ලන්ඩන් පැරාලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනා ගත් ශ්‍රී ලංකා ක‍්‍රීඩක ප‍්‍රදීප් සංජයට ක‍්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉහළම තෑග්ගක් ලබාදීමට කටයුතු කරන බව ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි. ප‍්‍රදීප් සංජයට ඉහළම මට්ටමේ මුදල් තෑග්ගකට අමතරව නිවාසයක් ප‍්‍රදානය කිරීමේ ඉඩකඩ ඇත. පළමු පෙළ අන්තර්ජාතික තරගාවලියක ජයග‍්‍රහණයක් අත්කරගන්නා ශ්‍රී ලංකා ක‍්‍රීඩකයකුට හෝ ක‍්‍රීඩිකාවකට පිරිනැමෙන රුපියල් ලක්ෂ 10ට අමතරව පරිත්‍යාගශීලින්ගෙන් හා අනුග‍්‍රාහකයන්ගෙන් ද ඔවුනට ත්‍යාග හිමිවේ. මේ අනුව ප‍්‍රදීප් සංජයට හිමිවන ත්‍යාගවල වටිනාකම රුපියල් මිලියන 5 ක් ඉක්මවා යනු ඇතැයිද වාර්තා වේ. ලන්ඩන් නුවරදී ඊයේ (9) නිමාවට පත්වූ පැරලිම්පික් උළෙලේදී මීටර 400 (පිරිමි) එක් අතක් අප‍්‍රාණික ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ප‍්‍රදීප් සංජය සමත් විය. එය ශ්‍රී ලංකාව පැරලිම්පික් උළෙලකදී දිනා ගත් පළමු පදක්කම ලෙස ක‍්‍රීඩා ඉතිහාසයට එක් විය. ප‍්‍රදීප් සංජය පැමිණෙන අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපොළේදී ඔහු වෙනුවෙන් පිළිගැනීමේ උත්සවයක්ද සංවිධාන කිරීමට නියමිතය. මේ අතර ශ්‍රී ලංකා උස පැනීමේ ක‍්‍රීඩක ලාල් පුෂ්පකුමාර පෙරේදා (8) පැවති උස පැනීම පිරිමි දණහිසෙන් පහළ පාදයක් අහිමි කාණ්ඩයේ ඉසව්වෙන් අට වැනි ස්ථානය ලැබීය. පුෂ්පකුමාරගේ උස පැනීම මීටර 1.80 කට සීමාවූ අතර එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට පෝලන්ත ක‍්‍රීඩක මයිකල් ලෙපියාවෝ (මීටර 2.12) සමත් විය. රිදී පදක්කම ඇමෙරිකාවේ ජෙෆ් සකිබාවන් (මීටර 2.04) ලෝකඩ පදක්කම චීනයේ හොන්ජි වෑන්ටත් හිමි විය. ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කමක් පමණක් දිනාගත් අතර මෙවර පැරලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී පදක්කම් දිනාගත් රටවල් 74 ක් අතරින් 74 වැනි ස්ථානයට පත්විය. ක‍්‍රීඩා උළෙලට සහභාගිවූ රටවල් ගණන 166 කි. දකුණු ආසියානු කලාපයේ රටවල් අතරින් ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, නේපාලය හා පකිස්තානයද ඊට තරඟ වැදුණු අතර ඉන්දියාව ක‍්‍රීඩකයෝ 10 දෙනකුද, නේපාලයෙන් එක් ක‍්‍රීඩිකාවක් හා එක් ක‍්‍රීඩකයෙක් ඇෆ්ගනිස්ථානයෙන් එක් ක‍්‍රීඩකයකුත් පාකිස්ථානයෙන් ක‍්‍රීඩකයන් දෙදෙනකුත් තරඟ වැදුණහ.
2025 දෙසැම්බර් මස 04
800
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ප‍්‍රදීප් සංජයට ඉහළම තෑග්ගක්
චන්ද්‍රසිරි Monday, 10 September 2012 01:20 PM
රජය පමණක් නොව සියල්ලන්ම මෙවන් දේවල් වලට උදවු කළ යුතුයි. (නි)
යොහාන් Monday, 10 September 2012 11:08 AM
ජය වේවා මල්ලි.වාසනාවන්...(ස)
වරුණ Monday, 10 September 2012 11:24 AM
අනුග්‍රාහක සහය නැතිව, මාධ්‍ය ආවරණ නැතුව තනිව ගොස් ලබාගත් ජයග්‍රහණයට අපේ සුභ පැතුම්...(ස)
මල්කි Monday, 10 September 2012 11:42 AM
කිසිම අනුග්‍රහයක් දෙන්නේ නැතුව උදව්වක් නැතුව දිනුවට පස්සේ කොච්චර තෑගි දුන්නත් පලක් නැනේ .(ස)
සශී Monday, 10 September 2012 11:57 AM
ඔබට ජය....අපේ උණුසුම් සුභ පැතුම්...........(ස)