පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා අද (3) සවස සිය ධූරයෙන් ඉල්ලා අස්විය.
ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය වාණිජ හා කර්මාන්ත අමාතංශයේ ලේකම් එස්.මියනවල මහතාට බාරදුන් බවත් කියති. ඉල්ලා අස්වීමට හේතුව පෞද්ගලික කරුණක් විය හැකි බවත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් තොරතුරක් ලැබී නැතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු දෙයක් නේද... (ර)
මේක නම් හොඳ තත්ත්වයක් නෙමෙයි (නි)
හරියට රාජකාරිය කළ කෙනෙක් ඉල්ලා අස්වීම රටට පාඩුවක්. (බ)
අන්තිම දක්ෂයෙක් මෙතුමා. රටට ලොකු පාඩුවක් වුනේ (බ)
අවංක ඉහල නිලධාරීන් කි දෙනක් නම් මේ සුළු කාලය තුල ඉල්ලා අස්වුනා ද ? ඉල්ලා අස්වීම ගැටළුවකි (බ)
මේකද යහපාලනය? (නි)
කෝ අපේ පිවිතුරු යහපාල? (නි)
කසුන් මෝඩයෙක් වගේ කතා කරන්න එපා. මෙතුමා අවුරුදු 9 සිට මේකේ සභාපති. (බ)
මොහුත් අවංක නිලධාරියෙක්. එවැනිම හරියට රාජකාරිය කළ වෙනත් නිලධාරීන්ද තනතුරු වලින් ඉවත්වුණා. හරි කණගාටුදායක තත්ත්වයක්. (නි)
යහපාලනයද .....? වෙනස කෝ ..කෝ....? (නි)
ඉල්ලා අස්වෙන්න නැත්නම් අපි ඔයා ගෙදර යවනවා කියල කිව්වා නේද? (ස)
අමාත්‍යංශයේ වාහන ගැන ඇත්ත එළිවෙයි කියන බයට බදුර්දීන් කරපු ඒවගේ ප්‍රථිපල තමයි ඔය. බදුර්දීන්ට කත් නොඇදපු ඔබ ගැන අපිට ආඩම්බරයි. (ස)
මෙතුමා වත්තල මහේස්ත්‍රාත් වරයා ලෙස කටයුතු කරන කාලේ සිට ඉතාමත් නිහතමානී නීතිගරුක හා විනයගරුක නිලධාරියෙක්. මුස්ලිම් ජාතිකයෙකු වුවත් ජාති ආගම් බේද නොසලකා රටට සේවය කරපු මහත්මා ගති ඇති කෘතහස්ත රාජ්‍ය සේවකයෙක්. එවැනි අය රාජ්‍ය සේවය ඇත හැර යාම රටට පාඩුවක්.(ම)
දැන් දාගන්න අර මහා බැංකුවට දැම්ම වගේ කෙනෙක්. (ම)
මෙතුමා අරගොල්ලන්ගේ කාලේ ලංකා බැංකුවේ සභාපති නේද? මොකද .....? දැන් අවංකව වැඩ කරන්නවත් වෙලාද ? (ම)