ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය මඟින් තමන්ට පනවා ඇති ගනුදෙනු සීමා කිරීමේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා සීමාසහිත පර්පචුවෙල් ටෙරා කෂරීස් පෞද්ගලික සමාගම සහ ඊට අනුබද්ධ සමාගම් 2 ක් අභියාචනාධිකරණයට ගොනු කර ඇති රිට් පෙත්සම් ලබන 20 වැනි දා සළකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කර ඇත.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විජිත් මළල්ගොඩ සහ සහ එස්. තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.
ඉකුත් 2016 වසරේ නොවැම්බර් 07 වැනිදා සහ මේ වසරේ පෙබරවාරි 03 වැනිදා නිකුත් කර ඇති ලිපි මඟින් සීමා පැනවීමට තීරණය කර ඇති බැවින් එමඟින් සිය ව්‍යාපාරික කටයුතු වලට විශාල හානිදායක බලපෑමක් එල්ල වන බව සඳහන් කරමින් මෙම රිට් පෙත්සම ගොනු කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාරත්න මහත්තයෝ, ඔබතුමාගේ විසඳුම මහා බැංකු අධිපතිට ලියන්න. ප්රශ්නය නම් පොඩි අයත් දන්නවා. අනික ඕවට උපදෙස් දෙන්න ආර්ථික විශේෂඥයින් ඉන්නවා. ඒගොල්ලෝ දන්නේ නැති ප්‍රායෝගික විසඳුමක් ඔබතුමා ගාව තියෙද්දී මොකටද මේකේ ලිය ලියා ඉන්නේ, එහෙටම ලියන්න. (නි)
වෙන පත්තරයක තියෙනවා ශ්‍රී ලංකාවේ විදේශ සංචිත මට්ටම පහළයි කියල. ලංකාවේ ලොකු අය සුදු කෙල කෙල ඉන්නවා. විසඳගන්න බැරිනම් කියන්න. මං වත් කරලා දෙන්නම්. (ර)
රටක් ඉතුරු වෙනවද මෙහෙම එක එක්කෙනා මහජන ධනය හොරකම් කළාම? රාජපක්ෂලා රට ගොඩගන්න බැරි තරමට උකස් කරලා යටිමඩි ගහගත්තා යුද්ධයට මුවාවෙලා. මේ සේරම පව් දුප්පත් මහජනයාගේ බදුමුදල් වලින් ගෙවන්න ඕනෑ. මේවා සහගහන අපරාධ (නි)
කරුණාරත්න, විදෙස් සංචිත ඉහළ දමන්න නම් විදේශ විනිමය ලැබෙන සංචාරක ව්‍යාපාරය නඟාසිටුවන්න ඕනෑ. මෙහිදී ශ්‍රී ලාංකික සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අත දෙන්න ඕනෑ. නමුත් හැම රජයම බලාසිටින්නේ බහුජාතික මහා පරිමාණ ආයෝජකයන් ගැන. එහෙම අය එන්නේ කලාතුරකින්. ආවත් ලාභයෙන් වැඩි ප්‍රමාණයක් පිටරට ගෙනියනවා ඉතුරු වෙන්නේ රොඩ්ඩ පමණි. අනික් පැත්තෙන් සංචාරකයන්ට විසා දෙන්න කියලා සල්ලි ගරාගන්න පටන් අරන්. ගුවන්තොටුපල නවීකරණය කරන්න පටන් ගන්නේ ටුවරිස්ට් සීසන් එකේ (නි)