අජන්ත කුමාර අගලකඩ
අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ඇමැතිවරුන්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කැබිනට් ඇමැති ධුර හය කැබිනට් සංශෝධනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් පිරිසකට හිමිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් අද හෙටම සිදු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇති අතර එහිදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට මෙම ඇමැති ධුර පිරිනැමෙනු ඇති බව ද පැවසේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති හෝ නියෝජ්‍ය ඇමැති දුරයක් හිමිවී නොමැති අංගජන් රාමනාදන් හා කාදර් මස්තාන් යන මන්ත්‍රීවරුන්ට ද රාජ්‍ය ඇමැතිධුර හෝ නියෝජ්‍ය ඇමැති ධුර හිමිවනු ඇතැයි වාර්තාවේ.
විශ්වාස භංග යෝජනාවේදී ඡන්දය දීමෙන් වැළකී සිටි ශ්‍රීලනිප මැති ඇමැතිවරු 26 දෙනෙක් ආණ්ඩුව සමග එක්ව කටයුතු කරති. ඉන් පිරිසක් ජනාධිපතිවරයා සමග අද රාත්‍රියේ සාකච්ඡාවක් පවත්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල ලෝභය තමා හැමදේටම මුල. රට විනාසයි.
තව අවුරුදු එක හමාරනේ. ඒ අයටත් කාර් පර්මිට් එකක් අරන් ඒක කෝටි දෙකකට විකුණලා, මහජන සේවයක් කරන්න ඕනනේ.
අලුතින් පත්වන ඇමතිවරු ඊළඟ අවුරුදු 2 ක තුල වරප්‍රසාද ලබාගැනීමට පමණක් කටයුතු නොකර රටට සේවයක් කලොත් හොඳයි.
ඇමතිකමක් දෙන්න සුදුසුකම පක්ෂයේ වීම පමණක් නම් අමාත්‍යාංශ වලට ජනතාවට දෙවියන්ගේම පිහිටයි. වැඩක් කර ගන්න තරම් අධ්‍යාපනයක් නැති අයට ඇමති කම් දීලා අයෙත් අනාගන්න.
එම ඇමැතිදුර ශ්රීලනිපයටම දීම වැදගත්. ඒත් ශ්‍රීලනිපයේ ඉහල සිට පහලට සිටින සියලුම දෙනා විපක්ෂයේ තිබෙන කකුලද ආණ්ඩුවේ තබාගෙන අවංකව රජයට සහයෝගය දිය යුතුයි. තමන් ගන්නා තනතුරු හා වරප්‍රසාද වලට ණයකාරයෙකු නොවන්නේ එවිටයි. ඊළඟ ඡන්දයේදී කැමති තීරණයක් ගත්තාට වරදක් නැත. කලින් කට්ටිය මෙන් කන පතේ පැහැරීම නොකිරීමට තරයේ සිහි තබා ගත යුතුය.
2020 දි රජය විසිරුව ගමන් ශ්‍රී ලංකා මන්ත්‍රිලා සියලුදෙනා මහින්ද ලගට යනවා ස්ථිරයි
එක එක පක්ෂයට ඇමති ධූර ගාන බෙදන එක ඒ ඒ පක්ෂයෙන් ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රී ගානට සමානුපාතික වෙන්න දුන්න නම් තමයි සාධාරණ