IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ප්‍රතිඵල එයි: මෝදි ඉදිරියෙන්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වනවිට ආරම්භ වී ඇත.

දින 44 ක් තිස්සේ, අදියර 7 ක් යටතේ මහ මැතිවරණය පැවැත්වුවත්, ඡන්ද ප්‍රකාශ කිරීම සිදුවන්නේ ඉලෙක්ට්‍රොනික යන්ත්‍ර ආධාරයෙන් බැවින්, ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ද කඩිනමින් සිදුවෙයි.

අද (4) උදෑසන 8 ට, පළමුවෙන් ගණන් කිරීම සිදුවූයේ තැපැල් ඡන්ද වන අතර, අනෙක් ඡන්ද ගණන් කිරීම 8.30 ට ආරම්භ විය. මේ වනවිට මැතිවරණ ප්‍රතිඵල ඉතා වේගයෙන් නිකුත් වෙමින් පවතී. 

උදෑසන 8.45 වනවිට අග්‍රාමාත්‍ය මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය, ලොක් සභාවේ ආසන 543 න්, ආසන 184 ක් දිනා සිටියේය. ‘ඉන්දියා’ නමැති ඉන්දීය විපක්ෂ සන්ධානය දිනා සිටියේ ආසන 127 කි. බහුතරය සඳහා ආසන 272 ක් අවශ්‍ය වෙයි.

මෙවර මැතිවරණයේ දී අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ ඉලක්කය ආසන 400 ක් දිනා ගැනීමය. එසේ කිරීමට නම්, දකුණු ඉන්දීය ප්‍රාන්ත ඡන්ද දිනා ගැනීම කළ යුතුය. 

දකුණු ඉන්දීය ප්‍රාන්ත විපක්ෂ බලකොටු ලෙස සැලකෙයි. මේ වනවිට දකුණු ඉන්දියාවේ ප්‍රාන්ත බොහොමයක බලය තහවුරු කර ගැනීමට ‘ඉන්දියා’ විපක්ෂ සන්ධානය සමත් වී සිටී. එහෙයින් මෝදිගේ ආසන 400 සිහිනය බොඳ වනු නිසැකය.

(එන්.ඩී.ටීවී.)

 



අදහස් (4)

ප්‍රතිඵල එයි: මෝදි ඉදිරියෙන්

BITTER TRUTH Tuesday, 04 June 2024 09:51 AM

ආණ්ඩුව සහ බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRAGRAM , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . තවද පොහොට්ටුවේ පිරිසක් මාලිමා රැස්වීම් වලට ගිහින් මාලිමාවේ කට්ටිය වගේ එතන ප්‍රශ්න ඇතිකරන එක තමා අලුත්ම ප්ලැන . ජනතාව අවදානයෙන් .

:       19       14

එරංග Tuesday, 04 June 2024 11:19 AM

බිටර් ට්රුත් වැනි ඔල්මාදකරයන් සිටින තුරු රාජපක්ෂවරු වඩාත් පහසුවෙන් ලංකාවේ දේශපාලන පිටියේ සැරිසරනු ඇත. මක්නිසාද යත් මෝදී ගේ ජයග්‍රහණය පිලිබඳ ලියවුනු පුවතක් අල්ලා ගෙන මෙවැනි මනස්ගාත කෙටිය හැකි වන්නේ අමු පිස්සකුට පමණි.

:       1       3

උපුල් Tuesday, 04 June 2024 12:51 PM

හොඳම බොරුව කියන කෙනාට....

:       0       1

MArikkar Tuesday, 04 June 2024 02:27 PM

මෝදිට ගෙදර යන්න වෙයි වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 14 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site