ටී.කේ.ජි. කපිල
අමාත්‍ය මණ්ඩල සංශෝධන සිදු වු අද (25) දිනයේ ප්‍රබල ඇමැතිවරු සිව් දෙනෙක් විදේශ ගතවන බව වාර්තා වෙයි.
අර්ජුන් රණතුංග මහතා මේ වන විටත් විදෙස් ගතව ඇති අතර ඔහු අද අලුයම දෝහා කටාර් බලා පිටත්ව ගොස් තිබේ.
මීට අමතරව සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා අද පස්වරු 1.55ට නවදිල්ලිය බලා පිටත්ව යාමට නියමිතය.
සරත් අමුණුගම ඇමැතිවරයා අද පස්වරු 2.35ට තායිලන්තයේ බැංකොක් නුවර බලාත් රවීන්ද්‍ර සමරවීර රාජ්‍ය ඇමැතිවරයා අද දහවල් 12.50 ට ලන්ඩන් බලා පිටත්ව යාමට නියමිත බව ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්ජුන තෙල් ගෙන්න කඩේ ගිහිල්ලා වගේ...
දැන් මොකක්ද මේකේ විශේෂ ප්‍රවෘත්තිය? මේ "මිනිස්සු" ගිහින් තියෙන්නේ තමන්ගේ මව්බිමට සේවය කිරීමට තම තමන්ගේ පුද්ගලික ධනය වියදම්කරලා වෙන්න ඇති. ඉතින් බලන්නකෝ මේ "මිනිසුන්" කොච්චර අවංකද කියලා තම රට වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන ආකාරය...
දෝහා කටාර්, ඉන්දියාව, තායිලන්තය සහ එංගලන්තයේ තියෙන දැවෙන ප්‍රශ්න විසඳන්න ගිහින් තියෙන්නේ. ළඟදි එයි.
ඇමැති පට්ටම් නැතිවෙන බව දැනගෙන රටින් චුත වුණාද දන්නේ නැහැ! ගාල්ලේ සුමනදාස උන්නැහේගෙන්වත් අහල බලමුද මේ අයගේ කේන්දර වල ග්‍රහයෝ නීච වෙලාද කියලා...?
අනේ ආපහු එන්න එපා. ඔය රටවල් වලටම වෙලා ඉන්න. ඕනේ නම් පොඩි ගානක් එවන්නම් පඩිය විදිහට.
මොවුන් යන ගුවන් යානාවල මම නම් යන්නේ නැහැ. ඒ මහජන සාපය මොන තරම් ප්‍රබලද කියලා මා හොඳින් දන්නා නිසයි.
ඔය කවුරු කොහේ ගියත් අපි දන්නවා එක්කෙනෙක් බැංකොක් ගියේ මොකටද කියල. ඒක පරණ කතාවක්. හෙටක් නැතිවේගන එන කොට සමහර අය හරි කැමතියි අතීතයට යන්න.