2014 ශ්‍රි ලංකාවේ  උසස්ම ගණයේ  විද්‍යාත්මක පර්යේක්ෂණ සදහා  පිරිනමන ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ  පර්යේෂණ කමිටු  සම්මානය 2014 මහාචාර්ය ප්‍රිති උඩුගම මහත්මියට හිමි විය. ඇය තම පර්යේෂණ පුරා  වසර  විස්සක් මුළුල්ලේ  සිදුකරන ලද්දේ  කොළඹ  විශ්ව විද්‍යාල විද්‍යා පීඨයේ  සත්ත්ව විද්‍යා අංශය පාදක කරගනිමිනි.

විවිධ දිසා ඔස්සේ ඇය  පර්යේෂණ සිදු  කර  ඇත. එහිදි මැලේරියා  රෝග ආශ්‍රිත පර්යේෂණයන්ගේ  සිට ශ්‍රී  ලාංකික පෘෂ්ඨ වංශිකය  ආශ්‍රිත පරපෝෂත විශේෂ පිළිබඳව වැඩිදුර අධ්‍යනයක්ද ස්වභාවික අමුද්‍රව්‍ය මඟින්  ප්‍රතිශක්ති ජනනයයට තුඩු දෙන සංඝටක නිස්සාරණය කරගැනීමේ පරික්ෂණයක්  ප්‍රජනන ප්‍රතිශක්ති විද්‍යාත්මක අධ්‍යයනයක් , වැලිගම පොල්පත්‍ර මැලවීමේ  රෝගය සඳහා  ප්‍රතිදේභ /අණුක විද්‍යාත්මක රෝග නිර්ණය ක්‍රම හඳුනාගැනිමේ  අධ්‍යනයන්, පාරිසරික  ධුලක විද්‍යාත්මක පර්යේෂණ මුඛ හා  ප්‍රසනික පිළිකා  ආශ්‍රිත ප්‍රතිදේභ /අණුක විද්‍යාත්මක පර්යේෂණ දක්වාම ඇයගේ පර්යේෂණ විහිදි  ගොස් ඇත.

1985 කොළඹ විශ්ව විද්‍යාලයයේ  දර්ශනවේදි උපාධිය හදාරමින්  ආරම්භ කරන ලද මැලේරියා රෝගය ආශ්‍රිත වසංගතවේදි  පර්යේෂණ සිදු  කිරිම ඇයගේ පර්යේෂණ දිවියේ  මුලාරම්භය ලෙසින්  සනිටුහන්  වෙයි. විද්‍යාපති  හා  දර්ශනවේදි  උපාධි  කොළඹ  විශ්ව විද්‍යාලයෙන්  හිමි කරගත්  ඇය පශ්චාත්  දර්ශනවේදි  පුහුණුව සඳහා කැනඩාවේ  නිව් බ්‍රන්ස්වික්  විශ්ව විදයාලයට  යාමට  කැනඩා ශිෂ්‍යත්වයක් දිනා  ගෙන සිටි.