුකම් තුලින් මා කලෙක මාධ්‍යවේදියෙක් වූවා. ඔබ කළ මෙහෙවරට මාගේ ප්‍රණාමය මෙන්ම ඔබතුමන්ට නිවන් සුව පතමු. (ස)
මැතිඳුනි ඔබට අපගේ ආචාරය... ඔබට නිවන් සුව ලැබේවා !! (ස)
නිවන් සුව ඔබට (දී)
ඔබ සැබෑ මාධ්‍ය වේදියකු ලෙස සුවිසල් මෙහෙවරක් කලා. ඔබට නිවන් සැනසීම ලැබේවා... ! (ස)
වීර පියාණෙනි, ඔබට නිවන් සුව! (නි)
අදමිටුවන් මැද ඔබ සුන්දර මිනිසෙක් විය, ඔබෙන් උගත් දෑ බොහෝය, ඔබට නිවන් සුව! (ත)
කව්ද මේ රිචඩ් සිල්වා....? (නි)
අපට මග පෙන්වූ ඔබට නිවන් සුව.. (ත)
ඔබ තුමාට නිවන් සුව ලැබේවා. මාධ්‍යයෙන් රටට කළ සේවයට අපේ උපහාරය (ස)
මාද්‍ය පරපුරක නිර්මාණශීලී නියමුවානෙනි ඔබතුමාට නිවන්සුව.!(නු
සමරවීර කතුතුමනි. ඔබට නිවන් සුව අත්වේවා!(නදී)
සැමදා සිනහ මුවින් සේවය කළ නිහතමානී ඔබතුමන්ට නිවන් සුව ! (ස)
නිහතමානී හොද දක්ෂ මහත්තයෙක් සමරවීර මහත්තයා. ඔබට නිවන් සුව.(නදී)
ඔබ කළ සේවය අගය කරමු.(නදී)
ඔබ කුමාට නිවන් සුව ලැබේවා.(නදී)
සමරවීර සහෘදයාණනි, විටක ඔබ පියෙකි, විටෙක හොඳ සහෝදරයෙකි, ඔබතුමාගේ ගුරු හරුකම් වලින් අද අප ඵල ලබන්නෙමු. ඔබට නිවන් සුව ! (ස)