ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවල හා කොට්ඨාශවල ඡන්ද ගණන් කිරීම් අවසන් වී ප්‍රතිඵල තේරීම්භාර නිලධාරීන් වෙත ෆැක්ස් සහ දුරකථන හරහා ලැබී ඇති නමුත් අතින් ගෙන එන ප්‍රතිඵල ප්‍රකාශ සසඳා බැලීමට තේරීම්භාර නිලධාරීන්ට සිදු වී ඇති බැවින් ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
එමෙන්ම එකම කොට්ඨාශයේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේ දී තැපැල් ප්‍රතිඵල එකතු කර ප්‍රකාශ කර ඇති නමුත් සමහර ස්ථානවල තේරීම්භාර නිලධාරීන්ට ෆැක්ස් මඟින් ඒවා ඇත්තේ ප්‍රතිඵල වාර්තා දෙකෙන් එකක් පමණක් බැවින් සමස්ත ප්‍රතිඵලය සකස් කිරීමේ දී නැවත නැවතත් පරීක්ෂා කිරීමට තේරීම්භාර නිලධාරීන්ට සිදුවී ඇති බවත් ඒ මහතා නිවේනදයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
එම නිසා ඒ ඒ පළාත් පාලන ආයතනවල සමස්ත ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට තවත් සැලකිය යුතු වේලාවක් ගත වනු ඇති බව ද ඒ මහතා කියයි.
පළාත් පාලන ආයතනයක සියලූම කොට්ඨාශවල ප්‍රතිඵල තේරීම්භාර නිලධාරීන් දත්ත පද්ධතියට ඇතුළත් කරන තෙක් එම පළාත් පාලන ආයතනයේ සමස්ත ප්‍රතිඵලය මාධ්‍ය වෙත නිදහස් කිරීමට හැකියාවක් නොමැති බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලය පවතින රජයට අවාසි සහගත ප්‍රතිඵල ප්‍රමාද වී නිකුත් කිරීම අපේ පැරණි චාරිත්රයක්නේ...
පසු ගිය ජනාධිපතිවරනයේදී එකට හිටපු පක්ෂ බලුවහව මහින්ද තවම අඩුයි .
ඇන්දුවා වගේම ඇනගත්තා නේද?
8.30 වෙද්දී ප්‍රතිපල දෙනවයි කිවූ මැකෝ මේ කියන්නේ පට්ට කෙබරයක් බව ජනතාවට රහසක් නොවේ. පාර්ලිමේන්තු හෝ ජනාධිපතිවරනයේදීත් ප්‍රතිඵල දීමට මෙතරම් පමා නොවිය. මේ කරන්නේ පවතින ආණ්ඩුවට කඩේ යාමක් බව ජනතාවට හොඳහැටි පැහැදිලි බව පමණක් ලියා තබමු!
මැකො සභාපති කොහොම, මොනවා කිවුවත් ප්‍රතිඵල නිකුත් කිරීමේ අදියරේදී විවිධ අඩුපාඩුකම්, අකාර්යක්ෂමතාවයන් සිදුවී තිබෙන බව මනාව පැහැදිලි වෙනවා. මේ පුංචි ඡන්දවලදී මෙහෙම පරක්කු වෙනවා නම් ජනාධිපතිවරණයකදී හෝ පාර්ලිමේන්තු මැතිවරණයකදී කොහොම වෙයිද? පළමු ප්‍රතිපලය දුන් එම පළාතේ නිලධාරීන්ට මෙවැනි අඩුපාඩුකම් නොතිබුණද? ඔවුන්ට අපේ ආචාරය! කොහොම උනත් මේ දුර්වලතාවයන්ට මැතිවරණ කොමිසම සම්පුර්ණ වගකීම භාරගත යුතුය!
"නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත් පට්ටයක් " කියුවලු. මැතිවරණය තියන්න ඕනේ වෙලාවක ලෑස්තියි කියමින් අවුරුදු ගණනක් නිකන් ඉදල දැන් ප්රතිළල නිකුත්කරගන්න බැරුව විකාර කියනවා. මෙයාගෙත් සද්දේ විතරයි. වැඩ අන්තිමයි.
එහෙත්දැනට කොමිසම ස්වාධීනයි.
ඔයා කිසි පළපුරුද්දක් නැති කෙනෙක්ද? පොහොට්ටුව රටම හෝදගෙන ගිය නිසාද ඔය හුටපට. ලැජ්ජයි
මැකොගෙ නීති අහිංසක පොදු මිනිසාට විතරයි ඉල්ලා අස්වෙන්ඩ කරැණාකරලා - සමාව කන්ඩද