ඉතාලියේ ෆිරෙන්සි නුවර සමාධි විහාරස්ථානයට ස්ථීර ඉඩමක් මිලදී ගැනිම සදහා වන අවසාන සාකච්ඡාව 21 වෙනිදා සමාධි විහාරස්ථානයේදී පැවැත්වෙන බවත් තොස්කානා පලාතේ ඇරෙස්සෝ ෆරෙන්සි ලුක්කා සියෙනා නගරයන්හී ජිවත්වන ශ්‍රි ලාංකිකයින්ට මේ සදහා ඇරයුම් කරනා බවත් විහාරාධිපති දොඩම්දෙනියේ නන්දසිරි හිමියෝ පවසති.
කූලියටගත් ගොඩනැගිල්ලක මේ වන ව්ට විහාරස්ථානය පවත්වාගෙන යයි.මිලදී ගැනිමට යන භූමියේ වටිනාකම යුරෝ ඵක්ලක‍්ෂ තිස් දහසකි.
(රුපියල් ) විහාරස්ථාන භූමිය මිලදී ගැනිමට සමිමාදමි විය හැකි දානපතියෙක් වෙතොත් යුනික්‍රේඩිටි බැංකුවේ යන 54-020080285100010205411 දරණ ගිණුමට මුදල් බැරකල හැකි බවත් යුනික්‍රේඩිටි බැංකුව විසින් අරඹා ඇතිil miodono වෙබි අඩවය ඔස්සේ සමාධි විහාරයට ඇතූළු වීමෙන් ඵ් ඔස්සේ ද පරිත්‍යාග බැරකළ හැකි බවත් විහාරස්ථාන දායක සභාව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දකින දෙයක් තමයි, ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නේ බෞද්ධ මොනවාහරි දෙයක් අපහාසාත්මකව ලියන්න . සිංහල නම් වලින් ලියන ගොඩ දෙනෙක් වෙනත් ජාතින් බව අපි දන්නවා. (නි)
සල්ලි තියෙනවා නම් කා ළග වුණත් කමක් නැහැ, ඔය වගේ පින් වැඩකට යවන්න. (නි)
සේනාව මේ සඳහා උදවු කළ යුතුයි නේද? (නි)
එහෙ මහා ජාතිය සුළු ජාතිය ආගම විනාශ කරනවා කියලා පාරවල් ගානේ කෑ ගගහා යන්නේ නැද්ද? අවංකවම දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
වෙන ජාතීන්ට ලංකාවේ ඉඩම් ගන්න එපා කියන අයට මෙන්න නියම කනේ පාරක්. (නි)
අපේ සේනාව වගේ සේනාවක් ඔහේ නැද්ද? (නි)
බොදු බල සේනාව මේකට උදව් කරන්න ඕනෑ නේද? (නි)
වසර 30 ක් තිස්සේ උතුරු,නැගෙනහිර, උතුරු මැද, කොටි විනාශ කල සිද්ධස්ථාන නගා සිටුවීමේ අරමුදල් වලට දායකත්වය දෙනවා වගේම ගමේ නගරයේ පන්සල් වලට උදවු කළ යුතු බැවින් ගම්වල පදිංචි අපට අවකාශයක් නොමැති බව කණගාටුවෙන් වුවද දන්වනු කැමැත්තෙමු! (නි)
රානි, මම දන්නා තරමින් වෙන ජාතීන්ට ලංකාවේ ඉඩම් ගන්න තහනමක් ඇහැ. නමුත් එය ගන්න ඕනෑ මෙහෙ පුරවැසියෙකුගේ නමට. එකේ වරදක් නැහැ. ලංකාව වගේ පොඩි රටක තව ටික කාලෙකින් අපිට ඉඩ මදිවනකොට හැම බිම් අහලක්ම අපිට වටිනවා. (නි)
පිටරටවල පන්සල් හදන්න කලින් අපේ රටේ බෞද්ධයෝ ඉටිපන්දම් පත්තු නොකර මැටි පහන් පත්තු කර එකමුතු වෙන්න බලමු. (නි)
මම හිතුවේ ඉතාලි අය ලංකාවේ පන්සල්වලට උදව් කරන්න ඕනෑ කියලා. දැන් බලපුවම ලංකාවේ දුප්පත් අපි ඉතාලි පන්සල් හදන්නත් උදව් කරන්න වෙලා. ඕක ලංකාවේම හැදුවා නම් ඉවරයිනේ (නි)