එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැති පැරාලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කම දිනාගත් ශ්‍රී ලංකා ක‍්‍රීඩක ප‍්‍රදීප් සංජය හෙට (12) පස්වරු 12.50 ට දිවයිනට පැමිණෙයි. පැරාලිම්පික් ක‍්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයකු ලබාගත් පළමු පදක්කමේ හිමිකරුවා වන ප‍්‍රදීප් වෙනුවෙන් ක‍්‍රීඩා අමාත්‍යංශය සහ යුද හමුදාව එක්ව පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබේ.
කටුනායක ගුවන් තොටුපොළේදී රතු පළස මතින් පැමිණෙන ප‍්‍රදීප් විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී පිළිගැනීමේ උත්සවයට එක්වේ. පිළිගැනීමේ උත්සවයෙන් පසුව රථ පෙරහරකින් කටුනායක සිට කොළඹ නගරය දක්වා පැමිණෙන ප‍්‍රදීප්ට සුබ පැතීමේ අවස්ථාව මඟ දෙපස සිටින ජනතාවට හිමිවේ.
රථ පෙරහර පස්වරු 1.00 සිට සීදුව, ජාඇල, වත්තල, පෑලියගොඩ නගර ඔස්සේ කොළඹට පැමිණෙයි. මෙවර පැරාලිම්පික් උළෙලට රටවල් 164 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 4294 කට අධික පිරිසක් සහභාගි වුහ. ප‍්‍රදීප්, මීටර 400 (ටී46) ඉසව්වේ (පිරිමි) ලෝකඩ පදක්කම දිනාගත්තේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීර .. පුතනුවණි.. දකුණේ උත්තමාචාරය...(ස)
ඔබ අපිට ආඩම්බරයක් මිතුර. ඔබට බුදු සරණයි! (නි)
සොයුර ඔබ ලංකාවට මාතාවට ආඩම්බරයක්.. ඔබට බුදු සරණයි..!!(නු)
උත්සහවන්තයා ජයගනී....සුබ පැතුම්.....(නු)
වීර පුතෙක්. ජය වේවා!(නු)
නියම සිංහල කොල්ලෙක්.ඔබට ජයෙන් ජය. (නි)
සහෝදරයා, ඔබට මගෙන් සුබ පැතුම්! (නි)
ලෝක මට්ටමේ රන් පදක්කමක් ලැබෙන තුරු දිගටම යමු..අපි ඔබ සමඟයි..(ස)
ප්රදීප් ඔබ රටට ආඩම්බරයක් .මගේ සුභ පැතුම්..(ස)
දකුණේ..මොන දකුණෙද ???? මුළු රටේම උත්තමාචාරය ඔබට.....(ස)
ජය සිරි ..ජය සිරි..(ස)
අතපය තියෙන මිනිස්සුන්ට ඔබ හරිම ආදර්ශයක්. හිතේ හයියෙන් ලෝකය ජය ගන්න පුළුවන් බව ඔබ අපට පෙන්නුවා. ඔබට සදා ජය! බුදුසරණයි! (නි)
වීර පුතෙක්. ජය වේවා! (ස)
නියමයි මල්ලි... තව තව ජය ලැබේවා !!! (ස)
පිට රටක ඉන්න අපිට ඔබේ ජය දැක්කම නෙතට කඳුළු එනවා..ඔබ පින්කල පුතෙක්.. (ස)
දෙවන වරටත් තමන්ගේ රට වෙනුවෙන් නිහඩව තම යුතුකම හරියටම කල ඔබට සුභ පතන්න මේ ලෝකයේ වවන නැත...... ඔබට අපගේ උත්තමාචාරය.... සදා ජයේන් ජය...... (ස)
අපේ කාලේ වීරයෙක්..සුභ පැතුම්. (ස)
තමන්ගේ යුතුකම හරියටම කරපු වීර පුතෙක්. ජය වේවා! (නි)
යන්න කලින් අනෙක් අයට කරපු පුද සත්කාර මෙයාටත් කළා නම්....? (නි)
සොයුරන්ට අපගේ උත්තමාචාරය !!!!!!!! (ස)
මේ කොල්ලට සුභ පතන්න කවුරුත් නැද්ද බොලන්නේ ? (ස)