නැගෙනහිර දී බාරවූ පොලිස් නිලධාරින් 600ක් ඝාතනය හා අහිංසක සිංහල හා මුස්ලිම් වැසියන් මරා දැමීම ඇතුළු ඝාතන රැසකට සම්බන්ධ බව කියන එවකට නැගෙනහිර කොටි සන්නද්ධ නායකයා වූ නියෝජ්‍ය ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගෙන් ප්‍රශ්න කළ යුතු බව මානව හිමිකම් ආසියා කලාපය බාර ප්‍රධානි සයිඩ් බ්‍රෑඩ් ඈඩම්ස් පසුගියදා ප්‍රකාශ කෙළේය. කරුණා අම්මාන් ප්‍රභාකරන්ගේ සියලු තොරතුරු දන්නා බව අවි ආයුධ මිලදී ගැනීමට ඔහුට උදව් කළ රටවල් හා රජ්‍ය නොවන සංවිධාන පිළිබඳව තොරතුරු ඉදිරියේදී හෙළි කිරීමට සූදානම් බව් කරුණා මාධ්‍යයට කියා තිබිණි. කරුණා එසැණට කියා සිටියේ තමා ඒ පිළිබඳව සියලු තොරතුරු දන්නා බව ඇත්ත නමුත් මෑතකදී කිසිදු මාධ්‍යයකට එවැනි ප්‍රකාශයක් නොකළ බවයි. එහෙත් ඕනෑම විටක නොබියව සියලු දේ හෙළි කිරීමට තමා සූදානම් බවත් උගත් පාඩම් හා සංහිඳියාව කොමිසම හමුවේ ද ඒ තොරතුරු හෙළිකළ බවත් ඔහු කියයි. බාර වූ පොලිස් නිළධාරීන් 600 දෙනා ඝාතනයට තමා සම්බන්ධ නැති බව ද ඒ වනවිට තමා සිටියේ යාපනයේ බව ද කරුණා අම්මාන් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණා හරියටම ඇත්ත කියාවි නේද කොල්ලෝ ? (ස)
අපිට වඩා කවුද දන්නේ (දී)
අපිට වඩා දන්නේ කොහොමද ඇමරිකාවේ ඉන්න අය ප්‍රභාකරන්කල වැඩ ගැන (දී)
ඇයි ප්‍රභාකරන් මරපු 23000 ක සිංහල, දෙමළ, මුස්ලිම් අය මගඇරුණාද? (නි)
ලංකාවට එරෙහිව කතා කරන හැමෝටම එන්න කියන්න අපි කියලා දෙන්නම් ප්‍රභාකරන් ලංකාවට කල දේවල්
ඉතින් දැන් ඔය අවශ්‍ය වෙලාව එන්නෙ කවදද? (නි)
කියන්න ඕනෑ දවස් ටික පහු වුණා මයෙ හිතේ. මේ වගේම අරන්තලාව,කැබිතිගොල්ලෑව වගේ දහස් ගණන් මිනී මැරුම් ගැනත් හොයන්න වෙයි. (නි)
මේ හොදම මොහොත කියන්න කියන්න (දී)
ඇයි කරුණාට විරුද්ධව බොදු බල සේනා කථා කරන්නේ නැත්තේ? ඔබලාට අමතකද කරුණා කරපු වැඩ. (ස)
කැලේ මාරුවුණාට කොටියාගේ පුල්ලි වෙනස් වෙන්නේ නැහැ කියලා බොහෝ දෙනෙක් කිව්වා මට මතකයි මිට පෙර පළවූ පුවතකට. (නි)
කරුණා අම්මාන් දැන් දේශද්‍රෝභී නොවේ. දැන් දේශප්‍රේමීයි. ඒ නිසියි ඇමති උප සභාපති, තේරුනාද?(නදී)
හැම දෙයක්ම නැතුව, සමහර දේවල් විතරක් මතකයි වගේද? (නි)
කරුණා දැන් හුරතලයකි. ප්‍රභාකරන් එක්ක හිටියානම් මේ සැප විදින්න බැහැ.(නදී)
දෙබලට සිර වූ සිංහයාට වුන දේ වෙයිද දන්නේ නෑ.. (ස)
නරි කියයිද ඇත්ත. මිදි කොහෙද තිත්ත.(නදී)
මොකද මන්දා තවත් මෙහෙම බලාගෙන ඉන්නේ? (නි)
කරුනා කියන නමෙන්ම පේනව මොහු ඉතාමත් කරුනාවන්ත කෙනෙක් බව (ස)
ඉතින් යාපනේ තිබුනේ ඇමරිකාවෙද? කරුණා අමිමාන් අපිට සුරංගනා කතා කියන්න එපා. අපේ අහිසක පොලිස් නිලධාරීන්ව අමු අමු වෙන් ඝාතනය කරපු එක්කෙනා. ඒ පවුල්නල සාමාජිකයන් මොනතරම් දුක්විදිනවද? කරුණාකර කරුණා අමිමාන්ව සිර ගෙදරට යවන්න.(නදී)
කොටියා කොටියාමයි. මමත් හමුදා නිළධාරියෙක්. නැගෙනහිර සියලුම දේට අහවලා සම්බන්ධයි. (නි)
කරුණා නිදහසේ ඉන්නේ මෙයා කිසිම වරදක් කරපු නැති කෙනෙක් වත්ද?(නදී)
අපිත් ඕනෙනම් කියන්නම් කොටි අපිට කල වින්නැහිය (දී)
කියයි මිහිරි කතා නිතර රසට ගොතා... (නි)
අහවලා ඉන්න පැත්ත අනුවයි ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙන්නේ. (නි)
එයා විපක්ෂයේ හිටියා නම්? (නි)
මේ පුද්ගලයාගේ මේ ප්‍රකාශය නිසා ජාත්‍යන්තරය කිකක් බය වෙනවා ඇති (දී)
දැන් ඉතින් කිරි පෙව්වා ඇති නේද ? (ස)
එල්.ටී.ටී සන්නද්ධ නායකයා දැක් පාර්ලිමේන්තුවේ ඇමති කෙනෙක්. නමුත් උන්ව පරදවන්න මුල් වෙචිච යුධ හමුදාපති නිලයෙන් අයින් කරලා හිරේ දැම්මා. ලංකාවේ නීතිය ගැන කලකිරෙනවා. (නදී)
එතකොට අරන්තලාව භික්ෂු ඝාතනය අපිද කළේ ? මේවා ගැන බොදු බල සේනාව මොකද කියන්නේ? (නි)
ලංකාව වෙනුවෙන් අදම කට රින්න (දී)
ප්‍රභාකරන්ගේ වංහුං හොදින්ම දන්නේ කරුණා විතරයි (දී)
දැන් කියන්නේ නැතිනම් පස්සේ කියලා වැඩක් නැහැ (දී)
අපිටයි හොදම සාක්කිය තියෙන්නේ ප්‍රභාකරන් ගැන කියනවානම් (දී)
නියමයි...නියමයි... (දී)
සත්‍යය තේරුම් අරගෙන නිවැරදි මාවතට ආපු එක හොඳයි. මේවා ගැන තොරතුරු ජාත්‍යන්තරයට හෙළි කළ හැකි හොඳම කෙනා කරුණා අම්මාන්. චැනල් 4 වගේ එකක් ප්‍රභාකරන්ගේ වැඩ ටිකත් එක්ක හදලා ජාත්‍යන්තරයට පෙන්නන්න ඕනෑ.ඒවා කරන්න කාටවත් කොන්ද පණ නැහැ. (නි)
මේක තමයි හොදම අවස්තාව (දී)
මතකයි නේද ප්‍රභාකරන් නිසා අපි විදපු දුක් (දී)
මේවා අපි කාට කියන්නද? (නි)
අන්න වැඩේ, දැම්ම කියන්න. මානව හිමිකම් කට්ටියගේ කන් වැහෙන්න (දී)
චන්ද්‍ර, යමක් හරියට දන්නේ නැත්නම් කට වහගෙන ඉන්න. (නි)
කරුණාවන්ත මනුස්සයෙක්. දැන් මෙයා පූස් පැටියනේ. පවු.(නදී)
දැන් තමයි හොදම කාලය කියන්න දන්නා සියල්ල (දී)
ලංකාවට ජයවේවා (දී)
මේ තියෙන්නේ හොදම සාක්කිය (දී)
කජ්ජ ගහේ තියෙද්දි පුහුලම බිම වැටෙන කාලයක් මේක (ස)
අපිට මේ මනුස්සයා කල දේවල් අපි මානවහිමිකම් කමිටුවට කියුවොත් මොකක් වෙයිද, අපි කියන එක අහන්නේ නැති එකනේ ප්‍රශ්නය (දී)
කව්ද අනේ කරුණ කියන්නේ ... මට මුකුත් මතක නැහැනේ(නු)
බොදුබල කරුණාට බයද ? (ස)
අපි ලෙඩ හොද කරන්න නයි විස ගත්තා වගේ වැඩක් කරලා තියෙනවා. ඒ නිසයි ජිනීවා වලදී ගොඩක් රටවල් අපිට විරුද්ද වුනේ. මොකද කරුණයි ප්‍රභායි දරුනුම තුස්තයෝ දෙන්නෙක්. ප්‍රභාව මැරුවා. කරුණව ඇමති තමත් දීලා අනේඩුවට ගක්කා. නයාව ගෙට ගත්තා වගේ වැඩක් ඒක. එතන ඉතා පැහැදිලි ප්‍රශ්ණයක් පැන නගිනවා. දෙන්නම ත්‍රස්තයෝ වෙලත් ඇයි දෙන්නට දෙවිදිහකට සැලකුවේ කියලා.(නදී)
ජාතික වගකීමක් (දී)
අන්තිමට බොරු කියාවිද ? (ස)
අපිට වඩා කවුද දන්නේ (දී)
හොදටම දන්නේ මේ පුද්ගලයා තමයි (දී)
දන්නා තොරතුරු කියලා දාන්න (දී)
ලංකාව බේරා ගන්න උදවු කරන්න (දී)
ලෝකේ ඉන්න අනික් කොටි ත්‍රස්තවාදීන් ගැනත් හොයලා බලන්න ඕනෑ නේද. මෙතන තියෙන්නේ ලංකාව අස්ථාවර කරන ව්‍යාපාරයක් (නි)
කියන්න....කියන්න.... දැන් කියන්න මේ දවස් වලනේ ප්‍රශ්නය තියෙන්නේ (දී)
එහෙමනම් හොදයි, හොදම සාක්කියක් (දී)
රට වෙනුවෙන් කට අරින්න හෙට වෙනකල් ඉන්න ඕනේ නැහැ (දී)
නියමයි (දී)
අපිටත් අවස්තාවක් ලබා දෙන්න අපිත් කියන්නම් (දී)
ටුවාන්, ජිනීවා වලට දෙන්න තියෙන තුරුම්පු මොනවද කියලා මොළේ ඇතුව හිතුවොත් අපිට හොදට තේරුම්ගන්න පුළුවන්. (නි)
බොහොම හොදයි (දී)
සමහරක් බොදු බල සේනාව ගැන කතා කරන්නේ වෛරයකින්. බොදු බල සේනාව කරන්නේ මොනවද කියලා දන්නේ නැති මේ සමහරක් පිස්සුවෙන් කියවනවා. අඩුම තරමේ බොදු බල සේනාව බිහි වුන එක ගැන අපි සතුටු වෙන්න ඕනෑ, රට, ජාතිය, ආගම වෙත එන ද්‍රෝහී බලවේග වලට කවුද නායකත්වය ගත්තේ? අපි ගත්තද. නැහැ. අපි ගනියිද? ඒත් නැහැ. ඒ නිසා හාමුදුරුවෝ හරි මේ අරන් තියෙන්නේ අපි ගිහියෝ හැටියට කරන්න ඕනෑ දේ. අනික බොදු බල සේනාව රටේ සිද්ධ වෙන හැම දෙයකටම කතා කරන සංවිධානයක් නොවේ. (නි)
සමහරුන්ට බොදුබලසේනා ගැන සැහෙන අමාරුවක් තියෙනවා වගෙය්. කරුණාකරලා වාර්තාවකට තමන්ගේ අදහස පළකරද්දී ටිකක් දනමුතුවෙලා වගකීමකින් කියන දෙය කියන්න. (ස)
කරුණා අපේනේ... ඒකනේ අපි එයාට (ස)