ගම්පොල ගෙලිඹය ස්වරණාභරණ හලක් කොල්ලකෑමට සැකකරුවන් පැමිණි බව කියන යතුරු පැදියක් සොයා ගත් බව පොලිසිය කියයි.
කොල්ලය සිදුවන ආකාරය පටිගත වූ සීසීටීවී දර්ශන ද මාධ්‍ය වෙත මුදා හැරි පොලිසිය සැකකරුවන් ගැන හෝඩුවාවක් ඇතොත් දැනුම් දෙන්නැයි ඉල්ලයි.
ගම්පොල ගෙලිඹය ස්වරණාභරණ හලක් කොල්ලකෑමට සැකකරුවන් පැමිණි බව කියන යතුරු පැදියක් සොයා ගත් බව පොලිසිය කියයි.
කොල්ලය සිදුවන ආකාරය පටිගත වූ සීසීටීවී දර්ශන ද මාධ්‍ය වෙත මුදා හැරි පොලිසිය සැකකරුවන් ගැන හෝඩුවාවක් ඇතොත් දැනුම් දෙන්නැයි ඉල්ලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අදහසක් කියන්නද , අපේ රටේ හැමෝටම හැදුනුම්පත වගේම රැකියා හැදුනුම්පතක් හැදුවනම් ,කවුද වැඩ කරන්නේ, කවුද ස්වයං රැකියා කරන්නේ, කවුද වැඩ නොකර ඉන්නෙ හැමදේම දැනගන්ට පුළුවන්,වැඩක් නොකර ඉන්න රස්තියාදු කාරයෝ ගැන ඉක්මනින් හොයාගන්ට පුළුවන්. මේ අදහස ගැන කියමුකෝ ඔයාලගේ අදහසත්. (බ)
හෙල්මට් පැළද සිටිය හැක්කේ සයිකලයේ වාඩිවී සිටිනවිට පමණි , යනුවෙන් නීති හැදිය යුතුය . හෙල්මට් දමාගෙන ඇවිදීම , කඩවලට යාම නතර කළ යුතුමය (බ)
මට නම් මේ කඩේ ඉන්න රැවුලගෙ හැසිරීම සැක සහිතයි.. කට්ටිය එන්න ටිකකට කලින් මිනිහ ටිකක් අමුතු විදියට හැසිරෙනවා වගේ නේද? ස්ටූල් එක එහාට ගන්නෙත් හොරුන්ට ඇතුලට එන්න ලේසි වෙන්නයි.. මුදලාලි ඇතුලට ගියාට පස්සෙ මූ ටිකක් නොසන්සුන් වුණා.. (ම)
ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරනවාට වඩා රත්තරන් බඩු විකිණීම තහනම් කලොත් මේවගේ මංකොල්ල සාර්ථකව වලක්වා ගන්න පුළුවන් වේවි.(ම)
මේ මොන ෆුල්ෆේස්ද අනේ මේ? මේ නිකන් හෙල්මට්නේ. (නි)
ෆුල්ෆේස් හෙල්මෙට් නැතුවත් ඇවිල්ල තියෙන්නේ . දැන් පොලිසිය නිකන් හෙල්මට් තහනම් කරයි දන්නේ නෑ (බ)
ස්වර්ණාභරණ සාප්පුවල සොරකම් කරගෙන පිටවෙන්න යන අවස්ථාවේ ලෙහෙසියෙන් සෝදා හැරිය නොහැකි තද වර්ණ (රතු, කොළ හා නිල් වැනි) සොරුන්ගේ ඇඳුම් පාට වන පරිදි විදින්න ක්‍රමයක් දොරකඩ සවිකර ඇතුලේ කාමරයක සිටින අයෙකු ඔබන බොත්තමකින් එය ක්‍රියාත්මක වන ක්‍රමයක් දියුණු කර ගත හැක. ඒ සමගම ඔවුන් සිහි මුර්ජා වන වායුවක්ද (හෙල්මට් පැළඳ සිටියත්) පිටවන්න යන අවස්ථාවේ විදිය හැකියි. ඔවුන් එළියට පැනගත්තත් මෝටර් බයිසිකලයක් හෝ වාහනයක් එලවීමට නොහැකි තත්වය ට ඔවුන්ව පත් කිරීමට ඒ මගින් පුළුවන්. වාහනය එලෙව්වත් පාර පුරා එළවන ආකාරයෙන් පලා යන සොරුන් කවුද කියා ලුහුබඳින පොලිසයට පහසුවෙන් සොයා ගන්න පුළුවන්. පොලිසියයි මොරටු විශ්ව විද්‍යාලයයි එකතුවෙලා ක්‍රම වේදයක් දියුණු කරන්න උත්සාහ කරන්න. (ස)
සියලුම ස්වර්ණාභරණ වෙලදසල් කැමරා සවිකළ යුත්තේ කැබිනෙට්ටු වලයි එවිට ඔනම අයෙක් එය දිහා බලන නිසා අඳුනගන්න ලේසිය්. මෙය විකට්ටුවේ සවි කරන තරම් ඉතා කුඩා, එකවර හදුනාගත නොහැකි ලෙස සවි කිරීම කළ යුතුය. (බ)
සියලුම ස්වර්ණාභරණ වෙලන්දසල් කැමරා සවිකළ යුත්තේ කැබිනෙට්ටු වලයි එවිට ඕනම අයෙක් එය දිහා බලන නිසා අඳුනගන්න ලේසියි. මෙය විකට්ටුවේ සවි කරන තරම් ඉතා කුඩා, එකවර හදුනාගත නොහැකි ලෙස සවි කිරීම කළ යුතුය. (බ)
අපේ බයිසිකල් කාරයින්ගේ පුහු මාන්නයට ෆුල් ෆේස් හෙල්මට් තහනම ක්‍රියාත්මක කරන්න නොදෙන නිසා තමයි මේවගේ අපරාධ සිද්ද වෙන්නේ. මේ මංකොල්ල කාරයෝ හොදටම අදුරගන්න තිබුන මුනවල් පෙනුනනම් (බ)
ලංකාවේ ඕනෑම බැංකුවක හා ස්වර්ණාභරණ කඩයක දොරටුවට ස්විචයක් මගින් ක්‍රියාත්මක කළ හැකි ලොක් එකක් දාල, ඇතුලෙන් සික්කෙක්ව පිස්තෝලයක් දීල තියල, පාරිබෝගිකයන් ඇතුලට එන්න කලින් සියලුම මුහුණු ආවරණ ගැලවිය යුතුය කියල බෝඩ් එකක් ගහල, ඒවා ගැලෙව්වට පස්සේ සික්කා අර ස්විචය ක්‍රියාත්මක කර දොර ඇරිය නම් මේ ඔක්කොම කතන්දර ඉවරයි. (බ)
මාන්නෙට නෙවෙයි ෆුල් ෆේස් හෙල්මට් දාන්නේ, හිසේ ආරක්ෂාවට. හොරා ෆුල් ෆේස් හෙල්මට් දාගෙන එන්නේ නැහැ නීතිය තිබුනොත්. වෙනත් හිස් ආවරණ ඕනේ තරම් තියෙන්නේ. ෆුල් ෆේස් හෙල්මට්ම ඕනේ නැහැ හොරාට මූණු ආවරණයට...(බ)
ආ බන්දුවෝ, අර සුදුපාට හෙල්මට් එකයි, අන්තිමට යන මිනිහගේ කලුපාට හෙල්මට් එකයි ෆුල්ෆෙස් වගේද පෙන්නේ? නිකන් ගොන් කතා කියන්න එපා. (බ)