(බිඟුන් මේනක ගමගේ සහ හර්ෂණ තුෂාර සිල්වා)
මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මහජනතාවගෙන් සමාව ඉල්ලයි.
ඡන්ද මධ්‍යස්ථානවලින් ලැබෙන ප්‍රතිඵල අනුව මැතිවරණ ප්‍රතිඵල ස්වයංක්‍රීයව යාවත්කාලීන වීම සඳහා යාන්ත්‍රණයක් සකසා තිබූ නමුත් සැලසුම් කළ පරිදි අදාළ දත්ත නොලැබීම නිසා මෙම තත්ත්වය උද්ගත වී යැයි සිය නිල වෙබ් අඩවිය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම කියයි.
මැතිවරණ කොමිසම වෙත ලිඛිත ආකෘතියකින් දත්ත ලැබීම සිදු වූ බැවින් පරිගණක පද්ධතියට ඒවා ඇතුළත් කළ නොහැකි යැයි ද කොමිසම පවසයි. එම නිසා මැතිවරණ ප්‍රතිඵල ස්වයංක්‍රීයව යාවත්කාලීන කළ නොහැකි යැයි ද ඒ නිසා පරිගණක පද්ධතියෙන් බැහැරව අදාළ ප්‍රතිඵල ලේඛන අතින් සකස් කිරීමට සිදුව ඇතැයි ද කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.
අදාළ නිවේදනය පහත දැක්වෙයි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලොත් උක්කුන් බබා ගේමයි
සමාව ඉල්ලලා මදි දඩුවමක් ලැබිය යුතුයි මැකොට විතරක් වෙනම නීතියක් තියෙන්න බෑ රාජ්‍ය සේවකයන්ට ලක්ෂයක් දඩ ගහල හිරෙ දානව කාව්ව පොලිස් නිළධෘරියෙකුෙග වැඩ තහනම් කරල තියෙනව ඔක්කොම නීති පොඩි උන්ට විතරද -
ප්‍රතිඵල ප්‍රමාදයේ ඇත්තම කතාව මේකද..
ප්‍රතිඵල ලබාදීම සඳහා මාධ්‍ය ආයතන වලින් රුපියල් 100000 පමණ මුදලක් අයකළ මෙම මුදල් වලට සිදුවුණේ කුමක්ද?
ඒ්ක මහ විකාර කතාවක්නේ. මැතිවරණ කොමිසමට දත්ත එවන්නේ මැතිවරණ නිලධාරීන්මනේ. තමන්ගේ දෙපාර්තමේන්තුව ඇතුලේ වැඩ ටිකවත් හරියට සම්බන්ධීකරණය කරගන්න බැරිද