ඉන්දියාවේ තමිල්නාඩු නාගපට්නම් හි තිබු හිටපු එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ පිළිරුව ඉවත් කිරීමට එරෙහිව විරෝධතාවයක නිරත වු එරට එම්.ඩී.එම්.කේ.පක්ෂ සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව එරට පොලීසිය විසින් විරෝධතාවයේ නිරත වු එම්.ඩී.එම්.කේ. පක්ෂ සාමාජිකයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම්.ඩි.එම්.කේ. පක්ෂයේ ප්‍රධාන ලේකම් වයිකෝ විසින් නාගපට්නම් හි පිහිටි තමිල්නාඩු රජයේ කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාව සංවිධානය කර තිබු බව සඳහන්ය.
නාගපට්නම් පොයිගයිනල්ලූර් ප්‍රදේශයේ දේවස්ථානයක ඉදිකර තිබු ප්‍රභාකරන්ගේ පිළිරුව පසුගිය සෙනසුරාදා රාත්‍රි ආරක්ෂක අංශ විසින් ඉවත් කර තිබුණි.
තමිල්නාඩු රජයේ උපදෙස් මත අදාළ පිළිරුව ඉවත් කර තිබු බව සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතැන කොමන්ට් කරන සමහර මෝඩයො හිතාන ඇත්තේ දෙමල මිනිස්සු යුද්ධයෙන් මලගිය අය සැමරීමයි ප්‍රභාකරන් සැමරීමයි එකක් කියල....(බ)
හැම දෙමළ ජාතිකයෝම කොටි හිතවාදීන් නොවෙයි.අපේ පටු සිංහලයා හිතන්නේ හැම දෙමළ මිනිහාම කොටි කියලයි.(ම)
මම හිතුවේ ලංකාවේ කියලා. ඒත් පුදුමත් හිතුනා! මෙහෙ නම් ඉතින් ප්‍රශ්නයක් නැතුව කොටි සමරන්නත් පුළුවන්නේ!අපි ඉන්දියාවේ වගේ නොවෙයි ප්‍රජාතන්ත්‍රවාදියි! (නි)
ඉන්දියාවේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.... අපේ ඈයෝ එහෙම කොටියාට කඩේ යන්නේ නැහැ.... (නි)
තමිල්නාඩුවේ විතරක් නෙමෙයි ලංකාවෙත් තවමත් ප්‍රභාකරන්ට කඩේ යන අය කොච්චර නම් ඉන්නවද..(හේ)