බුද්ධ දේශනාවේ සූත‍්‍ර 18000ක් අන්තර්ගත කර ශ‍්‍රවණය කළ හැකි විද්‍යුත් ස්ථූපයක් නිර්මාණය කැර ඇත. බුද්ධශාසන හා ආගමික අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් විශ්වබල ධර්ම යාත‍්‍රා නමින් මෙම වැඩසටහන ආරම්භ කර ඇත්තේ නවීන තාක්ෂණය භාවිත කර බුදු දහම ලොව පුරා ප‍්‍රචලිත කිරීමේ මාධ්‍යයක් ලෙසිනි.
ආචාර්ය නන්දදාස නාරායන මහතා ප්ලාස්ටික්, වීදුරු හා ලෝහ ආශ‍්‍රයෙන් නිර්මාණය කර ඇති අඟල් 9ක් පමණ උස මෙම විද්‍යුත් ස්ථූපය පරිගණක චිප් උපාංගයක් යොදා ශ‍්‍රවණ මාධ්‍යයෙන් පිරිත් සූත‍්‍ර ගබඩා කර තිබේ.
ස්ථූපය වටා තලය ඇඟිල්ලකින් ස්පර්ශ කිරීමෙන් පිරිත් හඬ ප‍්‍රචාරය වීමත් වෙනස් කිරීම හෝ තෝරා ගැනීම කළ හැකි වේ.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශා..... හරි ආස හිතෙනවා ..නියම වැඩක් ... මම එකයි අමන්ත ... (දී)
මම අපේ අචිචිව කොම්පුටර් පන්තියකට අරින්ද ඕනෑ . කොහෙද හොඳ. (දී)
සූත්ර පිටකය කියවගන්න වේලාවක් නැති අපහට මෙසේ ශ්‍රවණ්‍රය කරන්න ලැබීම කොයි තරම් භාග්‍යක්ද ..ඔබ නියම බුද්ධ පුත්‍රයෙකි..(ස.වි)
ඇති විසිස්ට වැඩක් .මෙයට දායක උන සියලුම දෙනාට බොහෝ කුසල් අත්වේවා ! (දී)
මටත් එකක් ගන්න අවශ්‍යයි. (නි)
ඇත්තටම හොද වැඩක්. (නි)
අපිටත් ගන්න ක්‍රමයක් කිවුවානම්. (අ)
මෙවන් දේ කරන අයට බොහෝ පින් (අ)
අපේ රටට ඔන මේ වගේ අලුත් දේවල් සොයා ගන්න. බොහෝම වටිනා වැඩක්. හැබැයි ස්වාමීන් වහන්සේලා පරිගනකයට වහල් වෙන්ඩ නම් එපා එහෙම වුනොත් තමන්ගේ ධාරණ ශකිතිය නැති වෙනවා. (අ)
දැන් ඉදිරියෙ දී හාමුදුරුවර් අවශ්‍යය වෙන්නෑ. මොකද විද්‍යුත් මාර්ගෙයන් පිරත් අහන්න පුලුවන්. අනේ මන්දා (අ)
ඔබ නියම බොදු පුතෙක්. අපේ ප්‍රණාමය (ත)
මේකනම් පුදුමාකාරයි.කරුණාකර මින් එකක් ලබා ගන්නේ කෙසේදැයි පවසන්න. (නි)
පිරිත් අහන්න සෑය අල්ලන්න නෙවෙයි, අල්ලන්න මිනීමරුවන්ව......(පුෂ්පකුමාරි මෙනවිය දිවි බේරා ගැනීම සඳහා මිනීමරුවන් හා සටන් කළ බව පෙනේ යැයි ද ඇගේ හිසට තියුණු අවියකින් 12 වරක් ගසා ඇගේ සායෙන් හිස බැඳ ඇතැයි ද පොලිසිය කියයි. මිනීමරුවන් මෙතෙක් අල්ලාගෙන නැත.) මේ ජාතිය රටේ ප්‍රශ්න වලට විසදුම් මග හරින්න කරන උප්පරවැට්ට මේවා. මේක රට වටේ අරගෙන ගියානම් තවත් නියමයි. (නි)
මෙන්න රටක් වටින මිනිස්සු,,,,,,,,, (දී)