(චමිල් රුපසිංහ)
පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා සිංගප්පූරු නැන්යන් විශ්ව විද්‍යාලය අතර ජලය පවිත්‍ර කිරීමේ අවබෝධතා ගිවිසුමක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සනාථන මංදිරයේදි අද (21) අත්සන් කෙරිණි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් බී දිසානායක මහතා හා නැන්යන් විශ්ව විද්‍යාලයේ පරිපාලන අධ්යක්ෂ ඇඩිල් ධහල්ලා මහතා මෙම ගිවිසුමට අත්සන් කළහ.
වසර 3 ක ව්‍යපෘතියක් ලෙස මෙවර තෝරාගෙන ඇත්තේ කුරුණැගල වැව ආශ්රිත ප්රදේශයයි.
මීට පෙර නැන්යන් විශ්ව විද්‍යාලය සමග ඒකාබද්ධව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අපජල පද්ධතිය සහ මහනුවර මහමායා විද්‍යාලය ආශ්‍රිතව පරිසර දැනුම ලබා දිම් සම්බන්ධව සිදු කෙරුණු ව්‍යාපෘතිය සදහා ‘ASEAN විශිෂ්ට ඉංජිනේරු ජයග්රහන සම්මානය‘ ජයග්‍රහණය කිරීමද මෙහිදි සමරනු ලැබීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවිධ කඩාකප්පල්කාරී සමිති සමාගම් වලින් වනසා ඇති අපේ විශ්වවිද්‍යාල නැවත මෙලෙස පනගන්වමු.
ඉතාම ඉහලින් අගය කල යුතු දෙයක්. මේ වගේ සහයෝගිතා ලාංකික විශ්ව විද්‍යාල විදේශ විශ්වවිද්‍යාල සමග හැකිතාක් සිදු කල යුතුය. එවනක් තුලින් පමණයි අපේ රටේ ළමයට ලෝකේ අනිත් ළමයිගේ අධ්‍යාපන මට්ටමට තමන් සුදුසු කෙනෙක්ද කියා මැන ගන්න පුළුවන් වෙන්නේ
සිංගප්පූරු සරසවි සිසුවොත් නිදහස් අධ්‍යාපනය ඉල්ලා පන්ති වර්ජන පටන් ගනීවි. සහයෝගිතා ඇති වුනාට කමක් නැහැ නමුත් සිංගප්පූරු සරසවි සිසුවොයි අපේ අයවයි එකට මුණ ගස්සන්න එපා. සිංගප්පූරු සරසවි දරුවෝ මේ අයගෙන් සියලු වැඩ ඉගෙන ගනීවි. සිංගප්පූරු සරසවි සිසුවො රබර් සෙරෙප්පු දාගෙන සරසවියට යන්න පටන් ගනීවි.
දැන් දොස්තරලා මේ ගැන වර්ජනය පටන්ගන්නේ කවදාද?
මම මේ විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දින 14ක් ගතකල .අපේ මහාචාර්ය වරයෙක් මුණගැසුනා ඔහු කී පරිදි මෙය ඉතා විශිෂ්ට විශ්ව විද්‍යාලයක් හරිම ලස්සන පරිසරයක තියෙන්නේ අපේ පේරා වගේ ගොඩක් දුරට............
අපේ පේරාදෙණි සරසවියට ජය වේවා !