IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ප‍්‍රදීප් පිළිගැනීමේ උත්සවයෙන් පසුව රථ පෙරහරකින් කොළඹට පැමිණෙයි

එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැති පැරාලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කම දිනාගත් ශ්‍රී ලංකා ක‍්‍රීඩක ප‍්‍රදීප් සංජය හෙට (12) පස්වරු 12.50 ට දිවයිනට පැමිණෙයි. පැරාලිම්පික් ක‍්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයකු ලබාගත් පළමු පදක්කමේ හිමිකරුවා වන ප‍්‍රදීප් වෙනුවෙන් ක‍්‍රීඩා අමාත්‍යංශය සහ යුද හමුදාව එක්ව පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබේ. කටුනායක ගුවන් තොටුපොළේදී රතු පළස මතින් පැමිණෙන ප‍්‍රදීප් විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී පිළිගැනීමේ උත්සවයට එක්වේ. පිළිගැනීමේ උත්සවයෙන් පසුව රථ පෙරහරකින් කටුනායක සිට කොළඹ නගරය දක්වා පැමිණෙන ප‍්‍රදීප්ට සුබ පැතීමේ අවස්ථාව මඟ දෙපස සිටින ජනතාවට හිමිවේ. රථ පෙරහර පස්වරු 1.00 සිට සීදුව, ජාඇල, වත්තල, පෑලියගොඩ නගර ඔස්සේ කොළඹට පැමිණෙයි. මෙවර පැරාලිම්පික් උළෙලට රටවල් 164 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 4294 කට අධික පිරිසක් සහභාගි වුහ. ප‍්‍රදීප්, මීටර 400 (ටී46) ඉසව්වේ (පිරිමි) ලෝකඩ පදක්කම දිනාගත්තේය.



අදහස් (0)

ප‍්‍රදීප් පිළිගැනීමේ උත්සවයෙන් පසුව රථ පෙරහරකින් කොළඹට පැමිණෙයි

අනුරුද්ධ Tuesday, 11 September 2012 09:16 PM

අතපය තියෙන මිනිස්සුන්ට ඔබ හරිම ආදර්ශයක්. හිතේ හයියෙන් ලෝකය ජය ගන්න පුළුවන් බව ඔබ අපට පෙන්නුවා. ඔබට සදා ජය! බුදුසරණයි! (නි)

:       0       0

රුවන් Wednesday, 12 September 2012 11:24 AM

වීර .. පුතනුවණි.. දකු‍ණේ උත්තමාචාරය...(ස)

:       0       0

ලක්ෂමන් Wednesday, 12 September 2012 11:31 AM

ජය සිරි ..ජය සිරි..(ස)

:       0       0

සෝමේ Tuesday, 11 September 2012 10:55 PM

මේ කොල්ලට සුභ පතන්න කවුරුත් නැද්ද බොලන්නේ ? (ස)

:       0       0

සේනානායක Tuesday, 11 September 2012 11:06 PM

සොයුරන්ට අපගේ උත්තමාචාරය !!!!!!!! (ස)

:       0       0

හර්ෂණ Wednesday, 12 September 2012 12:42 PM

දකුණේ..මොන දකුණෙද ???? මුළු රටේම උත්තමාචාරය ඔබට.....(ස)

:       0       0

අශාන් Wednesday, 12 September 2012 01:05 PM

ප්‍රදීප් ඔබ රටට ආඩම්බරයක් .මගේ සුභ පැතුම්..(ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 12 September 2012 01:08 PM

ලෝක මට්ටමේ රන් පදක්කමක් ලැබෙන තුරු දිගටම යමු..අපි ඔබ සමඟයි..(ස)

:       0       0

ශාන්ති Thursday, 13 September 2012 10:25 AM

උත්සහවන්තයා ජයගනී....සුබ පැතුම්.....(නු)

:       0       0

හේමන්ත Thursday, 13 September 2012 10:28 AM

සොයුර ඔබ ලංකාවට මාතාවට ආඩම්බරයක්.. ඔබට බුදු සරණයි..!!(නු)

:       0       0

දිලාන් Wednesday, 12 September 2012 01:52 PM

සහෝදරයා, ඔබට මගෙන් සුබ පැතුම්! (නි)

:       0       0

වරුණ Wednesday, 12 September 2012 07:37 AM

යන්න කලින් අනෙක් අයට කරපු පුද සත්කාර මෙයාටත් කළා නම්....? (නි)

:       0       0

ගයාන් Wednesday, 12 September 2012 07:45 PM

නියම සිංහල කොල්ලෙක්.ඔබට ජයෙන් ජය. (නි)

:       0       0

සමන් Wednesday, 12 September 2012 07:55 AM

තමන්ගේ යුතුකම හරියටම කරපු වීර පුතෙක්. ජය වේවා! (නි)

:       0       0

තුෂාර Thursday, 13 September 2012 11:59 AM

ඔබ අපිට ආඩම්බරයක් මිතුර. ඔබට බුදු සරණයි! (නි)

:       0       0

කපිල Wednesday, 12 September 2012 08:54 AM

අපේ කාලේ වීරයෙක්..සුභ පැතුම්. (ස)

:       0       0

හිරූ Wednesday, 12 September 2012 08:56 AM

දෙවන වරටත් තමන්ගේ රට වෙනුවෙන් නිහඩව තම යුතුකම හරියටම කල ඔබට සුභ පතන්න මේ ලෝකයේ වවන නැත...... ඔබට අපගේ උත්තමාචාරය.... සදා ජයේන් ජය...... (ස)

:       0       0

නිලුපුල් Wednesday, 12 September 2012 09:10 AM

පිට රටක ඉන්න අපිට ඔබේ ජය දැක්කම නෙතට කඳුළු එනවා..ඔබ පින්කල පුතෙක්.. (ස)

:       0       0

මේනකා ඉතාලිය Wednesday, 12 September 2012 09:32 PM

වීර පුතෙක්. ජය වේවා!(නු)

:       0       0

කුලාන් Wednesday, 12 September 2012 10:06 AM

නියමයි මල්ලි... තව තව ජය ලැබේවා !!! (ස)

:       0       0

දුමිත් Wednesday, 12 September 2012 10:03 AM

වීර පුතෙක්. ජය වේවා! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site