පේරාදෙණිය සරසවියේ ශිෂ්‍ය සංගම් රැසක සිසුහු සරසවිය ඉදිරිපිට මහා පාරට අවුත් උද්ඝෝෂණයක් ඇරැඹූහ. පෞද්ගලික සරසවි පිහිටැවීමට එරෙහිව ඔවුන් එතැන විරෝධය දක්වනුයේ ඔවුන්ගේ පාගමන වැළැකී ගිය හෙයිනි. සර්ටිනා කටුකම්බි රෝල්වලින් ද යකඩ වැටෙන් ද ඉදිරිපස මාර්ගය අවහිර කැර ඇත. සාමය රැකීමට පොලිසියේ අට සියයක් හා යුද හමුදාවේ දෙසීයක් පමණ කැඳවා ඇත.