(තිලකරත්න දිසානායක)
වේයන්ගොඩ සහ ගම්පහ දුම්රිය ස්ථාන අතර දාරළුව ප්රදේශයේ දී දුම්රියක ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් අද(16) උදෑසන ප්රධාන මාර්ගයෙහි දුම්රිය ප්රමාදයක් ඇතිව තිබිණි.
විශේෂයෙන්ම කාර්යාල සේවකයින්ට දුම්රිය ප්රමාදය නිසා දැඩි දුෂ්කරතාවකට මුහුණ පෑමට සිදුවිය.
මොරටුව බලා ධාවනය වෙමින් තිබු දුම්රියක් පෙරවරු 7.20 ට පමණ කාර්මික දෝෂයකට ලක්ව නතරවී තිබු බව ගම්පහ දුම්රිය ස්ථාන නිලධාරියකු පැවසීය.
දුම්රිය එන්ජිමෙහි දෝෂය යථා තත්ත්වයට පත්කිරීමට පැයක පමණ කාලයක් ගතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ අකාර්යක්ෂමතාව. මැදවච්චියේ පිලි පැනීම සිල්බර කොට දෙස බලන්න. දිරච්ච සුද්ද දාපු කොට. ජිවිත අනතුරේ. කැලණිය සිට රාගම 3 වන මග ලගදීම දුම්රිය වෙලට පෙරළෙනු ඇත. විශාල අනතුරක් අත ලග. රජයට මුදල් නැත. පිලිපීන උප ජනපති ලංකාව චීනයේ නය උගුලට අසුවී ඇති බවත් චීනයෙන් ණය නොගන්න ලෙසත් එරට අයට පැවසීය.
දුම්රිය මාර්ග ප්රතිසංස්කරණය ගැන වැඩි අවධානයක් යොමු කල යුතුයි.
ඔතන ඇත්තටම වුණේ "මොරටුව" දරළුවේදී කැඩුණා. තල්ලු කරන් ගම්පහටත් ආවා. ගම්පහින් කිව්වා "එම දුම්රිය ධාවනය නොවේ" කියලා... හැමෝම අනෙත් වේදිකාවට ගිහින් ටික වෙලාවයි ගියේ... කැඩිච්ච දුම්රිය පුදුම වේගෙකින් ගියා. කැඩිච්ච එක හැදලා, සිග්නල් ලැබිලා, දුම්රිය යනකන් ස්ටේෂන් එකේ අයත් දන්නේ නැතුව ඇති... විනාඩි 10ක් යන්න ඇති ඔය ටික වෙන්න.