ක.ග කරුණාරත්න
පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ එක් මන්ත්‍රීවරයෙකුට ගම්වල සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් ලබාදීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (01) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.
එම මුදලින් හොඳින් වැඩ කරනවා ද කියා සොයා බලා වංචා දූෂණ නැතිව හොඳින් වැඩ කළොත් ඒ අයට ලක්ෂ 100 ක මුදලක් දෙන බවද ජනාධිපතිවරයා කීය.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් ගිරිතලේ ජනපද කනිෂ්ඨ විද්‍යාලයට ‘‘පිබිදෙමු පොලොන්නරුව‘‘ සංවර්ධනන වැඩසටහන යටතේ ලබා දී ඇති රුපියල් ලක්ෂ 60 ක වියදමින් ඉදි කරන ලද නව දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේය.
මේ කටයුතුවලදී තමන් බලාපොරොත්තු වන්නේ සෑම කෙනෙක් අතින්ම එම කටයුතු අවංකව, හොඳින් ඉටු වෙනවා ඇතැයි යන්න බවද දූෂණයට, වංචාවට, හොරකමට විරුද්ධව එදත් කටයුතු කළ බවත් අද මෙන්ම හෙටත් ඒ විදිහට යැයිද ජනාධිපතිවරයා කීය.
ඡායාරූප :- ජනාධිපති මාධ්‍ය අංශය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දෙනවා කිව්වේ ආණුඩුවට ගම දුන්නෝත් විතරයි කියලා නේද? ඔක්කොම දෙනවා නම් කොච්චර වැඩ කරන්න පුලුවන්ද?
මහන්සි වෙලා, ගොවිතැන් කරලා හම්බ කරපු සල්ලි...
ජනාධිපතිතුමනි, ලක්ෂ 50 අරන් ඔබතුමාට සමහරු බණියි.
ඔය දෙන්නෙ ගෙදරින් ගෙනත්නෙමේ....ඕවා අපේම සල්ලි..
කට හැරියොත් කියන්නේ බොරු ඔය කියන හැටියට බිලියන 8.3 ක් ඕනේ එක වසරකට
ජනපතිතුමාගේ මේ කතාවට විරුද්ධ පක්ෂ, එතුමා "වහෙන් ඔරෝ" ක්‍රමයට අල්ලස් දෙන්න හදනවා කියා අල්ලස් හෝ දුෂණ කොමිසමට පැමිණිලි කරන්න බැරිත් නැහැ. මැදින් පුර පසළොස්වක දිනයේදී එතුමා කරපු මේ කතාවට ඒ ගොල්ලෝ බොහොම කැළඹීමට පත්වෙලා තියෙනවාලු...
රු5,000,000*8000=රු40,000,000,000 සැලසුම් හදද්දි ආර්ථිකය ගැනත් හිතන්න
ලක්ෂ පනහ සත වලින්ද මහත්තයෝ ?
හිනා යනවා කියන ඒවා ඇහුවම.
හොඳයි...හොඳයි... පර්චස් දහයේ ඉඩම් කෑල්ලකට නම් ඇතිවෙයි මම හිතන්නේ.... එතකොට ගේ හදා ගන්නට බිල්ඩිම ගහන්ට සල්ලි ලැබෙනකල් තව අවුරුද්දක් බලා ඉන්ට එපැයි.....
අවුරැදු තුනක් ආන්ඩුව කරලා, දැන් ගම දියුණු කරලානෙ තියෙන්ණෙ. ගොවියත් රජ වෙලා ඉන්ණෙ. ඉතින් මෙකටද ආයෙත් සල්ලි දෙන්නේ? අපි ඒ සල්ලි වලින් වෙනත් දෙයක් කරමු.
සාක්කුව පිරෙන්නවත් මදිනේ
ඔය ක්‍රමය වැරදියි . ඉස්සර වැඩ කරේ රජයේ ඒජන්තවරයා .ඒ මහත්තයා හිටියේ කච්චේරියේ . පළාත්වල කරන්න ඕන දේවල් හොයල බලල හොඳටම වැඩ සිද්ධ උනා. ඒ මහත්තයාට උදව්වට හිටියා උප ඒජන්තවරුන් . හොරකම් කරන්න බැහැ Auditors ඇවිල්ල ඒ වෙච්ච වියදම් audit කරනව . නැවතත් ඒ ක්‍රමය ආවොත් රට සංවර්ධනය කරලා ගොඩ ගන්න පුලුවන්.
ජනපති තුමනි ජනතාවට සහනාධාර සපයන්න පෝර සහනාදරය දෙන්න. ලක්ෂ 50 ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මාටියා ගහනවා.
කොහොමටත් මේ කට්ටිය හොදින් වැඩකරන්න පුලුවන් ජාතියේ කට්ටිය, ඒ නිසා ලක්ෂ 100 ක් නෙවේ 250 ක්ම දීලා බලන්න. ඊට පස්සේ ගසාකාපුවටයි නොකෙරුණු වැඩ වලටයි ජනතාවගෙන් බද්ධක් එහෙම ගහල සල්ලි හොයා ගන්න පුලුවන්නේ.
පාර්ලිමේන්තු මන්ත්රීලාට, ගිය ආණ්ඩුවේ දී ලක්ෂ 50 ක් දුන්නා. ආණ්ඩුවේ නොවන මන්ත්රීලාට දැන් ලක්ෂ 100 යි. ආණ්ඩුවේ මන්ත්රීලාට ලක්ෂ 500 යි. එහෙම වියදම් කරවලා තමා පසුගිය ඡන්දෙට ගම්වල සංවර්ධන පෙන්නුවේ. රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් සංවර්ධන ලේබලය අලවලා ඡන්ද කාලෙට වැඩ කරන්න කවුද බලය දුන්නේ.
ජනපතිතුමනි, අඩුම ගානේ අපිට අපේ කන බත් ටික සපයා ගන්න පුළුවන් වුණොත් හොඳටම ප්‍රමාණවත්...
අපේ කරුමෙක මහත. මේ ටික ඒ සල්ලිත් ගසා කෑවම ගෙවන්න වෙන්නේ අපේ සල්ලි වලින් තමයි.
මේක නිකම් 'උඹලට ලක්ෂ 50 දෙන්නම්, මට සෙට් වෙයල්ලා' කියනවා වගේ තමයි. මොකද ඔය පත්වෙන ඔක්කොම මන්ත්‍රී, ඇමතිලා පත් වෙන්නේ අදාල වැඩ කරන්න. අදාල ආයතන නියමාකාරයෙන් කළමනාකරණය කරගෙන වැඩ කිරීම යුතුකමයි. මීට කලිනුත් මුදල් ප්‍රතිපාදන නොදී හිටියෙ නැහැනේ. මන්ත්‍රී ගැන හිතලා මුදල් වෙන් කරන්න හේතුවක් නැහැ.
ඔය ලක්ෂ 50 දුන්නට 15% ක මුදලක් වැට් වලට කපාගන්නවා. 1% ක මුදලක් සේවා ගාස්තුවලට කපනවා. 10% ක මුදලක් මස 6 කට පස්සේ ගෙවන්න රඳවා ගන්නවා. කොන්ත්රාත්කාරයා ලියාපදිංචි සමිතියක් හරහා වැඩේ බාර ගත්තොත් 5% ක මුදලක් එම සමිති ගිණුමට බැර කරනවා. එකතුව 31% යි. එම මුදල මුළු වැඩෙන් අඩුවෙනවා. කොන්ත්‍රාත් කාරයාගේ ලාබය වැඩ බලන තාක්ෂණ නිලධාරියට කාර්යාලයේ කාර්ය මණ්ඩලය සනසන්න වෙන් කරන මුදල . මේවා එකතුවෙන කොට වැඩය සඳහා වැය වෙන්නේ කීයද බලන්න.