(රංජන් කස්තුරි)

රජයේ රෝහල්වල පරිපාලන වෛද්‍ය නිලධාරී තනතුරු 326න් 165ක්ම මේ වනවිට පුරප්පාඩු වී ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික රෝහලේ අධ්‍යක්ෂ තනතුර පළාත් මහරෝහල් ගණනාවක  අධ්‍යක්ෂ තනතුරු, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තොරතුරු, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තොරතුරු, දිස්ත්‍රික් මහරෝහල් ගණනාවක අධ්‍යක්ෂ තොරතුරු, රෝහල් විශාල ප්‍රමාණයක නියෝජ්‍ය අධ්‍යක්ෂ තොරතුරු ගණනාවක්, රෝග මර්දන ඒකක ගණනාවක අධ්‍යක්ෂ තොරතුරු සහ මූලික රෝහල් විශාල ප්‍රමාණයක වෛද්‍ය අධිකාරී තොරතුරු පුරප්පාඩු වී ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසීය.