නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජේසේකර මහතාගේ රියැදුරෙක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමෙන් අද රුපියල් දහසක දඩ කොළයක් ඉල්ලා ගත්තේය. දින කිහිපයකට පෙර නියෝජ්‍ය ඇමැති සමග ගමන් කරද්දී පැයකට කිලෝමීටර් 169ක වේගයෙන් රිය පැදවී යැයි නියෝජ්‍ය ඇමැති රියැදුරාට දඩ කොළයක් දුන් විට එය රුපියල් 1500ක් ද සමග පොලිසිය දෙසට විසි කැර පොලිසියට ද බැණ වැදී ඇතැයි පොලිසිය කියයි. මේ ගැන පරීක්ෂණයක් ඇරඹීමත් සමග නියෝජ්‍ය ඇමැතිගේ වෙනත් රියැදුරකු එහි ගොස් දඩ කොළය ලබාගෙන ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඇහුවහම පිටරට ජීවත්වෙන අපිට අනෙක් රටවල අය හිනාවෙන්නේ කටින් නෙමෙයි (ස)
සල්ලි ගෙවලා අධිවේගේ යනකොට දඩ ගහන එක සම්පූර්ණයෙන්ම වැරදියි. එහෙනම් අධිවේගේ කියන නම නැතුව මදවේගේ කියලා දාන්න. (නි)
පොලිසියේ රාජකාරියට බාධා කළාට කිසි කෙනෙකුට විරුද්ධව කටයුතු කරන බවක් පේන්න නැහැ. මේක හොඳ පාඩමක් නොවෙයි. දේශපාලකයන්ට නීතියක් නැහැ කියන එක ඔප්පු කිරීමක්. (නි)
රට ගැන කැක්කුමත් තිබෙන පොලිස් නිලධාරීන්ට අපි ගරුකරමු. (නි)
දැන් දඩකොළ ගන්න, පිස්තෝල දෙන්න වගේ හැම වැඩේටම එන්නේ රියදුරන්. (නි)
මේවට කියන්න වචන නැහැ. (නි)
පහත් තැනින් යයි ගලා ජලේ.. පොලිසිය එක්ක ගියානම් ජොබ් එකත් නැහැ.. ඇමති එක්ක ගියානම් නඩු නැහැ.. (නු)
පහත් තැනින්යයි ගලා ජලේ ...........මේක හරියට ගෙදර ගියොත් අඹු නසි මග හිටියොත් තෝ නසී වගේ වැඩක් (ස)
මේ වගේ අය බලය පාවිච්චි කරලා කරන වැඩ වලට ඒ අයගෙන් සමාව ගන්න කියන්න තිබුණේ..!(නු)
පොලිස් අණ නොපිළිපැද්දට දඩුවම් කරන්න ඕන.. සාමාන්‍ය මිනිසෙකුට ඔහොම හැසිරෙන්න පුළුවංද? නීතියට ගරු නොකරන පාලකයෝ කොහොමද රට හදන්නේ..!(නු)
මේ වගේ අය පාර්ලිමේන්තු යවපු අයගෙයි වරද . මේ අය හොඳ පාර්ලිමේන්තුවට නෙමෙයි .............................(ස)
ලංකාවේ ඉන්න අයටගේ මෝඩකම් නිසයි මේ වගේ අය හැම තැනම රජ කරන්නේ (ස)
රියදුරු වෙනුවට වෙනත් රියදුරෙකුට ඉදිරිපත් වෙන්න පුළුවන් ද ? එක් මාර ෂෝක් නේ. මම කියන්නේ දැන දැන වෙනත් රියදුරෙකුට දඩ ගහපු පොලිස් නිලධාරියාට දඩ ගහන්න ඕන. (ස)
කොහොමත් මෙයාලගේ පවු අසරණ අපි තමයි ගෙවන්නේ. (නි)
අපිටත් බැරිද දන්නේ නෑ හයියෙන් ගිහිල්ලා අයේ පස්සේ ඇවිත් දඩ කොලයක් අරන් යන්න (ස)
නියමයි මේ ක්‍රමය අපටත් කරන්න පුළුවද? (නු)
මේ නියෝජ්‍ය ඇමතිට ප්‍රවාහන ඇමතිකමක් දෙන්න..! රටකට යන කල..!(නු)
මේවගේ පහත්වැඩ කරන අය පන්නන්න ඕන..!(නු)
18 විවස්ථාවට ජය වේවා (ස)
1500/= ගෙවන්නෙත් අපේ සල්ලි වලින්නේ , වාහනයක් මොහොකහරි හප්පගත්තත් ගෙවන්න ඕනි අපි (ස)
නලින් ,ඔයා එහෙම කලොත් ඔයාට පොලිස් කුඩුවේ තමයි ඉන්න වෙන්න , අපේ පොලිස් හරි වසයි. (ස)
අබුද්ධස්ස කාලේ (ස)
ලොකු කම් දාන්න ගිහින් නිකන් කිච උනා නේ? දැන් වත් හැදුනොත් ඇති. (ස)
අසරණ මහජන සේවකයෙක් (ස)
කට්ටියගේ වැඩ පේනවා නේද ? (ස)
බොරු වැඩ !!අපි දඩ කොලේ විසි කරලා ගියානම් පොලීසිය මොනවා කියයිද ?? නිකන් විහිලු සපයන්න එපා !! (ස)
මහජන ඡන්ද හිගාකන්නන් කොහොමද හොද මිනිසුන් වෙන්නේ? (නි)
එදා සල්ලි වලින් දමලා ගහලා ගියාට ඔය ෂෝක් එකට දඩ කොළේ ගන්න ඇවිල්ලා තියෙන්නේ. (නි)
මෙහෙම දඩ කොළයක් පස්සේ ඇවිල්ලා ගන්න එක හැමෝගෙම අයිතියක්ද එතකොට? (නි)
හූ හූ.... හොඳ වැඩේ.... ලංකාදීපෙට පින් සිද්ධ වෙන්න මෙයාගෙ නමත් හෙළිවුණ නිසා ලැජ්ජාවෙන් බේරෙන්න ආපහු ඇවිත්! (නි)
ඇයි අපේ රටේ නීතිය අසමාන? මේ දේශපාලකයින් නීතිය යටතට අයිති නැද්ද? (නි)
ආශාවෙ ඉවසන්න බැහැ, ලංකාවෙ නීතිය ගැන. (නි)
රියදුරාට දඩ කොළේ දීලා හරියන්නේ නැහැ. ඇමතිතුමාගේ දින පහක පඩිය කපන්නත් ඕනෑ. (නි)
බල්ලන්ගෙ වෑඩ බූරුවන් කරපු කතාවල් ඉතිහාසෙ තියෙනවා. හරිම ලස්සනයි! (නි)
මේ ඇමතිගේ නම ඇහුවෙත් අද. (නි)
දඩ කොළය ගන්න ඇවිත් තියෙන්නේ වෙනත් පුද්ගලයෙක් නම්, මම අහන්නේ වැරැද්දක් නොකරපු කෙනෙකුට කොහොමද පොලිසිය දඩ කොළයක් දෙන්නේ? (නි)
මොනවා කරන්නද? අපේ කරුමය තමයි. (නි)
කොහොමද එහෙම දඩ කොල නිකුත් කරන්නේ , මෙය නීති විරෝධීයි (ස)
මේවා නොමිලේ ප්‍රසිද්ධ වෙන්න කරන වැඩද මන්දා? (නි)
මෙයාලා නීතියට බයයි. කවුරු හරි බේරගන්න නිසා තමයි සෙල්ලම් කරන්නේ. (නි)
ඔබගේ බලයට වැඩිය ජනතා බලය සැරයි කියලා මතක තියාගත්තොත් හොදයි. (නි)
අනේ පවු. එයාට කරපු වරද තේරෙන්න ඇති. පස්සේ දඩ කොළේ ගන්න එන්න ඇති. පොලිසිය වරදට සමාව දීලා දඩ කොළේ දෙන්න ඇති. එහෙමයි අපේ ශ්‍රී ලංකා පොලිසිය. (නි)
බැන වැදුනට ඇමතිට එරෙහිව පියවර ගන්න (අ)
ඇමතිවත් දන්නේ නැද්ද වේග සීමාව. මේ වගේ අය කොහොමද රටක් පාලනය කරන්නේ (අ)
ඇමැති වුණාම ඕන දෙයක් කරන්න පුළුවන් කියන කට්ටියට හොඳ පාඩමක්.රජ්‍ය දේපල හැමොටම සම විය යුතුයි පොලිසි මහත්තුරුන්ට මගේ ප්‍රණාමය. (අ)
අන්තිමට නීතිය ජය ගත්තා. ඇමතිකම ජන බලයට යටත් වුණා. (නි)
මේකද රටේ නීතිය? නියම වැරදිකරුවො යහතින් ඉන්දැද්දි චුදිතයන් විදියට ඉදිරිපත් වෙන්නේ වෙන කණ්ඩායමක්. (නි)
මෙවැනි ක්‍රියාවන්ට දඬුවම් කළයුතුයි. පොලිස් අණ නොපිළිපැදීම උසාවියකදී දඬුවම් ලැබියයුතු වරදක්. අනෙක, අධිවේගයට දඩය රුපියල් 2000. මෙතැත 50% ඞිස්කවුට් එකකුත් දීලා. (නි)
අපි ඡන්දය දුන්නේ රටේ චණ්ඩිකම් කරන්න නෙමෙයි. (නි)
මේ අයගේ නිකන් සද්දේ විතරයි. (නි)
මේකෙ ලියලා තියෙන ඒවා තේරෙන්නේ නැද්ද දන්නේ නැහැනේ..වේග සීමා එහෙම..!(නු)